#The_Devil_Of_The_Devils ☠️
Episode 22"නෑ... මෙතන අපි නොදන්න මොකක්හරි තියනවා"
නික් කිව්වෙ කල්පනාකාරීව.
මං ආපහු ඉස්සරහට හැරෙනවත් එක්කම දැක්කෙ කවදාවත් නොදැකපු අත්භූත දෙයක්.
"දෙවියනේ!"
❌❌ ❌ ❌ ❌ ❌ ❌ ❌
මීටර් සීයක් විතර දිග වේදිකාව අයිනෙ දුම් දමමින් තිබ්බ ද්‍රාවණ පිරුණු කල්දේරම් වලට, ඊට ඉස්සරහින් පෝළිම් ගැහිලා ස්ව කැමැත්තෙන් යක්ෂයො වෙන්න හිටපු මනුස්සයෙක් බැස්සා.
මගෙ ඇග හීතල වෙලා ගියෙ ඒක දැකලා.
"බෙලී..."
කෙදිරිලි හඩින් කිව්ව ඇනා මගෙ අත අල්ලගත්තෙ බයවෙලා.
"බය වෙන්න එපා. පිච්චෙන්නෙ නෑ. දෙවියන්ට වගේම යක්ෂයින්ටත් තියනවා ශුද්ධ වූ ජලය. ඔය ඒ වගේ දෙයක්. යක්ෂයාට ආත්මය පූජා කරන්නෙ ශුද්ධ වූ ජලයෙන් පිරිසිදු කරලා"
නික් කිව්වෙ ධෛර්‍යවන්ත කටහඩකින්. ෂින් ආරාමයෙදි මට හුගාක් සමීප වුණ මායාකාරයො අතරින් අයිරිෂ් ජාතික නික් වයිට්වර්ත් වගේම, අප්‍රිකානු ජාතික ඇබිගෙල් ඇන්ඩර්සන් ධෛර්‍යසම්පන්න මායාකාරයො දෙන්නෙක්. අධිශ්ඨානශීලී ශක්තියෙන් හෙබි විශ්වාසවන්තයො දෙන්නෙක්. ඇබිගෙල් අපිට අහිමි වුණත් නික් තාමත් අපි එක්ක. මධ්‍යස්ථ ගති පැවතුම් තියන වරූණ් නාරායන් නිවුණ කෙනෙක්. මෘදු ගති තියන ඇනා සුළු දේටත් බය වුණ මායාකාරියක්. එයාගෙ එකම ශක්තිය සහ විශ්වාසය වුණේ එයා සම්බන්ධව තියන සුප්‍රසිද්ධ අනාවැකිය. ඒක එයාගෙ හිතට හයියක් වුණා.
"දෙවිවරු අපිව බේරගන්න එන්න ඕනි"
මං මිමිණුවා.
"පාලක පක්ෂයෙ දෙවිවරු යක්ෂයන්ට උදව් කරනවා. ඒගොල්ලො ගිවිසුමක් වගේ දේකට එකග වෙලා ඉන්නෙ. දෙවියො යක්ෂයන්ගෙ රාජකාරි වලට මැදිහත් වෙන්නෑ වගේම යක්ෂයොත් දෙවියන්ගෙ රාජකාරි වලට මැදිහත් වෙන්නෙ නෑ."
"ඒත් ෂින් ආරාමය දෙවියන් යටතේ පවතින දෙයක් වගේම යක්ෂයින් යුද්ධ කරනවා කියලා නිකුත් කරපු නිවේදන එක්ක එයාලා හරි නම් දැන් අපිව බේරගන්න එන්න ඕනි"
YOU ARE READING
The Devil of the Devils
Fantasyතමන්ගෙ ආදර සම්බන්ධතාව බිද වැටුණ බෙලිස්සා ස්ටෑන්ගෙ ජීවිතේට අත්භූත ඉශ්ට දෙවියෙක් හම්බෙනවා! මොනවා? ඉෂ්ට දෙවියෙක්?