"ඉතින් jung kook කැමති ද මන් එයාගේ අයියත් එක්ක යාලු වෙනවට...'
"අකමැති වෙන එකක් නැහැ..."
" දැන් මන් එයා මාව මග ඇරිය පලියට ඒකම කරන්න ඕනද....''
"ඔයා දැන් මොකක්ද කරන්න හදන්නේ....."
"මන් කවදාවත් කාටවත් ආදරේ කරේ නැහැ.... ආදරේ කරපු එකම එක්කෙනා එයා.....
එයාට ලේසියෙන් මාව අමතක කරන්න පුළුවන් උනාට මට ඒක කරන්න බැහැ...."එහෙම කියලා ටිකක් වෙලා කල්පනා කරපු ඕෂි....
"අපි දෙන්න එක දවසක් හරි ඇත්තට ආදරේ කරා නම් එයා කවද හරි මාව හොයාගෙන එයි...."
"මොනවාද මැට්ටියේ මේ කියන්නේ..."
"එයා දැනටමත් ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක් වෙලා..... මහ ලොකු වාහන වල දැන් යන්නේ එන්නේ... එහෙම කෙනෙක් එක කෙල්ලෙක් මත්තේ ම නැහෙයි කියලා ඔයා හිතනවද...."
" මගේ තීරණේ වෙනස් වෙන්නේ නැහැ..... එයා කවද හරි මාව ඕන නම් එයා මාව හොයා ගනියි... මන් එතකල් එයා වෙනුවෙන් ඉන්නවා...
එහෙම ඉන්න මම මගේ හිත හදා ගන්න ඕන... ""හොයා ගනියි කියන එකේ තේරුම මොකක්ද..."
ඕෂි කරන්න හදන දේ තේරුම් ගන්න බැරි වෙච්ච ෂාරෝ ඇහුවා.
ටිකක් වෙලා සද්ද නැතුව හිටපු ඕෂි....
"ඔයා දැන් cafe එකට යන්න ඕෂි...... මට අවුලක් නැහැ...."
"නෑ... ඔයා හරියට දෙයක් කියනකල් මන් මෙතනින් යන්නේ නැහැ....."
"හරි එහෙනම් ඔයා කියන්න ඔයා මගේ හොද යාළුවෙක් d...මට ඕන උදව්වක් කරනවද...."
"මන් ඔයාට නොකරන උදව්වක් නැහැ......."
"එහෙනම් මට ඉන්න තැනක් හොයල දෙන්න ෂාරෝ plzz... මේක මගේ අන්තිම ඉල්ලීම..."
"ඉන්න තැනක්..."
"ඔව් soul වලින් පිට.... අනේ මට හොයල දෙන්න ෂාරෝ... මට හිත හදා ගන්න වෙන ක්‍රමයක් නැහැ 😔😔"
"හොදයි.... ඔයාට පුළුවන් මාත් එක්ක ඉන්න... බූසාන් වල...."
"බූසාන්..... ඔව් එහෙ හොදයි...ඒත් මන් කොහොමද ඔයාට කරදර කරන්නේ...."
"කිසිම කරදරයක් නැහැ... ඔයා එන්න අපේ ගෙදර......Cafe එක වෙන කෙනෙකුට බාර දෙමු.... අපි දෙන්නම වෙන ජොබ් එකක් හොයා ගම්මු..
YOU ARE READING
ආදරවන්තයා.💘( COMPLETED ✔️)
Fanfic💥 සෙල්ලක්කාර කොල්ලෙක් හා දගකාර කෙල්ලෙක් ගේ ආදර කතාව. 💜💜💜💜💜💜💜💜💜💜💜 මන් මුලින්ම කතාවේ චරිත හදුන්වලා දෙන්නම්. 💥 මේක ආදර කතාවක්නේ ඉතින් ආදරවන්තයෙක් ඉන්න ඕනිනේ. මේ කතාවේ ආදරවන්තයා තමයි jung kook. එයා ගොඩක් කඩවසම් තරුණයෙක්... 💥jin තමා පව්ලේ ව...