🦋𝑬𝒑.03🦋

592 159 9
                                    

-𝓝𝓮𝔃𝓽 𝓭𝓪𝔂 𝓶𝓸𝓻𝓷𝓲𝓷𝓰 -

💛- එකපාරටම මම ගැස්සිලා ඇස් ඇරියේ නුහුරු උනුහුමක් මගේ ලගින් දැනුන නිසා. ඇස් අරින්න ඕන වුනත් මගේ හිතට ගොඩක් වද දෙනවා ඊයේ රෑ වුන සිද්දිය. ඒ නිසාම මම ඇස් දෙක වහ ගෙනම මට උණුහුම දැනෙන තැන සීරුවට අත ගෑවා. මේ මොකද්ද අතක් නේද. යකෝ අර හොල්මනවත් ද. වෙන්න බැ මනුස්සයන්ට හොල්මන් අත ගාන්න බැ. මම හෙමින්ට ඇස් අරිද්දි දැක්කේ කවුරු හරි මගේ මූනට එබිලා ඉන්නවා. "මගේ අම්මෝ"බය වුන පාර මම එතන හිටපු එකාට පයින් ගහලා මමත් ඇදෙන් පැන්නා. කරුමේ කියන්නේ මම පොරවන් හිටිය රෙද්දත් මුළු ඇගේම එතිලා තිබුනේ මමියක් වගේ. රෙද්දත් මගෙ කකුල් වල පැටලිලා තිබුන නිසා ඇදෙන් පැන්න පාරට ඇද පල්ලේ මාවත් ඇදන් වැටුනා. අම්මෝ මගේ පස්සාත් භාගේ. මම දගලලා රෙද්ද ගලවන් පස්ස අතගාන ගමන්ම ආය ඇද උඩට නැග්ගා එ්ත් කලින් ඇද උඩ හිටපු එකා නැ. මම වටපිට බලලා කවුරුත් නැති නිසා ඇද උඩට කකුල් අරන් එරමිනියා ගොතාගෙන ඉදගත්තා. මම එකපාර ගැස්සිලා ගියේ ඇද පල්ලැහැ හිටපු කවුරු හරි වේදනාවෙන් කෙදිරි ගානවා ඇහුනාම.

💙-ආ.... අම්මෝ ....දෙවියනේ ... මේ මනුස්සයෝ .

💛- අද පල්ලෙ ඉදන් මට කතා කරන්නෙ මොකාද කියලා බලන්න මම ඇද උඩ ඉදන්ම එබිලා බැලුවා. මගේ ඇද පොලව මට්ටමේ ඉදලා අඩි තුනක් විගර උසයි ඒ නිසා අද යට මොකා හිටියත් මට පේන්නෙ නැ. මම එබිලා බලපු පාර මම දැක්කේ ගෙම්බා පොලවේ ගහලා වගේ වැටිලා ඉන්න කුකියාව. වැටිලා ඉන්න විදිය දැක්කම මට බඩත් අල්ලන් හිනා ගියා.

💙- මේ මිනිහෝ ඔතන සිරික්කිය දාන්නේ නැතුව මාව නැගිට්ටපන් බන්.

💛- මොකද බන් කුකි උඹ ඔතන කරන්නේ උඹත් ඒ පාර ජිමිනා වගේ භූමි වන්දනාව වත් කරන්න පුරුදු වෙනවාද.

💙- මල රෙද්දේ භූමි වන්දනාවක් මම කරන්න ගියේ නැ යකෝ උඹ පයින් ගහපු පාර මම නැවතුනේ මෙතන.

💛- සොරි බන් නැගිටපන් දැන් තවත් ඔතන ඉන්නේ නැතුව. මම කුකිට අත දික් කරේ මාව අල්ලන් නැගිටින්න කියන ගමන්. කුකියා මගේ අතත් අල්ලන් නැගිටින්න ගියත් කුකියාගේ වාසනාවට අත ලෙස්සලා ආය කුකියාව වැටුනා.

𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(𝑲𝑻𝑯🍃on hold 🍃Where stories live. Discover now