💛- මම කාර් එකෙන් බැහිද්දි මෙච්ඤර වෙලා නොතිබුන වැස්සක් කොහෙන්ද මාව හොයාගෙන ආවා. වැටිලා ඉන්න මනුස්සයා කවුද කියලා බලන්න ඕන නිසාම වැස්ස නොබලාම කාර් එකෙන් බැහැලා ඉස්දරහට ගියා. දැක්ක දේ නිසා මම මොකුත් හිතා ගන්න බැරි වුනා. කවුරුහරි හැප්පුනා දැනුනත් කාර් එක ඉස්සරහ කවුරුත්ම නැ. මම කාර් එක යට එබිලා බැලුවෙ යට හරි කවුරු හරි ඉදි කියන බලාපොරොත්තුවෙන් ඒත් කවුරුත්ම නැ. මම වැස්සෙ තෙමි තෙමි ම වටේම කවුරුහරි ඉන්නවාද කියලා බැලුවාත් කිසිම කෙනෙක් පේන්න නැ. මම එහෙම්මම කාර් එක දිහා බැලුවා මේ වෙනකොට කාර් එකෙ කලින් තිබුන ලේ පැල්ලම නැ වැස්සත් එක්කම ඒක හේදිලා ගිහින්. ඒත් කවුරු හරි කාර් එක ඇතුලේ හිටියා. මම ඇසුත් පුංචි කරලා බැලුවේ කාර් එක දිහා. වැස්සත් එක්ක ශටර් වල දුමාරයක් වගේ බැදලා. ඒ අතරින් මම දැක්කා කාර් එක ඇතුලෙ ඉන්න ගෑනු රුවක්. ඒත් එයා මං දිහා හිස් හැගිමකින් බලන් ඉන්නවා. එකපාරටම ශටර් එක බැදිගා තිබුන දුමාරය උඩ දෙයක් මට පේනන් ලිව්වා.
👻- 사랑해 ♥️
💛- මගේ ඇස් පුදුමයෙන් ලොකු වුනේ ඒකෙ ලියලා තිබුන දේ දැක්කාහම ඒකෙ තිබුනෙ සරන්හේ කියලා. කවුද මට ආදරේ කරන්නෙ. ඒත් හොල්මනක් කවදාවත් කිසිම කෙල්ලෙක් එක්ක සම්බන්දයක් නොතිබුන මටයි මේ ආත්මයටයි ඇති සම්බන්දය මොකද්ද. කියා ගන්න වචනයක් වත් නැතුව මම අසරන වුනා. හිත මේ වෙනකොටත් ප්රශ්න පත්තරයක් වගේ. හැබැයි ඒ එකක වත් අගක් මුලක් මම දන්නෙ නැ. උත්තර හෙව්වත් වෙන්නෙ තවත් ප්රහේලිකාවක් වගෙ පැටලෙන එක. මම කල්පනා සාගරයක ගිලිලා හිටියේ මොහොතකය වහිනවා කියන දේ පවා අමතක කරලා. මම මේ දකින්නෙ හිනයක් කියලා හිතුන නිසාම ඇස් පොඩි කරලා බැලුවා. මම තවත් පුදුම වුනේ මීට කලින් තිබුන වචනෙවත් කලින් හිටිය කෙනාවත් කාරි එක ඇතුලේ පේන්න නොතිබුන නිසා. තාමත් හදවත මගෙ අසූහාරදාට ගැහෙනවා. අඩියක් වත් ඉස්සරහට යන්න බැරි වෙන්න කකුල් එතනම ලොක් වෙලා වගේ. මේ වෙනකොට වැස්ස නිසා මම තෙත බරියන් වෙලා හිටියත් මට වැස්ස ගැනවත් සිහියක් නොතිබුනේ ඇස් ඉස්සරහ වෙන අත්භූත දේවල් නිසා. හිතට ශක්තිය අරන් මම කාර් එක ලගට ගිහින් ශටර් එකට ලං වෙලා බැලුවේ කාර් එක ඇතුලෙ කවුරුහරි ඉන්නවාද කියලා. ඒත් කාර් එක ඇතුලෙ කවුරුත් නැ පේන්න තිබුනා ජිමිනාට කතා කරලා එහා පැත්තෙ ශීට් එකට විසි කරපු පෝන් එකයි තාමත් කාර් එකේ තිබුන යතුරයි විතරයි. මම තෙත පිටින්ම කාර් එකට නැගලා විල් එකේ ඔළුව තියා ගත්තේ මේ වෙන එක දෙයක්වත් මට තේරෙන්නෙ නැති නිසා. ඒත් ඒ වාහනේ හැප්පුන දේ නිසා මට මොකද්ද දැනුනා මොකද්ද ඒ. ඇයි කලින් වුන දෙයක් වගෙ මට මේක දැනෙන්නේ. ඇයි මම ඒ හොල්මන දකින වාරයක් ගානේ වරදකාරි හැගිමක් දැනෙන්නෙ. මේ ප්රශ්නවලට කා ලගද උත්තර තියෙන්නෙ. කවුද මේවාට මට උත්තර දෙන්නෙ ඇයි මේ ආත්මෙ මගේ පස්සෙ පන්නන්නෙ. මේ ආත්මය එක්ක මගේ තියන සම්බන්දය මොකද්ද. ප්රශ්න වැලක් මගෙ ඔළුව පුරා සක්මන් කරද්දි මේ වෙනකොට මම මොනා කරන්නද කියලා හිතා ගන්න බැරුව අන්ත අසරන වෙලා. මේ වෙන එක දෙයක් වත් මට අර දෙන්නාට කියන්න බැ මොකද මගෙ පවුලෙ අය නැති වුන දා ජිමිනායි කුකියායි කරපු උදව් හැටියට මට තවත් එයාලාගෙන් උදව් ඉල්ලන්න තරම් හයියක් නැ. මම විල් එකෙන් ඔළුව උස්සලා බැලුවා මට ඉස්සරහ තියන පාර දිහා කැලැ පාරක් වුන පාර දැන් සම්පුර්නයෙන්ම කරුවල වෙලා. වැස්සෙ තිබුන මූසල අදුර මුළු පාරම වෙලා ගෙන ඉවරයි. පාළු සීතලත් එක්ක දැනෙන මූසල හැගිමක් එක්ක මට කරන්න ඉතුරු වෙලා තිබුනෙ හිස් බැල්මෙන් පාර දිහා බලන් කල්පනා කරන එක විතරයි. මගේ හුස්මත් වා තලයට මුසු වෙද්දි මට තවත් හිතට බර ගතියක් දැනුනා. අගක් මුලක් නැති කන්දරයක කොටු වුන වැරදිකාරයෙක් කියන හැගිම මට දැනුනා. යන තැන ගැන කිසිම අදහසක් නැතුව කාර් එන ස්ටාර්ට් කෙරුව මම කෙලවරක් නොපෙනන පාරෙි හෙමින් ඉස්සරහට ගියා.
--------------------------
මොකද හිතන්නෙ කතාව ගැන පොඩි අදහසක් කියන් යන්න වැරදි අඩු පාඩු ගොඩක් ඇති ඒවාත් කියන් යන්න.මටත් කියන්න තියෙන්නෙ හොල්මන වගේ සරන්හේ සුශිස් කියලා තමයි.
Good night 😘 මේ වෙලාවට සමහරුන්ට පාන්දර වුනාට මේ තමා නිශාවර ඕතර් නිදියන වෙලාව.
Vote කරන්න comment කරන්න අමතක කරන්න එපා.
🥀𝐑𝐞𝐝_𝐌𝐚𝐫𝐤🥀
YOU ARE READING
𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(𝑲𝑻𝑯🍃on hold 🍃
Fanfic🥀🥀 මේක නම් ටිකක් අමුතු කතාවක් මේක ආත්ම දෙකක කතාවක්. මේකෙදි අනතුරකට මුහුන දි තම ජිවිත බේරා ගැනිමට පලා යන ක්ලෙයා නොසිතු අයුරුන් රිය අනතුරකට මුහුන දි එම අවස්ථාවේදි ජිවිතයෙන් සමු ගනියි. මිය යන මොහොතේ දි තම මිනි මරුවාගේ මුහුන දකින ක්ලෙයා වෛරයක් වෙනුවට...