💙 Episode 02 💙

1.4K 318 34
                                    

" ජියා pov"

" hello... ජියා... ජියා... "

" අහ්.. ආ... මේ uncle මං තියනවා බායි.." කෝල් එක කට් කරලා මාව අල්ලගෙන ඉන්න කෙනා කවුද කියලා හොදට ස්කෑන් කරලා බැලුවා..
කවුද යකො මේ..

" ඔයාට අවුලක් නෑ නේද.. "

"................."
මං මීට කලින් දැකලා නෑ..
අපේ year එකේ නම් වෙන්න බෑ..
කවුද මේකා...

" hello..."ඒ ගමන මගෙ මූණ ඉස්සරහ අත එහෙට මෙහෙට වනනවා..

" ජියා.... ජියා... " දෝ යුන් දුවගෙන ඇවිත් මාව අර කොල්ලා ළගින් ඇදලා ගත්තා...

" ඔයා හොදින් නේද... "

"ඔව් ඔව් කෑගහන්න එපා.. "
දෝයුන් කෑගැහුවෙ හරියට මාව ලොරියකට යටවෙන්න ගියාවගේනේ.. මේක බොරුවටත් එක්ක දගලන ගමන් අර කොල්ලට එකසිය ගානට රවනවා..

" තමුසෙ උඩබලාගෙනද යන්නෙ ආ.. " දෝයුන් ඒ කොල්ලට කෑගහන කොට එයා මුකුත්ම කිව්වෙ නැ..

" ඒක ඉතින් මෙයාගෙන් තමා අහන්න ඕනේ.. "

පුහ්.. මෙයා බලන්න එපැයි..

" සොරි වෙන්න ඕනේ.. මං කෝල් එකේ හිටපු නිසා ඔයාව දැක්කෙ නෑ.. "

" ආ... sung ho උබ ආවද.."
මං අරයට සොරිත් කියලා ආපහු හැරිලා යන්න හදනකොටම කවුද කෙනෙක් අර කොල්ලට කතා කලා..
sung ho..
ඒකද නම..
ඇවිත් හිටියෙ සීනියස්ලා සෙට් එකක්...
යා.... මුන්ද.. රොත්ත පිටින් කරට අත් දාගෙන ආවෙ එච්චර හොදයි කියලා කියන්න පුලුවන් සෙට් එකක් නෙවෙයි.. මෙහෙම කිව්වොත්...
මට මුන්ව පේන්න බෑ..
මුන්ට මාව පේන්න බෑ...

" ජියා... "
ආන්න එනවා මගෙ සෙට් එකත්.. ජේහ්වා උඩ පැන පැන මගේ පැත්තට ඇවිත් එකපාරම ගල් ගැහිලා වගේ නතරවුනා..

" ඇ... ඇයි ජියා.. ඔයා මෙතන.. "

" මෙතන...මං මෙතන ඉදන් බට්ටා පැන්නා... එනවා යන්න.."
ජේහ්වාව ඇදගෙන අර ගොන් රැලත් ගනන් ගන්නෙ නැතුව මං යන්නයි හැදුවෙ..

" ජියා.. මොකෝ මේ... අද ඔය කටින් කෙකෙර බාන්න වචන නැද්ද... "
ඒ කතා කලේ සීනියස්ලා සෙට් එකේ හිටපු මින්ජුන්.. අර අලුත් කොල්ලත් කට කොනකින් හිනාව දාගෙන මුකුත් නොකියා මං දිහා බලන් හිටියෙ මින්ජුන්ගෙ කතාවට..
ආ තව දෙයක්.. මින්ජුන් කියන්නෙ ජේහ්වා පස්සෙන් යන කොල්ලා.. මොකට කියනවද.. මේකිට මොලයක් නෑ වගේම ඇස් පේන්නෙත් නෑ.. මං ඉතින් බොහොම ඉවසීමෙන් මෙයා එක්ක ගනුදෙනු කරන්නෙ..

CINDERELLA (Completed)Where stories live. Discover now