#The_Devil_Of_The_Devils ☠️
Episode 35
#Final_Episode"ඊඩ්න් වින්චෙස්ටර් වන මම.. මායාවේ අසිපත මා වෙතට පැමිණෙන ලෙසට අණ කරමි..."
ගාම්භීර කටහඬක් මගේ මනස ඇතුලෙන් මාව මෙහෙයවමින් අණ දුන්නා!
❌❌ ❌ ❌ ❌ ❌ ❌ ❌
මොකක්?
නෑ...
ඒක වෙන්න දෙන්න බෑ...
මට කොහොමද එහෙම බලයක්?
නැහැ...
මං මගෙ හිත පාලනය කරන්න හදන ඊඩින්ට ඉඩ දෙන්න බෑ. මං කීයටවත් ඒක කරන්න ඉඩ දෙන්නෙ නෑ.
ඒක කරන්න හුගක් අපහසුයි. අපි වටේට තියන ආරක්ෂක වළල්ල ඉතා දුර්වල වෙලා තුනීම වෙලා තියෙද්දි විරුද්ධ පක්ෂයේ ඒ කියන්නෙ අපේ සහයට හිටපු හැම දෙවි කෙනෙක්ම දුර්වල වෙද්දි ඇස්මොඩීයස් ඇතුළු බලවත් යක්ෂයින්ගෙ මහා බලයෙන් ආරක්ෂක වළල්ල දුර්වල වෙලා අපිට පහර දෙන්න බලන් ඉද්දි මං මගෙ ජීවිතේ ගැන ඇතිවුණ බය, මට මං ගැනම ඇතිවුණ බය එක්ක එක අතකින් සටන් කරන්න වෙලා තිබුණා. අනික් අතින් හිත එක්තැන් කරන් අවදානය යොමු කරන්න වුණා.
"උඹ පරාදයි..."
ඊඩ්න් වින්චෙස්ටර් කුරිරු හිනාවක් එක්ක කියද්දි දුර්වල වීගෙන ආව මගේ සිරුරම ක්ෂණිකව රත් වෙන්න ගත්තෙ කෝපයෙන්.
ෂින් ආරාමයෙදි අපිට මනස පාලනය කරන්න ඉගැන්නුව ඊළග දෙවිවරුන්ගෙ ලොක්කා වෙන්න හිටපු ඊඩින්? ජේ ජේගෙ වැඩිමහල් සහෝදරයා ඊඩ්න්? මායාවේ අසිපත විනාස කරන්න නොදී?
"මම... කවදාවත්... ඒක... වෙන්න... දෙන්නෙ... නැහැ..."
ඒ වෙලාවෙ මං මගෙ හිතටම තදින් මුමුණගත්තා.
අපි ජීවත් වෙනකොට අපේ ජීවිතේ,අපේ ශක්තීන්, අපේ පැවැත්ම කවුරුහරි කෙනෙක් මත්තෙ හෝ මොකක්හරි දෙයක් මත්තෙ රදා පවත්වනවා නම් ඒක තමා අපේ ලොකුම දුර්වලකම. ඒ හැමදේම අපි ඒ දේ හෝ කෙනා උඩ තියනවා නම් සියල්ල අහිමි වුණ දවසක ස්ව උත්සාහයෙන් නැගී ඉන්න අපිට බැරි වෙනවා.
ජීවිතේ හැමෝම හා බැදුණු සතුටු,සුන්දර මතක... හිත එක තැනක රදවගන්න මං මේ තරම් කාලයක් පාවිච්චි කරපු ඒ හැම මතකෙකින්ම මිදිලා ඒ මොහොතේ ඒ තත්පරේ මම මගේ මනස මම තුළම හිර කරගත්තා. හිත එකග කරගන්න ඒඩ්න්වවත් යොදා නොගෙන. ඇස් වලට පේන කළු කුහරය තුළම ඉතාමත් තදින්, කාටවත් ගලවන්න බැරි බැදීමකින් ශක්තිමත් විදිහට හා ස්ථාවරව මං මගෙ මනස එක් තැන් කරගත්තා.
YOU ARE READING
The Devil of the Devils
Fantasyතමන්ගෙ ආදර සම්බන්ධතාව බිද වැටුණ බෙලිස්සා ස්ටෑන්ගෙ ජීවිතේට අත්භූත ඉශ්ට දෙවියෙක් හම්බෙනවා! මොනවා? ඉෂ්ට දෙවියෙක්?