" ජියා pov "
" ඒයි මේ මාව කොහෙටද අරගෙන යන්නෙ.. " මං ජන්කුක්ගෙන් ඇහුවෙ මනුස්සයෙක් පේන්නවත් නැති පැත්තකට මාව අරගෙන යද්දි..
" මෙන්න මෙතනට.. " එයා ටික වෙලාවක් ඉදලා කතා කරද්දි car එක නතර කලේ තනිකරම ලීවලින් හදපු ලස්සන පුංචි restaurant එකක් ඉස්සරහා..
වාව්.. මෙහෙම තැනකුත් seoul වල තියනවද.. මං bag එකත් car එක ඇතුලෙන් දාලා එලියට බහිනකොට ජන්කුක් car එකෙන් බැහැලා මං ළගට ආවා.. මං හතර වටේටම කැරකි කැරකි බැලුවෙ මේ වගේ තැනක මෙහෙම restaurant එකක් හදන්නෙ මොකද අනේ කියලා.. වැහි ඇදුර ලාවට පැතිරිලා තිබ්බ නිසා මෙතන තවත් ලස්සනයි.." අපි යමුද... " ජන්කුක් හිනාවෙලා මගෙන් එහෙම අහනකොට මං ඉස්සර වෙලා ගියා.. ඇත්තටම මෙතන මාර නිස්කලංකයි.. වැඩිය මිනිස්සුත් හිටියෙ නෑ.. අපේ සෙට් එක මෙතනට ආවා නම් අනිවාරෙන් අපිව එලවලා දානවා.. ලස්සන වගේම කෑමත් රසට තිබ්බොත් හොදයි... උඩින් ඔපේට තියලා බෑනේ..
.
.
.
.
.
.
" හම්ම්ම්.. මෙහෙ කෑම මාරම රසයිනේ.. ඇත්තටම සුපර්.. " මං චොප්ස්ටික් දෙක ජන්කුක් පැත්තට හරවලා කිව්වෙ කිම්චි ටිකක් කටේ දාගෙන.."මොනා නැතත් මගෙ guard මේ වගේ හොද දේවලුත් කරනවනෙ.. "
" ඒ කියන්නෙ මිස් මාව guard විදිහට පිලිගන්නවා.." ජන්කුක්ගෙ මූණෙ තිබ්බෙ දගකාර හිනාවක්..
හෝව් හෝව්.. ජියා කෑම ඉස්සරහා මේ වගේ ඔයාගෙ තත්ත්වය පහතට දාගන්න එපා... මෙයා මේ සෝල්වල තියන එක තැනකට මාව එක්කගෙන ඇවිත් මගෙ හිත දිනාගන්න හදනවා.. එයා අහපු දේට මං මුකුත්ම කියන්න ගියෙ නෑ... ඇතිවෙනකල් කෑම කාලා ඉවර වෙලා අතුරුපසකටත් වැඩේ දෙනගමන් ඉන්නකොට නිකමට වගේ වෙලාව බැලුවා.." ඔහ්.. 6ත් අහුවෙලා.." ඔව් ඉතින් මෙතන ඉන්නකොට වෙලාව යනවා දැනෙන්නෙ නෑනෙ.. restaurant එක ටිකක් පරන තාලෙට යන එකක් වගේ.. කෑම කන්න ඉදගන්න වුනත් තිබ්බෙ බිම, ටේබල් එක වටේට ඉඳගෙන කන්න පුලුවන්..
" යමුද.. "
" හම්.. " බිල් එකත් පේ කරලා එලියට ආවට පස්සෙයි දැක්කේ...
ලා අඳුරක් එක්ක හොදටම වහිනවා..ඒ අස්සෙ එහෙන් මෙහෙන් ගොරවන්නත් අරන්.. ඇතුලට කිසිම සද්දයක් ආවෙ නෑනේ.. දැන් මොකද කරන්නෙ.. ඇඟ දිගේ දැනුන සීතලත් එක්ක මං උරහිස් හකුලුවගන්න ගමන් ජන්කුක් දිහා බැලුවා.. එයත් යන්න විදිහක් කල්පනා කරනවා වගේ.. මෝඩ කොල්ලා මොකටද car එක දුරින් නතර කලේ...