Episode 17 ❎ (Final)

1.8K 418 514
                                    


🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

නම්ජුන්ගෙ හැසිරීම තවදුරටත් දරා ගෙන ඒ තැන ඉන්න ශක්තියක් නොමැති නිසා ජන්කුක් පිටතට ආවෙ සියොන්ට නම්ජුන්ව බලා ගන්න යැයි ඉගි කරලා.. නම්ජුන් තරම් දුර්වල මානසික මට්ටමක සියොන් නොසිටි එක ජන්කුක්ට තරමක සහනයක් ගෙනවිත් දුන්නා.. තමන්ට මේ මොහොත මොනතරම් වේදනාකාරි උනත් ඒ සියල්ලක්ම දරාගෙන හිත හයිය කර ගත්තෙ නම්ජුන්ගෙ තත්වය එන්න එන්නම දුර්වල වෙන බව ජන්කුක්ට තේරුම් ගිය නිසා.. නම්ජුන්ගෙ හැසිරිම කෙනෙකුට බලා සිටිය නොහැකි තරමේ වේදනාවක් එක් කලා..

තවමත් ඒ මළ සිරුර තමන්ගෙ තුරුලෙන් ඉවතට ‍යන්නට නොදී තම එකම වස්තුව රැක ගන්න වෙහෙසෙන නම්ජුන් දිහා බලාගෙන ජන්කුක් වේදනාත්මක සුසුමක් පිට කලා.. ඒ එක්කම තමන් අත රැදුණු නම්ජුන්ගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තෙ නොහිතපු වෙලාවක.. තමන් සිටි තැනින් පියවර දෙක තුනක් ඉදිරියට පිය නැගූ ජන්කුක් දෙවරක් නොසිතාම ෆෝන් එක ආන්සර් කලා...

"යො..බුසෙයො.."

බිදුණු කටහඬින් ජන්කුක් අපහසුවෙන් උනත් කතා කරන්න ගත්තෙ මේ කෝල් එකෙ මොකක්දෝ වැදගත්කමක් කොල්ලට ඒ මොහොතෙ දැනුණු නිසා.. අනෙක් පසින් ඇහුණු ඒ ගැඹුරු කටහඬට ජන්කුක් සවන් දුන්නෙ හොද අවධානෙන්..

කෝල් එක කට් කරපු ජන්කුක් නම්ජුන්ව සියොන්ට බාර කරල කලබලෙන් පොලිසියට ගියේ මිනිත්තු කිහිපෙකට කලින් පැමිණි ඒ කෝල් එක් සෝල් පොලීස් පරීක්ෂක වරයකුගෙන් වූ නිසයි.. සේහිත් දරුවත් සම්බන්ධ කාරණය හැරුණු විට නම්ජුන්ට මෙවැනි කෝල් එකක් එන්න කිසිම අවශ්‍යතාවක් නොමැති බව දන්නා ජන්කුක් තම රිය ඒ වෙත පැදවුයේ තරමක හිතේ බයකින්..

පැය බාගයක් ඇතුලත පොලිස් ස්ටේශන් එකට ඇතුල් වුණු ජන්කුක්‍ට ඒ තුලින් දැන ගන්නට අසන්නට ලැබුණෙ තමන් ජීවිතෙටවත් බලාපොරොත්තු නොවුණු දේවල් කිහිපයක්... මීට දවස් කිහිපයකට කලින් නම්ජුන්ගෙ මාර්ගෙන් අදුර ගත්තු ජින් ඒ මේ විදිහට නම්ජුන්ගෙත් සේහිගෙත් එකම වස්තුව උණු හයක් හතරක් නොදන්න මේ ලෝකෙ එලියවත් නොදැකපු ඒ අහින්සක දරුවාට ඒ තරම් අපරාධයක් කරන්න තරමට දරුණු වෙන්න පුලුවන් උණු එක ගැන ජන්කුක්ට හීනයක් වගෙ.. තමන් වගෙම නම්ජුන් ඉදිරියේත් අහින්සක මූනක් මවා පාමින් දෙදෙනාම රවටපු ජින් ඒ ගැන ජන්කුක්ගෙ හිතේ තිබ්බෙ නොසන්සිදෙන තරමේ කේන්තියක්..

🚫The Fault🚫 [COMPLETED]Onde histórias criam vida. Descubra agora