Episode 07

167 43 11
                                    

#The_Devil_Of_The_Devils
Episode 07

"මායාව ඔබ හැමදෙනාම තමන් විසින් උගෙනගත යුතු දෙයක්.. "

කටහඬ නැවතුණා...

"Welcome to the session... 147!"

මං අඩිය තියනවත් එක්කම ඇහුණා.. එහෙම්මම නැවතුණ මං ඉස්සරහා බැලුවා..

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

"අපි පුහුණුවීම් පටන්ගත්තෙ හරියටම නමයට... දැන් නමයයි දහයයි..."

උස, කඩවසම් කොල්ලෙක් ඇවිල්ලා මගෙ ඉස්සරහින් හිටගත්තා.. මං කොරිඩෝව දිගේ එනකොට ඇහුණ කටහඩේ අයිතිකාරයා එයයි.. සාමාන්‍යයෙන් මිනිස්සුන්ගෙ ඇස් දිහා කෙලින් බලන්න අපහසු දැනෙන මං ශාලාවෙ මුල්ලක් දිහා බලාගත්තා..

"ඔයා අංක 147 එහෙමත් නැත්නම් වාසනාවන්ත නයිට්වරයා වෙනවා කියලා අනාවැකි පහළ කරපු හින්දද මේ විශේශ අවදානයක් දිනාගන්න හදන්නෙ?"

මොකක්? වාසනාවන්ත නයිට්වරයා? අනාවැකි? මං මිනිහාගෙ මූණ දිහා බැලුවා.. ඒ මූණෙ හුරු ගතියක් නොදැනුණා නෙවේ..

"එහෙමද හිතන් ඉන්නෙ?"

මං කියාගන්න දෙයක් නැතිව හොදටෝම බය වෙලා හිටියා.. ඒ වගේම මගෙ හිත ඇතුළෙන් මාව මේකට ඇදලා දැම්ම ජේ ජේ ගැන කියාගන්න බැරි වෛරයක් ඇතිවුණා..

"තරහව පාලනය කරගන්න බැරි කාටවත් හොද මායාකාරයෙක් වෙන්න බෑ... කොච්චර අනාවැකි කිව්වත්..."

මිනිහා හෙමින් කිව්වා.. ඒ එක්කම තවත් කටහඩක් ඇහුණා..

" ඇවිත් ඉදගන්න..."

වේදිකාවෙ කෙළවරක තිබුණ ලොකු ආසනයක එරමිණියා ගොතාගෙන ලොකු සුදු රැවුලක් තියන වයසක දෙවි කෙනෙක් ඉදගෙන හිටියා.. අනන්‍යතාව තිබ්බෙ එයාගෙ නළල වටේ තිබ්බ රත්තරන් පාට පටිය..

'දෙවියෙක්..'

මං මටම කියාගත්තා.. මගෙ ජීවිතේ දෙවියොයි මායාකාරයොයි යක්සයොයි එක්ක වෙනස් වෙන්නයි යන්නෙ.. මට ඒක නම් විශ්වාසයි...

සේවිකාවක් මාව මැද හරියක ඉන්දෙව්වා.. අඩියක් විතර උස ලී මේසෙකුත් ඉදගන්න පාවිච්චි කරන කොට්ටත් හැරෙන්න එතන ලිපිද්‍රව්‍ය මොකුත් තිබුණෙ නෑ.. දෙයියන්ගෙ ලෝකෙ නෙවේ යක්සයන්ගෙ ලෝකෙදි පවා පිටුපස ආසන පිස්සො ඉන්නවා කියලා ප්‍රත්‍යක්ෂ කරන්න කොල්ලො පිරිසක්ම ඒ හරියෙ ඉදගෙන හිටියා..

The Devil of the DevilsWhere stories live. Discover now