Episode 16❎

1.4K 377 317
                                    

🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

සේහිගෙ කුසින් ගලන ලේ බිඳු එකින් එක ඒ කිරි ගරුඬ පැහැ ටයිල් කැට මත වැටී රක්ත වර්ණයෙන් පුරවන්න උණා.. වෙනදා කිරි ගරුඬ පැහැයෙන් බබලන ඒ ටයිල් කැට පව අද ඒ දිස්නය නොදී රත් වන් පැහැ ලේ වලින් ගිලී යන්න උණා.. පරිසරයේ අදුරු බවත් විටින් විට හමන මඳ සුළඟේත් ගැබ් වෙලා තිබුණෙ වෙනදාට වඩා ශෝකාකූල බවක්.. නම්ජුන්ගෙ වාහනය ජින් ඒව රැගෙන තප්පරෙන් තප්පරේ නිවසින් ඈතට යද්දි සේහි හිටියෙ නම්ජුන්ගෙ උරුමය ජීවත් කිරීමේ මහා සටනක.. තමන්ගෙ යටි කය දෙසින් එන දරා ගන්න බැරි වේදනාවත් විඳ දරාගෙන සේහි ඉල්ලුවෙ තමන්ගෙ දරුවගෙ ජීවිතේ රැක දෙන මෙන්.. තත්පරෙන් තත්පරේ කාලය ගත වෙද්දි පිහිටට හිටි එකම හව් හරණත් පිහිටට නොඑද්දි සේහිට තමන්ගෙ එකම වස්තුව ගැන දැනුනෙ ලොකු බයක්..

කුස දෙසින් ගලන ඇලෙන සුළු දියරමය ද්‍රව්‍ය තමන්ගෙම රුධිරය කියන්න සේහිට අමුතුවෙන් පැහැදිලි කිරීම් ඕනි උනේ නැහැ.. තම දරුවා තමන්ගෙ කුස තුල නොසිටින්නට ජීවත් වීමේ සටන සේහි ඇතෑරලා බොහො වෙලා ගත වන්නට තිබුනා.. ඒත් සේහිට ඒ දේ කරන්න බැහැ.. සෙහිට තව දුරටත් ජිවත් වීමේ ආශවක් නොමැති උනත් තම දරුවා වෙනුවෙන් අම්ම කෙනෙක් විදිහට අන්තිම මොහොත වෙනකන් සේහි තමන්ගෙ බලාපොරොත්තු අතාරින්න සේහි සූදානම් වෙලා තිබුණෙ නෑ....

තමගෙ සිරුර පුරා පැතිරුණු ඒ වේදනාව ඉවසාගෙන හරි මේ බිත්ති හතරෙන් ඈතට දුවන්න..  කෑ ගහල අවට අයගෙන් උදව් ඉල්ලන්න.. ඒ අය ළඟ වැද වැටිලා හරි තමන් නැතත් තමන්ගෙ එකම වස්තුව බේරල දෙන්න කියන්න සේහිගෙ හිතටත් ඕනි වෙන්න ඇති.. ඒත් ඒ දේවල් වලට සේහිට ඉඩක් නොලැබුණේ මේ වෙනකොටත් සේහිගෙ හිතට වඩා ගත සම්පූර්ණයෙන් දුර්වල වෙලා අඩපණ වෙලා තිබුණු නිසාම වෙන්න ඇති.. හිතේ තියෙන ශක්තිය ඒ මොහොතෙ ඒ හිතට විතරක් සීමා නොවී ඒ ශරීරයටත් තිබුණා නම් සේහි තව කෙනෙක්ගෙ පිහිටක් පතමින් බිම වැතිරී නොසිටින්න තිබුණා.. ඒත් සේහි හිටියෙ ගොඩක් දුර්වල වෙලා.. තමන්ට කොයි තරම් වේදනාවක් දැනුනත් අපහසුවෙන් හෝ ඒ තැනින් නැගිට එලියට ඇවිදින්න කෙල්ලට ඕනි උනත් තමන්ගෙ ශරීරය සෙලවෙන වාරයක් වාරයක් ගානෙ කුස පසාරු කරගෙන ගිය ඒ වීදුරු කැබලි තව තවත් ඇතුලට යන්න ඉඩ ඇති බවට සේහිගෙ හිත වද දෙන්න අරන් තිබුණා.. අම්මා කෙනෙක්ට තමන්ගෙ දරුවන්ගෙ සීරීමක්වත් උහුලන්න බැරි තරම්...  එහෙම වෙලත්  තමන්ගෙ එක චලනයකින් තමන්ගෙම ලේ වලින් හැදුණු තමන්ගෙම දරුවගෙ මුළු ජීවිතේටම හානියක් කරදරයක් වෙනවා නම් අම්මා කෙනෙක් විදිහට සේහි කොහොම නම් ඉවසන්නද...? මේ ලෝකෙ කිසිම මවකට කිසිම පියෙකුට ඒ දේ විද දරා ගන්න නම් නොහැකි බවට කිසිදු සැකයක් නෑ.. ඒ නිසාම වෙන්න ඇති තමන්ගෙ ඇඟෙන් දැනෙන ඉවසීමටත් නොහැකි තරමේ ඒ වේදනාව මැද්දෙ උනත් තම ශරීරෙන් කිසිම සෙලවීමක් සිදු නොවෙන්න සෙහි වග බලා ගත්තෙ...

🚫The Fault🚫 [COMPLETED]Donde viven las historias. Descúbrelo ahora