Episode 15❎

1.6K 368 341
                                    

🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

"මේ දේවල් ඉක්මනින්ම ඉවර වෙනවා නම්.."

නම්ජුන් සෝෆා එකට වෙලා කල්පනා කලේ තමන් ඉස්සරහට කරන්න ඕනි දේවල් ගැන.. කොල්ලට තාමත් කරන්න ඕනි දේ මොකක්ද නොකරන්න ඕනි දේ මොකක්ද කියලවත් හිතා ගන්න බෑ.. වෙනදා තමන්ගෙ හිතුමතේට පමණක් වැඩ කරන නම්ජුන්ට අද සේහි ගැනත් දරුව ගැනත්, තමන්ගෙ හරබොජි ගැන වගේම ජින් ඒ ගැනත් හිතන තරමට වෙනස් වෙලා.. තමන්ගෙ ප්‍රශ්න වලට පැත්තක ඉන්න ජින් ඒව ඇදගන්න උනු එක ගැන නම්ජුන් හිතින් දුක් උනා.. තමන් නිසා ජින් ඒට හානියක් නොවෙන්න වග බලා ගන්න නම්ජුන් තමන්ටම පොරොන්දු උනෙත් මේ දවස් කීපයට ජින් ඒ තමන්ට හොද යලුවෙක් උනු නිසා... ජින් ඒගෙ හිතේ නම්ජුන් ගැන තියෙන්නෙ මොන වගේ අදහසක්ද කියල හරි හැටි නොදන්න නම්ජුන් දෙපාරක් නොහිතා තමන්ට උදව් කරන්න කැමති උණු ජින් ඒ ගැන මුලින්ට වඩා ටිකක් පැහැදීමකින් හිටියෙ..

හැඟීම් මිනිස්සුන්ව අසරණ කරනවා.. හරියට නම්ජුන්‍ට උනා වගේ.. හැමදාමත් ළඟින්ම හිටි ජන්කුක් වගේම ළඟින්ම නොහිටියත් එක වහලක් යට මාස ගනනක් එකට ජීවත් උනු සේහිටත් වඩා දවසක් විතරක් දැකපු ජින් ඒව විශ්වාස කරන්න තරම් නම්ජුන් මෝඩ උනා.. හැඟීම් මිනිස්සුන් මුලා කරනව කියන්නෙ මේකට වෙන්න ඇති.. නම්ජුන් වගේම ජකුක්තුත් මේ ප්‍රශ්න නිසා පීඩා වින්දත් හැම දෙයක්ම ජින් ඒට කියන්න ගත්තු තීරණේ ගැන නම්ජූන්ට ඇඟිල්ල දික් කරන්න.. ඒ තීරණේ ගැන චෝදනා කරන්න ජන්කුක්ටවත් අයිතියක් තිබ්බෙ නෑ.. මේ ප්‍රශ්නෙන් තමන්ට වඩා සිය දහස් ගුණයක් පීඩා විදින්නෙ නම්ජුන් කියල ජන්කුක් උනත් දැනගෙන හිටියා.. ජින් ඒ නම්ජුන් ළඟ වගේම ජන්කුක් ළඟ උනත් හරි පරිස්සමෙන් හැසිරුණේ තමන්ගෙ හැඟීම් හැමෝගෙන්ම හංගගෙන.. අවාසනාවකට වගේ ජින් ඒ ගැන ජන්කුක්ට වත් සැක නොහිතෙන්න ඒකත් හේතුවක් වෙන්න ඇති...

නම්ජුන් හිටියෙ අද දවස පුරාම සේහිට හොරා සේහි දිහාම බලාගෙන හොද අවදානෙන්.. මොකක්ද මන්දා හේතුවක් නිසාම කෙල්ල අද වෙනදට වඩා අපහසුවෙන් ඉන්නව කියලයි නම්ජුන්ට නම් හිතුනෙ.. ඒ නිසාම නම්ජුන් අද ඔෆිස් නොයා ගෙදරම නැවතිලා ඉන්න හිතා ගත්තෙ මොන තරම් අමාරු උනත් කෙල්ල කටක් ඇරලා මේ ගැන තමන්ට නම් නොකියන බව දන්න නිසාමයි..

🚫The Fault🚫 [COMPLETED]Donde viven las historias. Descúbrelo ahora