" ජියා pov "
ජියා අඳුර ගන්න මේ ඉන්නෙ ඔයාගෙ bodyguard... " park uncle එහෙම කිව්වත් මං තත්ත්පර ගානක් uncle දිහා තරහෙන් බලන් ඉදලා ඕනවට එපාවට ඇස්කැරකෙව්වා.. ඇයි වදේ.. මං කොහොමද අඩුම නිදහසේ ඉන්නෙවත්.. මගෙ පස්සෙන් bodyguardලා දාන්න මං බබෙක් ඈ... මගෙ එහාපැත්තේ හිටගෙන හිටපු කෙනා දිහා මං රවලා බැලුවා..
මෙයා...
දැන් ටිකකට කලින් මං මෙයා ඉස්සරහ නේද පල්වුනේ... අනේ පාක් අංකල් ඔයා නම්...." එතකොට මේ ඉන්නෙ ජියා.. ජන්කුක් ඔයා මෙයාට තමයි guard එක දෙන්නෙ..."
" මට එපා... කිව්වනේ අන්කල්... මට bodyguardලා එපා..."
" ජියා.. ඔයාගෙම හොදටයි මේදේවල් කරන්නෙ.. තේරුම් ගන්න දුවේ...මට හිටපු හොදම යාලුවා, ඔයාගෙ අප්පා.. එයා නැතිවුණත් මට ඕනෙ ඔයාව ආරක්ශා කරන්න.. ඒක නිසා මේකට අකමැති වෙන්න එපා.. " අංකල් අන්තිමට කියලා දාපු දේ නිසා මං කටවහගෙන බිම බලාගත්තා.. ඇත්ත.. අංකල් තමයි මට අප්පගෙන් පස්සෙ ඉන්න එකම ආරක්ශකයා... ඒත් මේ කොල්ලා... මං එයා දිහාරවලා බලලා room එකෙන් එලියට ගියා...
**********************************
" Park pov "
ජියා මගේ office room එකෙන් ගියේ නම් එච්චර කැමැත්තකින් නෙවෙයි.. එයා හිතනවා ඇති මං එයාගෙ නිදහස නැති කරලා දානවා කියලා.. ඒත් මට මේක කරන්නම වෙනවා..
" ඉදගන්න ජන්කුක්.. "
" ජියා මිස් කැමැති නෑ වගේ guard කෙනෙක්ට... " ජන්කුක්ට ජියාගෙ හැසිරීම තේරිලා වගේ එහෙම කියද්දි මං එයාට ඉදගන්න කියලා අතින් සන්කලා....
" එයා අකමැති වුනත් මට කරන්න දෙයක් නෑ.. පහුගිය දවස්වල එයාට ගොඩක් අනතුරු වෙන්න ගියා.. ඉතින් මට එයාව තනියම තියන්න බෑ...දැන් අකමැතීවගේ පෙන්නුවට ටික දවසක් ගියහම එයා මේකට හැඩගැහෙයි.." මං ජන්කුක් එක්ක ටික වෙලාවක් කතා කර කර ඉදලා එලියට ආවෙ ජියා ඉන්නවද බලන්න.. කෙල්ල ගිහින්.. දැන් එතකොට මාත් එක්ක තරහද මෙයා.. ආහ්.. යාලු කරගන්න ලොකු කට්ටක් කන්න වෙයි වගේ.. මං ඒ ගැන හිත හිත හිනාවෙද්දි මගෙ එහා පැත්තෙ හිටපු ජන්කුක් මුකුත් හිතාගන්න බරුව වගේ බලන් හිටියා...
" මාත් එක්ක තරහා වෙලා ගිහින්.. මං කල්පනා කලේ දැන් කොහොමද යාලු කරගන්නෙ කියලා..
ජන්කුක් මං ඔයාව විශ්වාස කරලයි ජියාගෙ වගකීම දෙන්නෙ.. ඒක නිසා ඒ විශ්වාසය පලුදු කරන්න එපා...