Episode 14❎

1.4K 353 201
                                    


🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

නම්ජුන් දීපු ඇදුම් අරගෙන ජන්කුක් හෙමි හෙමින් පියවර මැන්නෙ සේහිගෙ රූම් එකට.. කොල්ලා ඒ යනකොටත් සේහිගෙ තොල් වලින් හෙමිහිට ගීතයක පද වැල් මිමිනුණා..  බාගෙට ඇරිලා තිබුණු දොරෙන්  ජන්කුක් දැක්කෙ සේහිව.. ඔලුවත් පහතට නවාගෙන එක් අතක් තමන්ගෙ කුසට තියාගෙන පිරිමදිමින් සේහි හිටියෙ හෙමි හෙමින් ගිතයක් මුමුණන ගමන්..  කෙල්ලගෙ මූණෙ තිබුණු සියුම් මදහස අදුර ගන්න ජන්කුක්ට නම් ඒ තරම් වෙලාවක් ගියේ නෑ.. සේහිගේ හිතේ සැනසීම සතුට ඒ ගීතයට නව පණක් දීලා කියලයි ජන්කුක්ට හිතුණෙ..

"ඔමොනි... ඔයත් මට මේ විදිහටම ආදරෙ කරන්න ඇති.."

ජන්කුක්ට ඉබේටම කිය උනේ තමන්ගෙම අම්ම මතක් වෙලා.. හැමදාමත් වගේ අදත් ජන්කුක් සේහිගෙන් තමන්ගෙ අම්මව දැක්කා.. බාගෙට විවෘත උණු දොර ළඟට වෙලා ජන්කුක් තාමත් මේ හිත් නිවන දසුන දිහා බලාගෙන හිටියෙ කරන්න ආපු දේත් මුලුමනින්ම  අමතක කරල දාලා.. සේහිගෙ හිත් නිවන ඒ සෞම්‍ය කටහඬත් කොල්ලව තව තවත් ඇද ගන්න හේතු වෙන්න ඇති..  ජකුක්ට දැනුනෙ තමන්ගෙ හිතත් නිවුණා වගේ හැඟීමක්...

"ජන්කුක්ශි.. දවසෙම ඔතනට වෙලා ඉන්නද කල්පනාව...?"

සේහිගෙ කටහඬින් තමන්ගෙ ඈත අතීතෙට හිත අරගෙන ගිහින් ඉදපු ජන්කුක් ගැස්සිලා ගියා.. හැමදාමත් වගෙ හිනාවත් මුනෙ අලවගෙන ජන්කුක් සේහිගෙ රූම් එකට ආවත් සෙහිගෙ ඇස් නම් තිබ්බෙ ජන්කුක් අරගෙන ආපු පාර්සලය මත... පොඩි දරුවෙක් වගෙ තමන්ට අරන් ආවෙ මොනවද කියලා හිත හිත ජන්කුක්ගෙ අත් දිහා බලන් ඉන්න සේහි දැක්කම ජන්කුක්‍ට ඉබේටම හිනාවක් ආවා..

"නූනා.. ඔයා දැන් නරක් වෙලා.. මන් ආවත් ගානක් නෑ.. මෙයා හොයන්නෙම මන් මොනාද ගෙනාවෙ කියලා..."

ජන්කුක් මූනත් දෙක කරන් බොරුවට කියනවත් එක්කම සේහි මූනත් රතු කරන් බිම බලා ගත්තෙ නරක වැඩක් කරලා අහු උනා වගේ...

"අයිගො අයිගො.. මෙන්න මෙයාට ලැජ්ජා හිතිලා.. ඔන්න නූනා අද නම් මේක ගෙනාවෙ ඔයාට නෙවෙයි.. අපේ එන්න ඉන්න චුට් පැටියට...."

ජන්කුක් හිනාවෙවී කිව්වෙ බෑග් එක සේහිගෙ අතට දෙන ගමන් උනත් කොල්ලහෙ හිනාවෙ ඇතුලෙ තිබ්බෙ ලොකු වේදනාවක්.. ඒ වේදනාවෙන්ම ජන්කුක් සේහි දිහා බලන් හිටියා.. ගෙවුණු මාස තුනට සේහි ගොඩක් වෙනස් වෙලා කියල කොල්ලට හිතුණා.. ඉස්සර තිබුණු ගිලුණු ඇස් සහිත සිහින් දුක් බර මූණ වෙනුවට කෙල්ලට දැන් තියෙන්නෙ පිරිපුන් කම්මුල් එක්ක රවුම් මූණක්.. ඒ ඇඟත් පෙරදාට වඩා පිරිපුන් වෙලා තිබ්බෙ කෙල්ල ඉන්නෙ ගොඩක් සතුටින් කියල පෙන්නන්න වගේ.. ඒ ඇත් දල පාට හම පවා වෙනදාටත් වඩා දිස්නයක් දෙන්න අරන්.. ඇස් වලින් පවා සේහි හිනා වෙනව කියලයි කොල්ලට නම් හිතුණෙ...

🚫The Fault🚫 [COMPLETED]Donde viven las historias. Descúbrelo ahora