#The_Devil_Of_The_Devils
Episode 06"මම දෙවියෙක් කියලා අමතක කරන්න එපා.."
එයා ස්ටේජ් එක දිහා බලන ගමන් කිව්වා..
එක පාරටම ලොකු කෑගැහීම් ගොඩකුත් එක්ක ඝෝශාවක් ඇහෙන්න ගත්තා... හරියට ලොකු කුණාටුවක් එනවා වගේ.. අපි වටේට හිටපු හැමදේම කැරකෙන්න ගත්තා.. ජේ ජේ මගෙ අත තදින් අල්ලන් මං ළගටම වෙලා හිටියා...
ඒ එක්කම ලොකු පිපිරුම් සද්දෙකුත් එක්ක අපි පොළොව දෙබෑ කරගෙන පහළට ඇදුනා...
❌❌ ❌ ❌ ❌ ❌ ❌ ❌
"එයාට සිහිය නෑ.."
"ඔව් ඒක මං දන්නවා මටත් පේනවා..."
"මට සමාවෙන්න..."
"ඔයා කොහොමද මේ තරම් මුරණ්ඩු වැඩක් කරේ? අපි මේකද ඔයාගෙන් අපේක්ෂා කලේ?"
"මං කරේ මට කරන්න පුළුවන් හොදම දේ.. මැඩම්..."
"හොදම දේ? මේකද හොදම දේ? මං ඔයාට කිව්වෙ එයාව ගේන්න කියලා.. අතදරුවෙක් නෙවෙයි.."
ගෑණු කටහඬ කිව්වා.. එයා එහෙ මෙහෙ ඇවිදින සද්දෙ 'ටොකොස් ටොකොස්' ගාලා මට ඇහුණා.. මොනයම් හේතුවකටද මංදා මට ඇස් අරින්න හිතුණෙ නෑ.. ඇගේ හැමතැනම රිදෙනවා කියලා දැණුනත් මට ඒක ගාණක් නෑ..
"මට විශ්වාසයි එයා හොද මායාකාරියක් වෙයි..."
ජේ ජේ යටහත් පහත් විදිහට කිව්වා..
"විශ්වාසයි? තමන් මායාකාරයෙක් ය කියලාවත් නොදන්න ළාමක පොඩි එකෙක්ව මේ වැඩේට හරි යයි කියලා විශ්වාසයි? ඈ? හැබෑට?"
ගෑණු කටහඬ ටොකොස් ගාන එක නවත්තලා ඇහුවා.. ඒ කියන්නෙ එයා ඇවිදින එක නැවැත්තුවා..
"මං ඔයාට කිව්වෙ හොද දක්ස ළමයෙක් ගේන්න කියලා මිසක් වැඩකට නැති එකෙක් ගේන්න කියලා නෙවේ.. ඒත් ඔයා මොකද්ද කලේ? මොකද්ද කලේ? ඔයාට භාර පොඩි එකාව ගෙන්නගත්තා.. ඔව් ඔව් ඔව්.. මං දන්නවා ඔයාට විශ්වාසයි එයා හොද ළමයෙක් කියලා ඒත් ඒකෙන් මෙතනට වැඩක් වෙන්නෙ නෑ.. ඔයා දන්නවා දැන් තියන තත්වය... ඔයා කොහොමද මෙහෙම සෙල්ලම් කරන්නෙ මිස්ටර් ජේසන්?"
එයා හුස්මක් ගන්න නැවැත්තුවා.. මගෙ හදවත වේගෙන් ගැහුණෙ තරහට. මෙච්චර මාව පහළට දාලා කතා කරන එක මට ඉවසන්න බෑ.. ඒකත් මං නොදන්න මං කවදාවත් කටහඬ අහලා නැති කෙනෙක්ගෙන්. ඇස් අරින්නත් බැරුව, ඒත් එයාලට හොරෙන් එයාලගෙ කතා කරන්න දේවල් අහන් ඉන්නත් බැරුව මං හිටියෙ අමාරුවෙන්...
YOU ARE READING
The Devil of the Devils
Fantasyතමන්ගෙ ආදර සම්බන්ධතාව බිද වැටුණ බෙලිස්සා ස්ටෑන්ගෙ ජීවිතේට අත්භූත ඉශ්ට දෙවියෙක් හම්බෙනවා! මොනවා? ඉෂ්ට දෙවියෙක්?