Episode 17

114 37 2
                                    

#The_Devil_Of_The_Devils ☠️
Episode 17

"යක්ෂයන්ගේ යක්ෂයා වූද, තුන් ලෝකයටම අධිපති බලවන්තයා වූද, සැමගේ නායකයා වූද මහා ඇස්මොඩීයස්ගේ පුත්‍රරත්නය වූ..."

"සැරදේවා ඒඩ්න් ඇමනෙඩියෙල් වින්චෙස්ටර්...!"

මගේ කකුල් පණ නැතුව ඇදගෙන වැටුණා. මුළු සිරුරම ගැහෙද්දි එකම එක වතාවක්, තව එකම එක වතාවක් ඒ රූපෙ දකින්න මං ඇස් ඉස්සුවා.

ජේකබ්... මගෙ ඉස්සරහින් රිදී ඔටුන්නකුත් කළු ලෝගුවකුත් දරාගෙන දැවෙන දෑසින් මං දිහා බලන් හිටියා.

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

ජේකබ්... ජේකබ් ස්ටෑන්... මගෙ කසීන්... මගෙ ආදරේ... මගෙ හැමදේම...

කදුළු වැල් කම්මුල් සිපගද්දි මං බිම බලාගෙන ඇඩුවා. ඇබිගෙල්ගෙ අපක්ෂපාතීකම, ජේ ජේගෙ රැවටීම්, ඒ හැමදේකටම වඩා අවුරුදු ගාණක් මාත් එක්ක හිටපු ජේකබ් මේ තරම් මාව රැවැට්ටුව එක මට හිතාගන්න බෑ.

"පියාණනි..."

ජේකබ්‍ රතු පලස උඩ දණ නැමුවා.

"පැවරුව රාජකාරිය මාත් ජේසනුත් ඉෂ්ට කරා"

ඇස්මොඩීයස් ඔළුව වැනුවා. මිනිහා හිනා වෙනවා කියලවත් පේන්නෙ නෑනෙ.

"මම එය දැන සිටියා. ඔබට අවසරයි"

මං ඇහිපිය ගහන පමාවට ඒඩ්න් වින්චෙස්ටර් ඇස්මොඩීයස්ට එහා පැත්තෙ වාඩිවෙලා හිටියා. තේජස පිරුණු, හිනාවක් නැති දෑස් වලින් බලාගෙන හිටියෙ අරමුණකින් තොරව.

"මුන්ව අරන් පලයන් ඇග්‍රගෝන්... හිර කුටියකට දාපන් හෙට රෑ වෙනකන්"

ආසන පේළි දෙපැත්තෙ හිටපු, ඒඩ්න් වින්චෙස්ටර් අපි ඉස්සරහා ප්‍රාදුර්භූත වෙන්න කලින් රතු පලස උඩ හිටපු කළු ලෝගුවක් ඇදගත්තු කෙනා කිව්වා.

"ඔව්... බෑෆොමෙට් කිව්ව විදිහට කරපන්. මුන් ඔක්කොම යුද්ධෙට කලින් මරන්න ඕනි"

ඇස්මොඩීයස් කිව්වෙ ආපහු ඔළුවවත් හොලවන්නෙ නැතුව ගල් පිළිමයක් වෙලා. ජීවී බවකින් යුක්ත වුණත් ඒඩ්නුත්,ජේසනුත් රිදී ඔටුන්නු දරාගෙන කළු ලෝගු ඇදගෙන හැගීම් වලින් තොරව ඉස්සරහා බලන් හිටියා. අනික් හැම ආත්මයක්ම, එහෙමත් නැත්නම් ඇටසැකිලි ඔළු තියන දහදෙනාත් කිසිම චලනයක් නොකර එකිනෙකාගෙ මූණු දිහා බලන් හිටියා.

The Devil of the DevilsWhere stories live. Discover now