Author's note🚫

1.4K 318 610
                                    

ඕතර්ස් නෝට් එක නිසා මන් ප්‍රශ්න  කීපයක් මුලින්ම  අහන්නම්..

🚫ආදරය කියන්නෙ ලබා ගැනීමද..?

🚫 ජීවිතේ අපිට හමු වෙන හැම පුද්ගලයෙක් එක්කම අපි ආදරෙන් බැදෙනවද...?

🚫ජීවිතේ අපිට සිද්ද වෙන්නෙ අපි ප්‍රාර්ථනා කරන දේවල් විතරමද..?

🚫මතුපිටින් බලල අපිට කෙනෙක් ගැන තීරණ වලට එලඹෙන්න පුලුවන් ද..?

🚫ජීවිතේ අපි ගන්නෙ හැම වෙලාවෙම හරිම තිරණද..?

🚫අපේ තීරණවලින් පසුතැවීම් සිත් රිදවිම් වෙන්නෙම නැති ද..?

🚫අපේ තීරණ නිසා ලේසියෙන් ගලා යන්න තිබුණු ජීවිත අපි දුෂ්කර කර ගන්නෙ නැත්ද..?

මන් හිතනවා මේ ප්‍රශ්න වලට ටිකක් හරි උත්‍තර කට්ටියට කතාවෙන් ලැබෙන්න ඇති කියලා..  ඇත්තටම මන් ඕතර්ස් නෝට් එකක් නොදී ඉන්න හැදුවෙ..  ඒත් ඊයෙ කමෙන්ට් නිසා වගෙම @ayo tharu මේ අක්කෙගෙ දවස් ගානක බල කිරිම නිසයි මන් ඕතර්ස් නෝට් එකක් දෙන්නෙ...

හරි දැන් කතාවට යමු..🚫

කතාවෙ නම "The Fault" මොකක්ද හිතන්නෙ...? හොදින් බැලුවොත් කතාවෙ හැම චරිතයකම පොඩි හෝ වැරැද්දක් පෙනෙන්න තියෙවි.. සේහි, නම්ජුන්, ජන්කුක්, සියොන් වගෙ ප්‍රධාන චරිත වල වගේම ජින් ඒ, chang sue, පීටර්, ඩියුක්, හනා, මීරා, හරබොජි, ජේහ්‍යොන්ග් වගේම අනිත් හැම චරිතකයම එකම හෝ වැරැද්දක් හොදින් බැලුවොත් දැක ගන්න තියේවි...

(මේකෙන් ඇත්ත ජූන්ව දකින්න එපා.. ඔයාලට ඒ දේ කරන්න අමාරුයි වගේ නම් මේ ඉන්නෙ නම්ජුන් කියන නමක් තියෙන වෙන පිරිමි කෙනෙක් කියල හිතන්නකො.. කවර් එක අමතක කරලා දාන්න.. මන් එහෙම කිව්වෙ සමහර අය කතාවෙ ජූන්වයි ඇත්ත ජූන්වයි පටලවගෙන තිබුණු නිසා... )

ආයෙම කතාවට...👇👇

🔰සේහි නම්ජුන් ආරම්භයෙ ඉදලා අවසානය වෙනකන් එකිනෙකාට අදරය කල දෙන්නෙක් නෙවෙයි... දැන් කෙනෙක් කියාවි එහෙනම් සේහිව නවත්ත ගන්න නම්ජුන්ට හිතුණෙ ඇයි කියලා.. සේහි නැතුව නම්ජුන්ට පාලුවක් දැනුනෙ ඇයි කියලා...? නම්ජුන් ආදරෙ කලේ තමන්ගෙ නූපන් දරුවාට.. දරුවට සම්බන්ධ හැම පුංචි දෙයකටම නම්ජුන් ලෝබ උනා.. පටල ගන්න එපා.. ලෝබකම , ආසාව කියන්නෙ ආදරයට වඩා ගොඩක් වෙනස් දෙයක්... සපත්තු ඇදුම් පවා තමන්ගෙ ළඟ රඳවා ගන්න නම්ජුන් උත්සාහ කලේ ඒ දේවල් තමන්ගෙ දරුවා හා බැදුණු දේවල් නිසා... ඉතිම් නම්ජුන් සේහිව තමන්ගෙ ඇස් මානෙන් රඳවා ගන්න උත්සාහ කරන්නෙ ඒ හේතුව නිසාම වෙන්න පුලුවන්...

🚫The Fault🚫 [COMPLETED]Onde histórias criam vida. Descubra agora