🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫
කාලෙකට පස්සෙ සේහි හිනා උනා.. හිතේ සැහැල්ලුවෙන්.. ඒ හනා නිසා.. පැයකට දෙකකට සීමා උනත් ඒ කෝල් එක සේහිගෙ හිත සැහැල්ලු කලා.. සේහිට දැනුනෙ කෙල්ලට ආයෙම අලුත් පනක් ආවා වගේ.. ඔව් ඒ තරම්ම කෙල්ලව රිලැක්ස් කරන්න හනාගෙ කෝලම් වැඩ වලට පුලුවන් උනා.. සේහි නොදන්නවා උනාට හනාට ඕනි වෙලා තිබ්බෙත් ඒ දේමයි.. කෙල්ලටත් හොරා ඉස්සරහට මූන දෙන්න වෙන හැම කටුක අත්දැකීමකටම කෙල්ලට හනා ශක්තිය දුන්නෙ ඒ විදිහට...
සේහි ඇදෙන් වාඩි වෙලා ටික වෙලා යනකන්ම කල්පනා කලේ හනාගෙ පිස්සු විකාර කතා ගැන..
"පබෝයා....."
හනා කියපු දේවල් මතක් වෙන වාරයක් ගානෙ කෙල්ලගෙ මූණෙ හරි ලස්සන හිනාවක් ඇදුනෙ කෙල්ලගෙ හිතේ සැහැල්ලුව පිටට පෙන්නන්න වගේ.. ඒත් හැමදේටම නියමිත වෙලාවක් තියෙනව වගෙ කෙල්ලගෙ හිනාවත් අතුරුදහන් උනේ කෙල්ලගෙ රූම් එකට ආපු කෙනා දැකලා.. ඒ නම්ජුන්...
නම්ජුන් රූම් එකට ඇතුළු වෙනවත් එක්කම නැවතිලා ඇද උඩ වාඩි වෙලා ඉස්සරහා බලන් තනියම හිනා වෙන සේහි දිහා මිනිත්තු කීපයක් බලන් හිටියා.. නම්ජුන් සේහිගෙ හිනාව මේ වගේ දකින පලවෙනි වතාව.. ඈතින් යන්තමින් වගේ දැක්කත් ඒ සැහැල්ලු හිනාව නම්ජුන්ගෙ හිතේ අමුතු හැඟිමක් ඇති කරන්න තරම් සුවිශේෂ උනා... ඒත් ඒ හැඟීම තත්පර ගානකට විතරක්ම සීමා උනේ ඒ හැමදෙයකටම වඩා කොල්ලගෙ හිතේ සේහි ගැන තියෙන වෛරය හැම හැඟිමක්ම යටපත් කරන නිසා...
නම්ජුන් කාමරයට ඇතුල් වෙනවත් එක්කම සේහි නැගිට්ටෙ කලබලෙන්මයි... නම්ජුන් දැක්කම බයෙන් වගෙ ගැස්සුණු ඒ ඇස් දිහා කොල්ල බලන් හිටියෙ හිස් හැඟීමෙන්.. ඒ එක්කම නම්ජුන්ගෙ ඇස් යැවුණෙ සේහිගෙ අසාමාන්‍ය ඇදුම් වලට...
"මෙයා වගෙ දෙන්නෙක්ට මේවා ඇතුලට බහින්න පුලුවන්... "
සේහිගෙ ඇදුම් දිහා බලාගෙන නම්ජුන් හිතුවෙ ඒ විදිහට.. ඇත්තෙන්ම සේහිගෙ ඇදුම් ඒ තරම්ම විශාලයි.. තමන්ගෙ ඇඟට වඩා ගොඩක් විශාල ඇදුම් නිසා සේහිව පෙනුනෙ හිටියටත් වඩා තරමක් පොඩියට.. කෙල්ල මේ තරම් විශාල ඇදුම් අදින්නෙ තමන් pregnent කියන එක නම්ජුන්ගෙන් හංගන්න ඕනි නිසා කියල කොල්ල නම් දැනගෙන උන්නෙ නෑ... ඒ නිසාමද මන්දා නම්ජුන්ට මේ ඇදුම් පෙනුනෙ මහ විකාරයක් විදිහට... නිතර දෙවේලේ දකින ඇඟට හිර, කොට ඒ වගෙම තැනින් තැන විවෘත උණු ඇදුම් අදින සරාගී කෙල්ලො දකින නම්ජුන්ට සේහිගෙ මේ ඇදුම් ඒ තරම් හොද හැඟීමක් ඇති කලේම නැති තරම්.. ඒත් එහෙමයි කියල කෙල්ලට එක ඇදුමක් අරන් දෙන්න නම් කොල්ලගෙ හිත ඉඩ දුන්නෙත් නැ...
YOU ARE READING
🚫The Fault🚫 [COMPLETED]
Fanfiction🚫සමහර වැරදි හරියට ඉරිතලපු වීදුරු වගේ... මොන තරම් උත්සාහ කලත් ඒවා මුල් තත්වෙට ගන්න අපිට බෑ... 🚫 Fan Fiction only 💕 ⚠️️කොපි කරන්න එපා ⚠️️