💙Episode 19💙

1.1K 258 32
                                    

•• "Jiya pov"••

රටාවකට කන්පෙත්තට වදින උණුසුම් හුස්මට කිතියක් දැනෙන කොට එහෙට මෙහට වෙලා තව ටිකක් නිදාගන්න හැදුවත් ආපහුවතාවක් මාව ඇදිලා ගිහින් ඒ උනුහුම් පපුවට වැදුනා...
අනිත් පැත්තට හැරිලා ලොකු ඈනුමකුත් එක්ක ඇස්පොඩි කරන ගමන් ළඟ හිටපු කුකී දිහා බලද්දි දැක්කෙ එයා තාමත් තද නින්දක...

ආදරෙයි........
රෑ පුරාවටම ඔයා සියවතාවක් විතර මට ඒ වචනෙ කිව්වා...
ඉතින් ඒ හැම වෙලාවෙකම හිතුනෙ මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙල්ල මං කියලා කුකී...
හැම අදුරු කැලලක්ම ඔයාගෙ ආදරේ පිරෙව්වට ගොඩක් ස්තූතී...

ඇහැරවන්න තිබුන ලෝබකමට ඒ මූණ දිහා බලාගෙන කල්පනාවක හිටපු මට  ඉබේම මූණට ආවෙ හිනාවක්..
පපුවෙන් පහලට ඇදිලා තිබුන බෙඩ්ශීට් එක අත්වලට ගුලිකරන්
කුකීගෙ  මූණ පුරා මගෙ ඇස් යැව්වා...
අවුල්වෙලා ගිය කොන්ඩෙ,
එකට ගැටුන තොල්පෙති,
තනි රේඛාවක් වගේ ඇදිලා ගිය jawline එක,

ඔයා නම් මාව පිස්සු වට්ටනවා....

මට ඕන වුනේ හොරෙන්ම  ඒ ලිප්ස් කිස් කරන්න..
තොල්දෙක උල් කරන් චුට්ට චුට්ට ලං වෙන්න හැදුවත් මගෙ කොට ජීවිතේ එකට හරස් කැපුවා...

අසරණයි.........

කරන්න දෙයක් නෑ...
තොල් දෙකත් පිට පෙරලගෙන උඩබැලි අතට හැරුන මං විඩෙන් විඩේ ඒ මූණ දිහා බැලුවෙ කුකී නැගිටී කියලා...

.
.
.
.
.
.
.
.
.
වෙලාව ඔයත් මට සරදම් කරනවා නේ....
ඔරලෝසූවෙ විනාඩි කට්ටට  මං එරෙව්වා..
අපි පොඩ්ඩක් කොල්ලෙක් එක්ක ඉන්න එපැයි පස්සට මොකක්ද එක හයිකරන් වගේ කට්ට කැරකෙන විදිහ...

" ජියා...."
ජන්කුක්ගෙ නිදිමත කටහඩට මගෙ  ඔරලෝසුවෙ කටුත් එක්ක තිබුන  සීතල යුද්ධෙ ඉවරවුනා...

"හම්ම්...."

" Good morning...."

" Good morning කුකී...."

" හොදට නිදාගත්තද..."

යාහ්...
නිදාගන්නෙ කොහොමද..
කටක් ඇරලා උත්තරයක්  දෙන්න පුලුවන්  ප්‍රශ්නයක් ද ඇහුවෙ...
කම්මුල් දෙක රත්වීගෙන එනවා වගෙ දැනෙද්දි ඒ මූණ මගෑරලා මං අහක බලාගත්තා...

CINDERELLA (Completed)Where stories live. Discover now