💙 Episode 03 💙

1.2K 317 47
                                    

" Jiya pov "

" මුන් ලව් කරන්න අපි කට්ට කන්න.. " දෝයුන් මූණ බෙරි කරගෙන කිව්වෙ පැත්තකට වෙලා ඉන්න කපල් දෙක දිහා බලලා.. දැන් තව ජෝඩුවක් එකතුවුනානෙ..
ඔව්.. අර නසරාණියයි.. අපේ ජේහ්වායි.. දෙන්න එක්ක දැන් බැරල් දෙක තුනක් පිරෙන්න මල් කැඩුවා.. තවත් කඩනවා..මමයි දෝයුනුයි පැත්තකට වෙලා බලන් ඉන්නවා.. මට නම් පාළුවක් නෑ මේකගෙ හැකර කට ඇහෙද්දි කිසිම කම්මැලිකමක් නෑ..

" ඒයි.. ජියා අර සුන්මී නේද.. අර කොල්ලෙක් එක්ක ඉන්නෙ.. " බබරයක් වගේ එහෙට මෙහෙට කැරකි කැරකි හිටපු දෝයුන් පිටිපස්සට අතකුත් දික් කරගෙන කියද්දි මාත් හැරිලා බැලුවා..

" තවත් කොල්ලෙක්.. " පුදුම වෙන්න දෙයක් නෑ ඉතින් කලින් යාළුවෙලා හිටපු කොල්ලට වැඩිය මේ කොල්ලගෙ bank account එකේ වැඩිපුර රුපියලක් හරි ඇති...

" ඔය තියෙන්නෙ මායාකාරි කොයිවෙලෙත් කියවන නම්බුව.. පව් අර කලින් කොල්ලා.. " මං හිනාවෙලා අහක බලාගත්තේ ඒ පැත්ත බලන්න තරම් ඕනකමක් නැති නිසා..

" ඒක නෙවෙයි ජියා.. "

" හම්ම්ම්..."

" දැන් අපි දෙන්නා විතරයිනේ තනිකඩයො වගේ ඉන්නේ.. මොකද කියන්නෙ අපි දෙන්නත් සෙට් වෙලා අර වගේ පැත්තකට වෙලා ඉදගෙන මලක් කඩමුද... " මං දෝයුන් කියපු දේ නිසා එයාගෙ පැත්තට හැරෙද්දි හැමදාම වගේ මෝඩ පාට් එක දාගෙන බලන් ඉන්නවා..

" පිස්සු... " මං ඉදන් ඉන්න තැනින් නැගිටලා යන්න හැදුවෙ පාක් අන්කල්ව හම්බවෙන්න.. ඒත් මං අඩියක් තියලා අනිත් අඩිය ගන්න හදනකොටම මගෙ අතින් ඇදිලා ගිහින් ඉන්දවුනේ දෝයුන්ගෙ ඔඩොක්කුවෙ..

*****************************

" Do yun pov "

ජේහ්වායි මින්ජුන් දෙන්නයි සූජිනයි යේජුන් දෙන්නයි පැත්තකට වෙලා මල් කඩනවා.. මායි ජියයි මේ ලී බංකුවක් උඩට වෙලා උඩ බලාගෙන ඉන්නවා.. උඩ බලාගෙන ඉන්නවා කිව්වට ජියා නම් එයාගෙ ඇස් ෆෝන් එකේ ඔබාගෙන.. ඒත් මං.. මටත් ඕනේ අර කපල් වගේ ඉන්න.. ජියා එක්ක.. එයා එක්ක ළඟින් ඉන්න.. ආදරෙන් කතා කරන්න.. හිනාවෙන්න.... එතකොට එයාගෙ තොල්... යාහ්.... දෝයුන් ලිමිට් එකට ඉන්නවා.. මං මේක කවදා වෙනකල් ඉවසන් ඉන්නද.. මං එයා දිහා බලද්දිත් ඒ ඇස් වෙන පැත්තක.. ජියා ඔයාට බැරිද මං දිහා බලන්න..

CINDERELLA (Completed)Opowieści tętniące życiem. Odkryj je teraz