#The_Devil_Of_The_Devils ☠️
Episode 34ඇතිවුණ කම්පනයෙ දිගටම මට රැදිලා ඉන්න බැරි වුණේ ආලෝක කිරණ සමග හිස් අවකාශයේ ඒකාග්‍රතාව රැකගෙන හිටපු ඒඩ්න්ගෙ හදිසි අවදානය වෙනස් වීම හින්දා. වේදනාවක සලකුණු පෙන්නුම් කරපු එයාගෙ හිසට උඩින් තිබ්බ ආරක්ෂක වළල්ලේ දීප්තිය කෙමෙන් කෙමෙන් අඩු වුණා.
හිතට ධෛර්යය ගත්ත මං පීඨිකාව හරහා ලෝදිය පොකුණ මතින් හිස් අවකාශයට පැන නැග්ගා...
❌❌ ❌ ❌ ❌ ❌ ❌ ❌
ඒඩ්න් හිටියෙ අපහසුවෙන්. කිසිම බාධාවකින් තොරව මම ආරක්ෂක වළල්ල මැද්දෙන් ලෝදිය පොකුණ දක්වා පියගැටපෙළ වේගයෙන් නැග්ගා. ඒ වෙනකොට එක දිගට ප්‍රහාර එල්ල වෙද්දි විරුද්ධ පක්ෂයෙ දෙවිවරු සහ මායාකාරයො හැමෝම සටනට එළඹිලා තිබුණා. කොටින්ම ආරක්ෂක වළල්ලෙ පවා ආලෝකය තීව්‍රතාවය අඩු වෙන තරම් බලපෑමක් බාහිරින් එල්ල වෙමින් පැවතුණා.
ලෝදිය පොකුණ අවසානෙදි ලොකු පිම්මක් ගත්ත මම අවකාශය හරහා වේගවත් පිම්මකින් ඒඩ්න් වෙත ළගා වුණා. මායාවේ අසිපත දරාගෙන හිටපු එයාගෙ සුරත උඩින් මගේ වමත තද කරද්දි ස්තූතිපූර්වක ආදරණීය බැල්මක් තත්පර කීපයකට දැහැනෙන් මිදිලා මං දිහා බැලුවා.
බොහෝ බලසම්පන්න දෙවිවරු තරුකැට දිලිසෙන්නාක් බදු දීප්තියකින් යක්ෂයන්ගෙ ලොවේ ප්‍රාදුර්භූත වෙද්දි යක්ෂ සංහතියම ඒකරාශී වෙන්න ගත්තා. තම ප්‍රාණය නිරුද්ධ වෙන දෙවිවරු වගේම යක්ෂයොත් වාතයේ අතුරුදහන් වෙද්දි පහරකෑම් හින්දා බලය දුර්වල වුණ හැම කෙනෙක්ම ඇද වැටුණා හෝ හිස් අවකාශයේ පාවුණා.
"හිත එක්තැන් කරගන්න..."
පහළ සිද්ධ වෙන දේ පිළිබද මගේ තිබ්බ අවදානය බිදිමින් ඒඩ්න්ගෙ කටහඬ මගේ මනස තුළින් ඇහුණා. මගෙම එහා පැත්තෙ සිරුරෙ ගෑවි නොගෑවෙන තරම් ළගින් තමන්ගෙ සුරතට මගේ සුරත තද කරන් ඉන්න ගමන් වුණත්!
"ප්ලීස්... මට ඔයාට පෙන්නන්න දෙයක් තියනවා"
එයා ආයෙමත් කියද්දි මං ඇස් වහගත්තා. පහළ තියන බියකරු විනාශකාරී දේවල් සියල්ල අමතක කරලා මගේ සුරත තද කරන් ඉන්න ඒඩ්න්ගෙ ස්පර්ශයෙන් දැනෙන හිතේ අමුතු සැනසීමට හිත යොමු කරන ගමන්...
YOU ARE READING
The Devil of the Devils
Fantasyතමන්ගෙ ආදර සම්බන්ධතාව බිද වැටුණ බෙලිස්සා ස්ටෑන්ගෙ ජීවිතේට අත්භූත ඉශ්ට දෙවියෙක් හම්බෙනවා! මොනවා? ඉෂ්ට දෙවියෙක්?