🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫
සේහි දොරට පිට තියාගෙන ඇඟේ බර දොරට දීලා හිටගෙන ඔහේ බලාගෙන හිටියෙ කර කියා ගන්න දෙයක් නැතුව.. කෙල්ල එහෙමම දොර දිගේ බිමට රූටල ඇවිත් බිමින් ඉන්ද උනේ ඉබේටම වගේ.. කෙල්ලගෙ බෙල්ලෙන් ආපු වේදනාවට අමතරව අත් වලිනුත් දැවිල්ලක් එන්න අරන්.. සේහි හෙමි හෙමින් අත් දෙක මදක් උස්සල අල්ල දිහා බැලුවා.. ඒ අත් රතු වෙලා.. තැනින් තැන ලේ පැල්ලම් ඇවිත් තියෙනවා කෙල්ල දැක්කෙ ඒ වෙලාවෙයි... කෙල්ල හීරිලා ලේ පිරිණු අත් දිහා බලාගෙන කල්පනා කලේ නම්ජුන් එක්ක ඉන්න තමන් ගත්තු තීරණේ හරිද වැරදිද කියන එකයි...
මොකක්දෝ මන්දා හේතුවකට සෙහිට නිතරම වගේ හිතුනෙ නම්ජුන් තරහ අඩු උනාම කොයි මොහොතක හරි තමන්ව එලියට ගනීවි කියලයි.. තමන්ව මේක ඇතුලෙ මරල දාන්න තරම් නම්ජුන් දරුණු වෙන එකක් නෑ කියලයි සේහි නිතරම හිතුවෙ...
තමන්ව මෙකෙන් බේර ගන්න කවුරු හරි එනව නම් කියල සේහි හිතින් ප්රාර්තනා කලේ මෙ විදිහට සේහි එක්ක කේන්තියෙන් යන නම්ජුන් ආයෙම සති ගානකට නොඑන බව සේහි මේ වෙන්කොටත් අත්දකීමෙන්ම දන්න නිසා..
ජීවිතේ අපි ගන්න සමහර තීරණ අපේ ජීවිත තව තවත් දුශ්කර කරවනවා.. ටිකක් හරි පහසුවෙන් ගෙවන්න තිබුණු ජීවිතේ අපි ගන්න ඒ තීරණ නිසාම දුෂ්කර වෙන අවස්තාවල් තියෙනවා.. හරියට සේහි නම්ජුන් එක්ක ඉන්න ගත්තු තීර්ණේ සේහිව තව තවත් අසරණ කලා වගේ..
හිතුවෙ නැති වෙලාවක සේහිගෙ ෆෝන් එක රින්ග් උනේ සේහි ගැස්සිලා යද්දි.. කාමරේ පුරා යන්තම් අතපත ගාලා ෆෝන් එක හොයා ගත්තු සේහි කලබලෙන් ආන්සර් කලේ ඒ ජන්කුක් නිසා..
"ජ...ජ...ජ...ජන්.."
සේහි කලබලෙන් ජන්කුක්ට කතා කරන්න හැදුවත් සේහිගෙ කලබලයත් හිතේ ඇති උණු බයත් උගුරෙන් ආපු වේදනාවත් නිසා කෙල්ලට හිතුව වගේ කතා කර ගන්න බැරි උනා.. ඒ එක්කම සේහිට ඇහුණෙ ජන්කුක්ගෙ කරුණාවන්ත කටහඩ..
"නූනා.. කෝ.. කලබල වෙන්න එපා.. හෙමින් හුස්ම ගන්න.. කෝ.. රිලැක්ස් වෙන්න නූනා..."
සේහි ඔළුව වැනුවෙ ජන්කුක් කියන දේ තේරුණා වගේ... ජන්කුක්ගෙ කටහඩින් සේහිගෙ හිතේ තිබුණු ලොකු බයක් අඩු උනා වගේ සේහිට මේ වෙනකටත් දැනෙන්න අරන්... මේ වෙලාවෙ තමන්ව බේර ගන්න පුලුවන් එකම කෙන ජන්කුක් නිසාම සේහි අමාරුවෙන් කතා කරන්න ගත්තා...
.
"ජ... ජන්..කු..ක්...ශි.... මා..මාව.. බේ..ර...ගන්න..."

BẠN ĐANG ĐỌC
🚫The Fault🚫 [COMPLETED]
Fanfiction🚫සමහර වැරදි හරියට ඉරිතලපු වීදුරු වගේ... මොන තරම් උත්සාහ කලත් ඒවා මුල් තත්වෙට ගන්න අපිට බෑ... 🚫 Fan Fiction only 💕 ⚠️️කොපි කරන්න එපා ⚠️️