(කලින් episode එකේ වීඩියෝ එක බලන්න බැරිවුන අයට දැන් වීඩියෝ එක බලන්න පුලුවන්... රිවස් පාරක් දාලා කලින් episode එකට ගිහින් බලලා එන්න😁.....)
A week later
••" jimin pov"••
" ඇයි ජන්කුක් විතරක් මේකට යැව්වෙ ආ.. ඒ කොල්ලව තනියම මෙච්චර දෙයක් කරන්නෙ කොහොමද..."
ඉවසීමේ සීමාව පැනපු මං කෑගහගෙන chief officerගෙ කැබින් එකට ඇතුල්වුනේ මට තිබුන කේන්තිය ඉහවහා ගිය වෙලාවෙ..." officer park jimin..."
මේසෙට දෑතින්ම ගහන ගමන් නැගිටපු chiefගෙ කෑගැහිල්ලට කැබින් එකෙන් එලියෙ හිටපු යුන්ගි හ්යොන්ග්නුත් දුවගෙන ඇවිත් මාව ඇදලා පැත්තකට කලා..." ජිමිනා.. කට වහගෙන ඉන්නවා..."
" හ්යොන්ග්... කුකියා තනියම ඒ මිශන් එකට යවලා තියෙන්නෙ.... එච්චර දෙයක් වෙනකනුත් අපි කිසිම දෙයක් දන්නෙ නෑ.."
" කෑගහන්න කලින් දැනගෙන කතා කරනවා ජිමින්.. මං දෙයක් කරනවා නම් හොදට හිතලා බලලා කරන්නේ...
මේක දේශසීමා පන්නලා කරන්න හදන ජාවාරමක්.. නිකන් අල්ලන සෙල්ලමක් නෙවෙයි..."මොනා කියනවද කියලා හිතාගන්න බැරුව මං චීෆ් දිහා බලන් හිටියා..
" ජන්කුක් විතරක් නෙවෙයි තව මේකට හතර දෙනෙක් යොදවලා තියෙන්නෙ.. ඒක නිසා මෙතන නැට්ට ගිනිගත්ත මොකාද එකා වගේ දගලන්නෙ නැතුව ගිහින් වැඩක් බලාගන්නවා..."
යුන්ගි හ්යොන්ග් චීෆ්ට ආචාර කරන ගමන් මාව ඇදන් එලියට ගියේ තවත් මුකුත් කියන්න කලින්..
" කුකීට ආපහු එන්න පුලුවන් වෙයිද..."
" දන්නෙ නෑ.... හැමදේම හොදින් සිද්ධවෙයි කියලා හිතනවා මාත්..."
යුන්ගි හ්යොන්ග්ටත් ලොකු අවිශ්වාසයක් තිබුනා කුකී ගිහින් හිටපු ගමන් ගැන...
දැනුවත් කිරීමක් නැතුවම ජන්කුක්ව මේ විදිහට යවපු එක ගැන තිබුන කේන්තියටයි මං චීෆ්ට කෑගහගෙන ගියේ ..
කොල්ලා අඩුම යන්නකලින් මට කතා කරලාවත් ගියානම් මටත් ඒ ගමනට එකතුවෙන්න තිබුනා...*****************************
••"ජියා pov"••
එකිනෙකා පේන විදිහට හදලා තිබුන වීදුරු කවුලුව ළග හිටපු මගෙ ඉස්සරහට කෙනෙක් ඇවිත් ඉදගත්තා..
ඒ රූපෙ දකිද්දි හිත කලබලවුනත් මට ඕන වුනේ නෑ එයා ඉස්සරහා වෙනසක් පෙන්නන්න..
මොහොතක් එයා දිහා බලන් හිටපු මට දැනුනෙ මේදවස් ටිකට එයා වෙනස් වෙලා තිබුන තරම..