••••••••••••" ජියා pov "••••••••••
" අපි ආවා මිස්...."
ගාඩ්ගෙ කටහඩට කල්පනාවක හිටපු මං වාහනෙන් බහින්න කලින් අන්තිම වතාවටත් බැලුවෙ හැමදාම වගේ කුකීගෙන් message එකක් තියනවද කියලා...නෑ...
මං අන්තිමට යවපු mg එක ඇරෙන්න කිසිම දෙයක් තිබුනෙ නෑ...ජන්කුක් ගිහින් තාම සති දෙකයි...
ඒත් ගෙවුන දවස් ටික මට ගෙනාවෙ පුදුම පාලුවක්....
එයා ආපහු බුසාන් ගියාලු...
ඒත් එයාගෙ අප්පා නිර්දෝශී කියලා ඔප්පු කරනකල් මෙහෙන් යන්නෙ නෑ කියපු කුකී එකපාරම බුසාන් යන්න හේතුව මොකද්ද කියලා මට හිතාගන්න බෑ...
Park අන්කල්ගෙන් ඇහුවත් හැමදාම එයා ප්‍රශ්නෙ මගාරිනවා..
මට මේ ගැන වෙන අහන්න කෙනෙක්වත් හිටියෙ නෑ...එයා නැතුව කලින් මගේ පරන පුරුදු ජීවිතේට හැඩගැහෙන්න මං ගොඩක් උත්සහ කරනවා...
Exam එක හින්දම company එකට යන එකත් මං අඩුකලේ ඒකේ වැඩ හැම එකක්ම park අන්කල් බලන්නම් කියද්දි.. ටිකෙන් ටික company එක profit ලබන්න ගත්තත් මේටිකේම කුඩම්මා හැසිරුනේ මහඅමුතු තාලෙට...
කලබලවෙලා...කවදාවත් නැතුව එයාගෙ ටකරන් දූලා දෙන්නටත් බනිනවා.....
අනේ මංදා...
එයා ගැන හිතද්දි පාඩම් කරපුවත් අමතක වෙනවා....පුෆ්.......
අතේ තිබුන වොඩ්කා වීදුරුව එහෙට මෙහට කරකවන ගමන් හිටපු මගෙ කරට අතක් දාපු ජේහ්වා මොකද කියන්න වගේ ඇහිබැම ඉස්සුවා..." චියස්..........."
වොඩ්කා වීදුරුවෙන් ජේහ්වගෙ අතේ තිබුන වීදුරුවට තට්ටුකරලා එක උගුරට හලාගෙන මං හිනාවුනා...." දෝයුන් කොහෙද... "
" දැන් එයි...... "
" ජියා.. අද නම් එපා හරිද...
Plz කෙල්ල.... උබලා ඔට්ටු අල්ලලා අහිංසක අපිට වද දෙන්නෙ... "
සූජින් ඇවිත් මගේ එහාපැත්තෙන් වාඩිවෙලා කන්කෙදිරි ගාද්දි මං නෑහුනාවගෙ ඈතින් එන දෝයුන්ට අත වැනුවා..." මොනාද ඔට්ටුවට අල්ලන්නෙ..."
ජේහ්වා එහෙම අහද්දි දෝයුන් එයාගෙ කාඩ් එක අරන් ටේබල් එක උඩින් තියලා විරිත්තලා හිනාවුනා..." එතකොට ජියා...."
" මං............
මං අද මාවම ඔට්ටු අල්ලනවා.. හම්..."