💙 Episode 07 💙

1.3K 304 50
                                    

" Sung ho pov "

" අඩෝ උබ මොනාද ඔච්චර කල්පනා කරන්නෙ... "

" වෙන කවුරු ගැනද බන්.. ඕකා කල්පනා කරන්නෙ ජියා ගැන... " professor උගන්නන අතරෙ අපේ උන් ටික විහිලු කරද්දි තමයි මාත් හරි සිහියට ආවෙ..

" මේ ලෝකෙට වරෙන්.. " එකෙක් මගෙ පිටට අත දිගෑරලා පාරක් ගැහුවෙ මීක් සද්දයක්වත් නැතුව හිටපු හෝල් එකටම ඇහෙන්න.. professorත් මං දිහා බැලුවේ බනින්න කට හදාගෙන වගේ මට යාන්තමට පෙනුණා..

" උඹලා හදන්නෙ මාව මෙතනින් එලියට දාන්නද.. " professor අහක බලපු වෙලාවෙම මං මුන් ටිකට බනින්න ගත්තත් එකෙක්වත් මං කියන ගානකටවත් ගත්තෙ නෑ..

" sung ho මට ඇත්තටම කියපන්.. උඹ ජියාට මෙච්චරටම කැමති ඇයි.. " අදත් මේකා ඒකම අහනවා.. ඌට කොච්චර කිව්වත් ආයෙ ආයේ මේක අහන්නෙ මූට පිස්සුද..

" උබට දැන් මොකද්ද කියහන්කො දැනගන්න ඕනෙ.. මින්ජුන්.."

" මං දන්නවා උඹ ලේසියෙන් කෙල්ලෙක්ට කැමතිවෙන එකෙක් නෙවෙයි.. ඒත් ජියා ඒකිට කැමති මොකද.. "

" මේකෙ ඉන්න හැම එකෙක්ම වගේ ජියාට කැමතී කියලා දන්නවනේ.. මොකද ඒකි ලස්සනයි...කිසි අඩුපාඩුවක් නෑ.. ඉතින් හිතහන් මාත් ඒ ගොඩේ කෙනෙක්..." මං එහෙම කියලා පුටුවට බරවුනේ ඇස් දෙකත් පියාගන්න ගමන්.. ඒත් මින්ජුන් තාමත් මං දිහා බලාගෙන කියලා මට දැනුණා..

" වෙලාවකට මට ඒකිව පෙන්නන්න බෑ තමයි.. හැබැයි උඹ ඒකිගෙන් උබේ අවශ්‍යතා පිරිමහගන්න ගන්න හිතනවා නම් ඒ අදහස අතෑරගනින්.. "

" ඒක අපි බලමුකො bro.. " uni ආව පලවෙනි දවසෙමයි මට ජියාව හම්බවුනේ.. කුකුල් කේන්තිකාරියක් වගේ හැමවෙලේම රණ්ඩුවටම එන්න හදන බටු ඇටයක්.. ඒත් එයාව දකින කොට මටවත් හිතාගන්න බෑ මොනවා වෙනවද කියලා.. එක දෙයක් නම් හොඳටම ශුවර්.. මට ඕනෙ එයාට ලංවෙන්න..

" ඒ අන්න ජියා.. " කෙල්ලගෙ නම ඇහුණා විතරයි මං දඩිබිඩියෙ ඇස් ඇරලා වටපිට බැලුවෙ කෙල්ලව හොයන්න.. hall එකෙන් එලියෙ කොහෙදෝ තනියම ඇවිදගෙන යනවා.. sung ho මේක තමා වෙලාව...

" මං යනවා.. උබලා කටවහන් හිටපන්.. " professor ඉන්න එකවත් මං ගණන් ගන්නෙ නැතුව හෝල් එකෙන් එලියට දිව්වා.. කෙල්ල ගියෙ වොශ් රූම් එකට.. ටික වෙලාවක් ගිහින් washroom එක ඇතුළෙ ඉදලා ආව ජියාගෙ පස්සෙන් ගිය මං එයාව පැත්තකට ඇදලා අරගත්තා.. ඇස් දෙකත් බෝලකරගෙන මං දිහා පුදුමෙන් බලපු කෙල්ල කතා කලේ ටික වෙලාවක් ගියාට පස්සෙ..

CINDERELLA (Completed)Where stories live. Discover now