💙Episode 14💙

1K 253 19
                                    

" Jungkook pov "

කොලර්වල දැවටිලා තිබුන ජියාගෙ ඇගිලි ටිකෙන් ටික ලිහිල් වෙලා යද්දි තත්පර ගානක් මගෙ තොල්වල එහාමෙයා ගිය එයාගෙ රෝස තොල් ඈත්වුනේ හිත ඇතුලෙන් ඒ මොහොතට ලෝබකම් කරද්දි.....

ජියා මට ආදරෙයිද.....

ඒ ඇස්වල තිබුනෙ සතුටක්...
මං දිහා බලාගෙන හිටියෙ උත්තරයක් බලාපොරොත්තුවෙන් වගේ...

" මං......."

" එපා.. එපා... එපා.... "
කලබල වුන ජියා එකපාරම මගෙ කටට ඇගිල්ලක් තියලා නතර කලා..

" දැන්ම කියන්න එපා ජන්කුක්....
එක පාරම හැඟීමක් එන්නෙ නෑ කියලා මං දන්නවා.. ඒක නිසා ඔයා කල්ගන්න.. හැබැයි මට ගොඩක් දවස් ඉන්න බෑ ඔන්න..
දැන් යමු......."
කටර් එකක් වගේ කියවගෙන ගිහින් මාවත් දාලා car එක පැත්තට යන එයා දිහා මං බලන් හිටියෙ තාමත් ගල් ගැහිලා...

ඔයා දන්නවද මං කවුද කියලා ජියා...
අඩුම ඔයාට මාව අඳුර ගන්නවත් බැහැ..
ඒත් මට ආදරේ කරනවද......

කල්පනාව ටික දුරක් ඇදිලා යද්දි ආපහු වතාවක් සීතල තොල් දෙකක් මගෙ කම්මුලේ වැදෙද්දි මං පියවි සිහියට ආවා..

" ඔයා ඔහොම ඉද්දි මට කිස් කරන්නමයි හිතෙන්නෙ අනේ.. හා පැටියෙක් වගේ.... "
.
.
.
.
.
.
.
.
.
.
.
.

" Good night......"
නතරකරපු වාහනෙන් බැහැලා මටත් අතවනාගෙන ජියා ගේ ඇතුලට ගියා.

" Good night....."

හිත ඉල්ලන කෙනාම හම්බවෙද්දි අපි සතුටු වෙන්න ඕනෙ...
ඒත් ජියාගෙ ආදරේ ළඟ මං අසරණයි....
කවදාවත් නැතුව අද මගෙ හිත මාත් එක්කම වාද කරන්න අරන්.....

කාමරේට ගිය ගමන් ඇදට වැටුන මගෙ අත නැවතුනේ කොට්ටෙ යට තියලා තිබුන ෆොටෝ එකට....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
" ජියා pov "

කාමරේට ආව මං දුවගෙන ගිහින් ඇදට පැන්නෙ අතපය හතර පිස්සුවෙන් වගේ එහෙමෙහෙ හොලවන ගමන්....

" යාහ්...... ඔයා  ලැජ්ජාවක් ගෑවිලාවත් නැති කෙල්ලෙක් ජියා........ "

" මාත් මේ බේබිට කියන්නමයි හිටියෙ...
ඔය ඇදන් ඉන්නෙ කලිසමක් නෙවෙයි....
ගවුමක් කියලා......"

CINDERELLA (Completed)Where stories live. Discover now