#The_Devil_Of_The_Devils ☠️
Episode 29ඒත් එකපාරටම විශාල එළියකින් මුළු පළාතම ඒකාලෝක වෙද්දි ඒ එළිය දරාගන්න බැරුව මං අතින් ඇස් ආවරණය කරගත්තා.
"සාදරයෙන් පිළිගන්නවා උතුමාණෙනි..."
ගැඹුරු කටහඬ ආයෙමත් කිව්වම මං නැවතත් අදුරු වෙලා තිබ්බ ඒත් දීප්තිමත් එළි විහිදුවන වේදිකාව දිහා බැලුවා...
දෙවිවරු... සිනාමුසු මුහුණින් ඒ අය යක්ෂයින්ට ආචාර කරා...
❌❌ ❌ ❌ ❌ ❌ ❌ ❌
නික් කියපු දේ ඇත්තක් වෙන්න යන්නෙ කියලයි මට දැනුණෙ. පාලක පක්ෂයෙ දෙවිවරු යක්ෂයො එක්ක ගිවිසුමක් ඇති කරගෙන වගේම මායාකාරයො ගණනාවක් බිලි දෙන්න යද්දි සිනාමුසු මූණින් බලාගෙන ඉන්නවා.
ඒ හැමෝම අසාමාන්‍ය එළියක් විහිදෙව්ව මන්ස්කාන්ත පෙනුමක් තියන අය. දෙවියන්ගෙ රාජකීය පරම්පරාව වගේම යක්ෂයින්ගෙ රාජකීය පරම්පරාවටත් උරුම වෙච්ච කඩා හැලෙන සුන්දරත්වය. දෙවියන්ගෙත් දෙවියා ඩූෆෙරෝ ඔලිවර් වින්චෙස්ටර්ත් එතන හිටියා. ඒත් ඒ හැමදේකටම යටින් කෲර රුදුරු බවක් පෙනුණ. දෙවිවරුන්ගෙ පවා.
සමහරවිට ඒ ගිනි ජලාව යක්ෂ ලෝකයත්, දෙවියන්ගෙ ලෝකයත් යා කරන දෙයක් වෙන්න පුළුවන්. ඒ කොහොම වෙතත් පොකුණ වටේට තිබ්බ ගිනිදළු ලා කොළ නිල් පැහැයකට හැරෙමින් තිබ්බා. මගෙ ඔළුවම කුරුවල් වෙලා තිබ්බෙ වෙන්නෙ මොකද්ද කියලා දහසක් අනුමාන අතරින් එකක් තෝරගන්න බැරුව.
මාව දිගින් දිගටම පුදුම කරන ගමන් අර්ධ කවයක් හැඩයට හැදුණ ඒ අය යාඥා කරා. එක් අඩ කොටසක දෙවිවරුත් අනික් කොටසෙ බලවත් යක්ෂයොත්. ඇස්මොඩීයස් නොසෙල්වී තේජාන්විත ස්වරූපයෙන් බලන් හිටියා. දෙවිවරුන්ගෙ පැත්තෙන් ශ්වේත ආලෝකයත්,අනික් පැත්තෙන් කළු ආලොකයත් නිකුත් වෙලා අළු පැහැයක් පොකුණ වටේට කැලතෙන්න ගත්තා.
යාගය දිගටම පැවතුණේ පළවෙනි මායාකාරී හැල හොල්මනක් නැතුව හිටගෙන ඉද්දි. අනික් මායාකාරයො සීරුවෙන් ඉද්දි ඇනා විතරක් දගලනවා මගෙ ඇස් වලට අහු වුණා. මේ එයාට කතා කරන්න වෙලාවක් නෙවේ. මගෙ පපුවම පිරිලා තිබ්බෙ බයකින්. අනික් පැත්තෙන් හිත එකග කරගන්න නොනවතින පෙරුමන් පිරුවා මං.
YOU ARE READING
The Devil of the Devils
Fantasyතමන්ගෙ ආදර සම්බන්ධතාව බිද වැටුණ බෙලිස්සා ස්ටෑන්ගෙ ජීවිතේට අත්භූත ඉශ්ට දෙවියෙක් හම්බෙනවා! මොනවා? ඉෂ්ට දෙවියෙක්?