🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫
"මන් කැමතියි.. එයාට කියන්න...."
කිසි දෙයක් නොකිය එතනින් යන සේහි දිහා සියොන් බලන් හිටියෙ පුදුමෙන්.. සේහිගෙ මේ අමුතු හැසිරීම සියොන්ට හිතා ගන්න බැරි උනා... සේහි සියොන් කියන දේවල් විශ්වාස නොකරත් මේකට කැමති උනේ ඇයි කියල සියොන් කල්පනා කලා.. සේහිගෙන් සියොන් බලාපොරොත්තු උනා වගෙ කිසිම ප්‍රතිචාරයක් හම්බ උනේ නෑ.. තමන් කියන්න ගිය දේ සම්පූර්ණ කරන්නවත් නොදී ඒකට කැමැත්ත දුන්න එක ගැන සියොන් හිටියෙ සැකෙන්.. මොකද මේක සියොන් දන්න සේහිගෙ හැසිරීම නෙවෙයි... සේහි ගැන හරියටම දන්න සියොන්ටත් මේ වෙන දේවල් හිතා ගන්න බැරි උනේ පුදුමෙකට වගේ...
.
.
.
.
.
.
After two weeksසේහිත් හනාත් හිටියෙ හනාගෙ ගෙදර මිදුලෙ... සේහි මේ ගෙදර හනා එක්ක හනාගෙ අත්තම්ම එක්ක ඉන්න අන්තිම දවස අද.. දාල යන්න ලෝබ හිතෙන හරි ලස්සන හැඟීමක් සේහිත් හනාත් අතර තිබුණා.. දෙන්නත් එක්කම මිදුලට වෙලා ඔහේ බලන් හිටියා.. හනාට නම් හිත ඇතුලෙ මොකක්ද මන්දා නරක හැඟීමක් එන්න අරන්.. කෙල්ලගෙ හිත කියන්නෙම සේහිගෙ මේ ගමන නවත්තන්න කියල... හනාගෙ මූණත් අද මැලවිලා ගිහින් කියලයි සේහිට නම් හිතුණෙ..
"මට උබව යවන්න හිතෙන්නැ සේහියා.. උබට ඔය ගමන නොයා ඉන්න බැරිද..?"
හනා ඒ අහපු ප්‍රශ්නෙට සේහි පුදුම වෙලා ඇස් ලොකු කරන් බලන් හිටියෙ වචනයක් වත් නොකියා.. සෙහි දිහා මැලවුණු ඇස් වලින් බලපු හනා ආයෙම කතා කරන්න ගත්තා..
"මට මේ දේ හරි කියල හිතෙන්නැ සේහියා.. හිත කියන්නෙම උබව මෙහෙන් යවන්න එපා කියල.."
"අනී... මට මොනවත් වෙන්නෙ නැ... අනික මන් යන්නෙ.."
"හරි හරි... මන් දන්නව ඔයා යන්නෙ ජේහ්යොන්ග් ගාවට කියල... දරුවා අප්පගෙ ළඟ හැදෙන්න ඕනි තමයි.. ඒත්..."
හනාට කියන්න ගිය දේ කියන්න ලැබුණෙ නැත්තෙ ගේට් එක ළඟින් ඇහුණු හෝන් එකක සද්දෙට.. හනා කතාව මගින් නවත්තල දුවල ගියේ ඒ කව්ද කියල බලන්න.. හනා යන දිහා බලාගෙන සේහි හිටියෙ වරදකාරී හැඟීමෙන්.. සෙහි තාමත් තමන්ගෙ ඇත්ත හනාට කියල තිබුණෙ නෑ... සේහි අද යන්නෙ ජෙහ්යොන්ග් ගාවට කියල හනාට බය නැතුව කිව්වෙ හනා ජේහ්යොන්ග් ගැන අහල තිබ්බත් කිසිම වෙලාවක දැකලා නොතිබුණු නිසා...
YOU ARE READING
🚫The Fault🚫 [COMPLETED]
Fanfiction🚫සමහර වැරදි හරියට ඉරිතලපු වීදුරු වගේ... මොන තරම් උත්සාහ කලත් ඒවා මුල් තත්වෙට ගන්න අපිට බෑ... 🚫 Fan Fiction only 💕 ⚠️️කොපි කරන්න එපා ⚠️️