Episode 32

102 29 0
                                    

#The_Devil_Of_The_Devils ☠️
Episode 32

ඊළග තත්පරේ ඇස් නිලංකාර කරන ආලෝකයකුත් එක්ක ඒඩ්න් වින්චෙස්ටර් මායාවේ අසිපත මගෙ අතින් උදුරලා ගත්තෙ කිසිම පැකිලිමකින් තොරව...!

මායාවේ අසිපත? යක්ෂයෙක්? කොහොමද ඒක අරගත්තෙ? මං කොහොමද මායාවේ අසිපත දරාගෙන හිටියෙ? ඒඩ්න් කොහොමද ඒක අරගත්තෙ?

ඒ එක්කම ඇසිපිය ගහන පමාවට අඩි දහස් ගණනාවක් ඉහළ ආකාසෙ ඉදන් මාව බිමට කඩන් වැටෙන්න ගත්තා...

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

මං කොච්චර හිතට හයිය ගන්න හැදුවත් මට බැරි වුණා. ඒ හින්දම දිගටම දිගටම හුළං කපාගෙන පහළට වැටුණා.  කෑලි කපන්න පුළුවන් අන්ධකාරෙ පහළට කඩන් වැටෙද්දි දෙවියන් සිහි කරනවා හැරෙන්න වෙන දෙයක් මං දැනන් හිටියෙ නෑ. පුළුවන් තරම් හයියෙන් කෑගැහුවා... සිරුර පාලනය කරගන්න උත්සාහ කරත් ඒ හැමදේම ව්‍යවර්ථ වුණා.

ක්ෂණිකවම මාව අඩියක් විතර උඩට ඇදිලා ගිහින් ශක්තිමත් දෑතකට තද වුණා.

"මං ඔයා ගැන ආඩම්බර වෙනවා"

ජේ ජේ මාව දෑතට තද කරගෙන මිමිණුවා. පියවි සිහියට එන්න මට තත්පර කීපයක් ගියෙ ඇතිවුණ කම්පනය නිසා.එයා එහෙම්මම පාවෙලා පීඨිකාව මැදට ආවා. මගෙ පපුව එකසිය ගාණකට ගැහෙද්දි කකුල් කෙලින් හිටගන්න බැරුව වෙවුලද්දි මං ජේ ජේගෙ සිරුරට වාරු වෙලා හොටු පෙරුවා.

ඒඩ්න් මායාවේ අසිපත උදුරලා අරගන්නවත් එක්කම තත්වය යම්තාක් දුරකට සමථයකට පත් වෙලා තිබුණෙ. ඒ කියන්නෙ අපේ මරණ වරෙන්තුව නැවත ලියැවෙලා.  යක්ෂයෙක් අතට ඒක යන එක මට හුගක් පැටලිලි සහගත වුණත් සුළු වෙලාවකට හරි ඒක මගෙ අතේ තිබුණෙ කොහොමද කියන එකත් මට ලොකු කුතුහලයක් තිබුණා.

"ජේ.. ඒ මොකද්ද ජේකබ් කරන්න යන්නෙ?"

මං ඇහුවෙ තවමත් එයාට වාරු වෙලා ඉන්න ගමන්. දහස් ගණන් ආලෝක වරුසා ඉහළ අහසේ පාවෙද්දි විදුලි වේගයෙන් වර්ණවත් ආලෝක පැතිරෙද්දි මගෙ හිත සීඝ්‍රයෙන් යථා තත්වයට පැමිණෙන්න ගත්තා.

ඒ වෙලාවෙ තමා ඒක වුණේ. හීයක වේගෙන් හුළං කපාගෙන පීඨිකාව උඩට ප්‍රාදුර්භූත වුණ ඒඩ්න් වින්චෙස්ටර් මගෙ දිහාවට පාවෙලා ආවා. ජොයෙල් එයාට පිටිපස්සෙන් පූසාවත් අරන් දුවගෙන එද්දි මං සිද්ධ වෙන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව ජේ ජේට වාරු වුණා.

The Devil of the DevilsWhere stories live. Discover now