හරි ඔයා ඇදුමක් දාන් පහලට එන්න මම කියලා දෙන්නම් ඔයා උයන්න.
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
ටේ වොශ් එකක් දාගෙන කුස්සියට ආවේ උයන්න හිතාගෙන. ඒත් අද වෙනදා නැති උද්යෝගයකින් පහල ටේ ආවෙ සිංදුවක් කටින් මුමුනමින් පඩිපෙල දිගෙ නටන ගමන්. (ජින් අයියා පඩිපෙල දිගෙ idol එකට නටපු විදිය මතක් වුනා). නට නටම කුස්සියට ගිය ටේ කල්පනා කරෙ අද මොනවාද කෑමට හදන්නෙ කියලා ඒත් කරුමෙට ටේට උයන්න බැ.
ක්ලෙයා ඔයාට ඉන්නවාද? ක්ලේ.... යා මාව ඇහෙනවාද?
ඔව් ඇහෙනවා ටේ ඔයාගෙ ෆිජ් එකේ මොනවාද තියෙන්නේ.
ම්..... ටුනා ෆිශ් , පාන් , කැරට් , සලාද කොල , තක්කාලි මේ ටික තමයි.
තියන බඩු හැටියට නම් අපිට හදන්න වෙන්නෙ සැන්විච්. මොකද ටේ ඔයා කියන්නේ.
මට අවුලක් නැ මට ඕන එකක් ඔට්ටුයි.
හරි එහෙනම් එකටම පාන් පෙති ටික ටෝස්ටර් එකට දාලා පුච්ච ගන්න.
( විනාඩි පහකට පසු)
හෑ ...... මොකද්ද ඒ එන පුසුබ ( බල්ලෙක් වගේ උඩ බලන් ඉව අල්ලන ගමන් වට පිට බලයි) කර ගදකුත් වගේ. මොනාද ඒ මගෙ නැට්ට ගිනි ගන්නවාද එහෙම. හෝව් ... හෝව් මට කොහෙද නැට්ටක් අර ජිමිනා නෙ කිව්වෙ කොටියන්ට නැට්ට තියෙනවා කියලා ඒත් මට නැනේ.
මේ...... ක්ලෙයා ඔයාට පිච්චෙන ගදක් එහෙම එනවාද?ටේ.... ඔයා පාන් පෙති ටික බැලුවාද?
හප්පොයි කිරි බල්ලාට අප්පා පැනපිය කිව්වාලු . හයියො මගේ පාන් ටික. ටේ ඉක්මනින් ටෝස්ට් එකට ලගට ගියෙ පිච්චෙන්න දාපු පාන් පෙති ටික බලන්න. කරුමෙකට ඒ වෙද්දිත් පාන් වල බලන්න දෙයක් නම් තිබුනෙ නැ. පිච්චුන පාන් පෙති දිහා බලාගෙන ටේ මූණත් ඇබුල් කර ගත්තේ මේ වැඩේ හරියන්නෙ නැ කියන්න වගේ.
ක්ලෙයා අපි මෙහෙම කරමුද ? දැන් වෙලාත් ගිහින් පානුත් කරවුන නිසා අපි මොනවා හරි ඕඩර් කරමුද ? මට නම් උයන්න බැ.
ඒත්....
ඒත් මේත් නෙවෙයි හලු මට උයන්න බැ.
එතකොට වෙනදාට උයන්නේ කවුද?
හාවායි තාරාවයි.
මොක්කු ....
නැ නැ මගේ යාළුවො දෙන්නා ජිමිනුයි , කුකි.
ඉතින් ඒ දෙන්නාට ඇයි සත්තුන්ගෙ නම් කියන්නේ
මේකනෙ උන් නියම සත්ව මොඩල්. අර කුක්කා බලන්න කැතෙ බැ ඇග ලොකුයි බුල්ඩෝසර් එකක් වගේ ඒත් මූණ හාවෙක් වගේ කිසි ගැලපීමක් නැ අප්පා. හොදි එක්ක කේක් කනවා වගේ නේ. අනිත් එකා අර ජිමිනා ඕකා අලේ වගේ ඒත් කිලෝ පහේ අල ගෝනියක් තරම් උස නැ. තාරාවෙක් වගේ ඕකා ඩයට් කරන්න යනවා ඒත් හරි යන්නේ නැ.
ඒ මොකද?
ඌ අපිට පේන්න විතරයි නොකා ඉන්නේ ටොයිලට් එකට යනවා කියලා ඕකා හැංගිලා ස්නැක් චොක්ලට් කේක් හොදට ගිලිනවා. දවසක් මට අතටම මාට්ටු. ඒකට බලන්න මම නියම බොඩි ශේප් හැන්සම් සහ සෙක්සි. මොනා නැති වුනත් දෙයියො මට හොද අග පසගක් දිලා තියෙනවා. ආඩම්බර වෙන්න ඕන. හ්ම් .....
ආඩම්බර.... (ක්ලෙයා හිනා වෙන ගමන්) මොන පිස්සුද හරියට උයාගන්නවත් බැ.
ටේ ගෙදර බෙල් එක වදිනවා නේද?
ඕ... මම හිතන්නෙ මගේ සාගත මල්ල ඇවිත්. මම බලලා එන්නම්.
හ්ම්......
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
ගොඩක් ලියන්න බැ ලමයි මම වැඩ ගොඩක් කරන ගමන් ඉන්නෙ ඒ අතර තුර පොඩි පොඩි කොටස් දෙන්නම්. මම කතාව on hold කරෙත් ඒ නිසා. 😢😢
සමාවෙන්න පරක්කු වෙනවාට 🙏😖
මම නම වෙනස් කරා ලමයි red Mark දැන් black swan වෙලා ඉන්නේ. 🌝 ♥️
වෝට් කරලා කමෙන්ට් එකක් දාන් යන්න හිත හැදෙන්න එක්ක. ඉස්සර වගේ වෝට් නැ දැන් 😔✋
YOU ARE READING
𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(𝑲𝑻𝑯🍃on hold 🍃
Fiksi Penggemar🥀🥀 මේක නම් ටිකක් අමුතු කතාවක් මේක ආත්ම දෙකක කතාවක්. මේකෙදි අනතුරකට මුහුන දි තම ජිවිත බේරා ගැනිමට පලා යන ක්ලෙයා නොසිතු අයුරුන් රිය අනතුරකට මුහුන දි එම අවස්ථාවේදි ජිවිතයෙන් සමු ගනියි. මිය යන මොහොතේ දි තම මිනි මරුවාගේ මුහුන දකින ක්ලෙයා වෛරයක් වෙනුවට...