වෙඩින් එකක තියා පාටි එකක වත් පෙනුමක් නොතිබුණු කිසිම සැරසිල්ලක් නොමැති living room එක දිහා සේහි බලන් හිටියා.. අන්තිම මොහොත වෙනකන්ම සේහි හිතුවෙ මෙ හැම දෙයක්ම බොරුවක් කියල ඒත් සේහිගෙ ඒ අදහස් හැම දෙයක්ම එකපාරටම වෙනස් උනේ මේන් ඩෝර් එකෙන් ඇතුලට ආපු එකම එක කෙනෙක් නිසා... ඒ මින්ශික්... සේහිගෙ ලෝ කොලේජ් එකෙ සීනියර් කෙනෙක් වගේම සියොන්ගෙ හොදම යාලුවා.. සේහිගෙ වගේම සියොන්ගෙත් ආදරෙ අකුරක් නෑර දැනන් හිටපු එකම කෙනා... නොහිතපු වෙලාවක මේ උණු දේ නිසා සේහිගෙ වගේම මින්ශික්ගෙත් ඇස් ගැස්සුනෙ හීනෙකින් වත් මේ වගේ දෙයක් නම් ඒ දෙන්නම බලාපොරොත්තු නොවුණු නිසා..
"මෝ...? Mr.Kim Namjoon ඔයා එහෙම නම් මාව ඇත්තටම බදිනවා....??.."
සේහිට මේ වෙන දේ මවාපෑමක් නෙවෙයි කියල තේරුම් ගියේ මින්ශික් නිසා.. මින්ශික් කියන්නෙ ටිකක් තද ගති පැවතුම් ඇති කිසිම හේතුවක් නිසාවත් බොරුවක් වංචාවක් නොකරන කෙනෙක් කියල කොලෙජ් කාලෙ වගේම ලෝ ෆීල්ඩ් එකෙත් නම් දරන ලෝයර් කෙනෙක්... සේහි සයින් කරනකොටත් ඒ දේවල් තවත් තහවුරු උනේ ඒ හැම ඩොකියුමන්ට් එකකම ලීගල් කියල කෙල්ලට ඔප්පු වෙලා.. නම්ජුන්ට මේ ගැන තේරුමක් නොතිබ්බට සේහි කියන්නෙ ලෝයර් කෙනෙක්.. ෆීල්ඩ් එකේ ලොකු අත්දැකීම් නොතිබ්බත් සේහිට මේ දෙවල් නම් බැලූ බැල්මට හොයා ගන්න පුලුවන් හරි සරල දේවල්... සේහිට හනාව මතක් උනේ ඉබේටම වගේ... තමන් අසරණ උණු වෙලාවෙ පිහිටට හිටපු කෙනාට තමන් කලේ වංචාවක් කියල මේ වෙනකොට සේහිට දැනෙන්න අරන්..
සාමාන්‍ය විදිහට නිකන්ම සයින් දෙකකට සීමා උණු සේහිගෙ වෙඩින් එක ඒ විදිහට උනේ සේහිගෙ හිතටත් ලොකු බරක් පටවලා.. ඩොකියුමන්ට්ස් සයින් කරපු නම්ජුන් තව මොහොතක්වත් නොඉඳ එතනින් යන්න ගියේ සේහි දිහා වත් එකඳු බැල්මක්වත් නොහෙලා..
"කොහෙද බන් අරූ අර ගාල කඩා ගත්තු හරකා වගේ දුවන්නෙ..."
නම්ජුන්ගෙ යාලුවන්ගෙන් කෙනෙක් තව කෙනෙක්ගෙන් අහනවා සේහි අහගෙන හිටියා.. මේ වෙලාවෙදි සේහිගෙ හිතටත් ඒ ප්‍රශ්නයම නැඟුනත් කෙල්ල නිශ්ෂබ්දවම හිටියෙ කාගෙන් හරි පිලිතුරක් බලාපොරොත්තුවෙන්... හැමෝම අතරෙ තිබ්බෙ නිහැඬියාවක්.. ඒ නිහැඬියාව අස්සෙන් තමන් දන්නැ කියන්න වගේ ජන්කුක් තමන්ගෙ උරහිස් හකුළුවන හැටි සේහි ඇස් කොනින් වගේ දැක්කා.. මින්ශික් යන්නත් කලින් නම්ජුන් ගියපු නිසා සේහිට දැනුණෙ අපහසුවක්.. නම්ජුන්ගෙන් ආරක්ෂාවක් ආදරයක් සේහි බලාපොරොත්තු නොවුනත් මේ වගේ සේහිව අපහසුතාවෙකට ලක් කරන හැසිරීමක් ලැබෙයි කියල නම් කෙල්ල හීනෙකින්වත් හිතුවෙ නැ.. මින්ශික්ට මූණ දෙන්න බැරි නිසම සේහි කලේ බිම බලන් හිටපු එක..
ESTÁS LEYENDO
🚫The Fault🚫 [COMPLETED]
Fanfic🚫සමහර වැරදි හරියට ඉරිතලපු වීදුරු වගේ... මොන තරම් උත්සාහ කලත් ඒවා මුල් තත්වෙට ගන්න අපිට බෑ... 🚫 Fan Fiction only 💕 ⚠️️කොපි කරන්න එපා ⚠️️