"ජියා pov"
" මෙන්න ගන්න.. "
" Thanks... "
ජන්කුක් මටයි සූජිනාටයි ගෙනත් දුන්න අයිස්ක්‍රීම් දෙකම දෝත බදලා එයාගෙන් අරගත්ත මං ටිකක් එහාට වෙන්න හිටගෙන හිටපු සූජිනා ළගට ගියේ දියවෙන්න අරන් තිබුන මගෙ අයිස් එකෙන් කටක් කන ගමන්.." සූජිනා.. ඉක්මනටම ආ...... කට කට... "
එහෙන් සූජිනාගෙ අයිස් එකේ පැත්තක් දියවීගෙන එද්දිම මං කෙල්ලගෙ කට ඇතුලට අයිස් එක එබුවා..." යා ගෙම්බියෙ.. තව පොඩ්ඩෙන් මගෙ ඇදුම ඉවරයි... "
" ඒකනෙ කට ඇතුලට දැම්මේ.. "
යුනි ඉවරවුන ගමන් සූජිනා මට කිව්වෙ එලියට යමු කියලා.. අද දෝයුනුයි ජේහ්වායි දෙන්නම නැති එකේ අපි දෙන්නම ආවෙ හන් ගඟ ළගට..
දෝයුන් පොඩිවැඩවගයක් තියනවා කියලා මාරුවුනා..
අනේ එයාගෙ පොඩි වැඩ....
ජේහ්වා මින්ජුන් ඔප්පා එක්ක...මෙතනට එන්න හේතු දෙකයි අපිට තියෙන්නෙ.. එකක් සතුටු හිතුනහම අනික කාට හරි ලොකු දුකක් තිබුනහම...
හැබැයි අද නම් ඒ දෙකෙන් එකක්වත් නෙවෙයි වගේ කියලා මට ඉවෙන් වගේ දැනුනෙ සූජිනාගෙ බැල්ම ඉස්සරහා...
" ජියා, ජන්කුක්ට කැමතී වගේ...."
" ම්....මො..මොකක්.. "
කකා හිටිය අයිස් එක තව පොඩ්ඩෙන් හිරවෙනවා.. දෙයියනේ අයිස් එකක් කකා හිටපු ගමන් මැරුනා කියලා ප්‍රසිද්ධවෙන්න ඕනෙ නෑ මට..
හදිස්සියට කටවටේ ගෑවුන අයිස් ටිකත් ආපහු පිහදාපු මං සූජිනා දිහා බලන්න කලින් බැලුවෙ ජන්කුක් දිහා.. එයා ළඟ පාත නැති නිසා හිතට පොඩි සහනයක් ආවත් ඇයි මං ඒ තරමට කලබල වුනේ කියලා මටත් එකපාරම හිතාගන්න අමාරුයි.." කියන්න දෙයක් නෑ.. මට කෙල්ල හැරෙද්දි කියන්න පුලුවන්... "
" අ....අනේ එහෙම දෙයක් නෑ සූජිනා... "
" නැති වෙන්න බෑ... කලින් වගේ නෙවෙයි.. දැන් ඔයා ජන්කුක් ළඟ ඉන්නැද්දි කොල්ලා දිහා හොරෙන් බලනවා.. ඒ මදිවට එයා කතා කරන දිහා බලන් ඉන්නෙ මෝඩයෙක් වගේ... "
" එහෙමද.. මං බලන් ඉන්නැද්දි පේන්නෙ මෝඩයෙක් වගේද... "
"......................."
ඇත්තටම මාව මෝඩයෙක් වගේද පේන්නෙ... ශික්...
හොද වෙලාවට සූජිනා විතරක් දකින්න ඇත්තෙ...