#The_Devil_Of_The_Devils ☠️
Episode 31සුදු පාට ආලෝක ධාරා නිකුත් වෙද්දි ඈතින් දෙවිවරු පීඨිකාව දිහාවට ඇදිලා එන හැටි මට පෙනුණ. දෑස් පියවෙන්න ඔන්න මෙන්න තියෙද්දි තෘප්තිමත් හිනාවක් හිතට එක් කරලා ශ්වේත වර්ණ බබලන ආලෝක ධාරාවක් එක්ක කෙනෙක් පීඨිකාවෙ ප්‍රාදුර්භූත වුණා.
"ඇන්ඩ්‍රොමීඩා වින්චෙස්ටර්..."
❌❌ ❌ ❌ ❌ ❌ ❌ ❌
"උඹ..."
ඩූෆෙරෝ ගිගිරුවා.
"වෙල්කම්... "
අත්භූත මිහිරි කටහඩකින් ඇන්ඩ්‍රොමීඩා අපිට ළං වුණා. මගෙ දැහැන බිදුනෙ ඒ වෙලෙයි.
විශ්වාස කරන්න. ඇන්ඩ්‍රියා, එහෙමත් නැත්නම් ඇස්මොඩීයස්ගෙ රැජිණගෙ කපාපු පළුවක් වගෙයි ඇන්ඩ්‍රොමීඩා.
"උඹ කොහො..."
"මං ජීවත් වෙනවා කියලා ඔයාට පේනවා.. එහෙම නේද?"
මට එයාව පැහැදිලිව දකින්න ලැබුණෙ දැනුයි. සුදු පැහැ දිග ගවුමකින් සැරසිලා හිටපු එයාගෙත් ඇන්ඩ්‍රියා රැජිණගෙත් කිසිම වෙනසක් නැහැ. ඇන්ඩ්‍රොමීඩා වින්චෙස්ටර්ගෙ මුහුණෙ තිබුණ නිවුන කාරුණික ස්වරූපය හැරෙන්න.
"ඇන්ඩ්‍රොමීඩා..."
ඇස්මොඩීයස් මිමිණුවා. යක්ෂයන්ගෙත් යක්ෂයා... ඇස්මොඩීයස් ඩිමෝග්‍රගන් වින්චෙස්ටර් දැකපු දවසෙ ඉදන් අද වෙනකන් ගිනිදළු වෙලා කෝපයෙන් තිබ්බ ඒ දෑස් නිවුණ ස්වරූපයකට පත් වෙලා තිබුණා. ඒත් ඒකෙන් ඒ රූපෙ තිබ්බ භයානක කම ටිකක් හෝ අඩු වෙලා තිබුණෙ නෑ.
"මං මේ දේට ඉඩ දෙන්නෙ නැහැ... කවදාවත්ම නෑ..."
"උඹ අපේ රාජකාරි වලට මැදිහත් වෙන්න එපා. කිසිම බලයක් නැති වැදගැම්මකට නැති උඹ වගේ එකියක් කොහොමද..."
ඩූෆෙරෝ කියන් යද්දි ඇන්ඩ්‍රියා රැජිණ ඒකට බාධා කරා.
"ඇන්ඩ්‍රොමීඩා... මගෙ සහෝදරිය නැවතත් දකින්නට ලැබුණ එක සතුටක්..."
ඇන්ඩ්‍රියා රැජිණ නැගී සිටියා. පීඨිකාවෙ ලෝදිය පොකුණට එහා පැත්තෙන් ඒ හැමෝම හිටපු තැන් වලින් නැගී හිටියා. ඇන්ඩ්‍රොමීඩා වින්චෙස්ටර් ආලෝකය විහිදුවමින් ඒ අයට තරමක් ඈතින් අඩියක් පමණ අහසේ පාවුණා.
YOU ARE READING
The Devil of the Devils
Fantasyතමන්ගෙ ආදර සම්බන්ධතාව බිද වැටුණ බෙලිස්සා ස්ටෑන්ගෙ ජීවිතේට අත්භූත ඉශ්ට දෙවියෙක් හම්බෙනවා! මොනවා? ඉෂ්ට දෙවියෙක්?