💙 Episode 10 💙

1.1K 291 15
                                    


" jungkook pov "

සන්සුන්ව ගලාගෙන යන හන් ගඟ දිහා බලාගෙන හිටපු ජියා ළගට ගිය මං මගෙ අතේ තිබ්බ කෝට් එකෙන් එයාගෙ ඇඟ ආවරණය කලා. ගෙදර ඉඳන් එද්දි එයා හූඩියක් විතරයි ඇදන් හිටියේ.. මේ වෙලාවෙ එලියට යන්න බෑ කියලා කිව්වත් මට සැර දාලා ගිහින් car එකට නැගලා මං එනකල් බලන් හිටපු නිසා අකමැත්තෙන් වුනත් මටඑයා යන්න ඕන කියන තැනට එක්කගෙන එන්න වුනා..

මුකුත්ම නොකියා තාමත් එයා ගඟ දිහා බලන් ඉන්නවා.. මේ සීතල එයාට හොද නෑ.. මෙතනින් යන්න අදහසක් නැද්ද ජියා.. එයා මොනාම හරි දෙයක් හිතේ තියාගෙන ඒක ගැන කල්පනා කරන ගමන් වගේ ඉන්නෙ මං ඒකට බාධා කරන්නෙ නැතුව එයා ළගින්ම වාඩි වෙලා ඉස්සරහා බලාගත්තා... ඉදගෙන ඉන්න bench එක උඩට කකුල් දෙක අරගෙන නිකට තියාගත්ත ජියා ලොකු හුස්මක් අරන් ඉහල පහල දැම්මා...

" අපි මෙතනින් යමුද.. ඔයාට සීතලේ ඉන්න හොදනෑ... "

" මං දුර්වලයෙක් වගේ පේනවද ජන්කුක්.."
මං කියපු දේට වෙනම දෙයක් එයා මගෙන් ඇහුවෙ...

" එහෙම නෑ...ඇයි ඔයා ඒ වගේ දෙයක් කියනෙ.. "

" මට බය හිතුනා.. pool එකට වැටුන වෙලාවෙ... ක...කවුරුත් මාව බේරගන්න එකක් නෑ කියලා හිතුණේ..  කොච්චර පිටට මං ශක්තිමත් පරණ ජියා නෙවෙයි ඉන්නෙ කියලා පෙන්නුවත් මට ඒක කරන්න අමාරුයි.. "

" පරන ජියා.. ඇයි එහෙම කියන්නෙ.. ඇයි ඔයා ඔයාවම වෙනස් කරන්න හදන්නෙ.. "
මට මෙච්චර දවසක් අහන්න ඕන කරලා තිබ්බ දේ ජියාගෙන් මං ඇහුවා.. එයා එක පාරම මගෙඇස් දිහා බලද්දි මං කලබල වුනත් හිනාවෙලා අහක බලාගත්තේ එයාට ඒකෙන් අපහසුවක් දැනෙන්න ඇති කියලා...

" කියන්න අකමැති නම් ඕන----"

" ඔයා හැමදාම මං ළඟ ඉන්නවද.. "

"...... මොකද්ද.. "

" මං ගැන දන්නෙ මං  ළග ඉන්න  අයවිතරයි..  අජුම්මා.. ජෝ අන්කල්.. park අන්කල්.. එතකොට කුඩම්මා... සුන්හී.. සුන්මී... දැන් ඔයා.. "
ඔයාට මාව විශ්වාස ද ජියා.. මං ළඟ ඉදී කියලා.. එයාට කතා කරන්න දීලා මං බලන් හිටියා...

" park uncle කියන්න ඇති නේද මගෙ පොඩි කාලෙ ඉදන්ම ඔම්මා හිටියෙ නෑ..  අප්පා වෙන කෙනෙක්ව කසාදබැන්දා ... මට කුඩම්ම කෙනෙක් ගෙනාවා.. අප්පා අවුරුදු 7දී මාව දාලා ගියා... මං ළඟ හිටපු හැමෝම ගියා.. කුකී.. එයත් ගියා... "

CINDERELLA (Completed)Where stories live. Discover now