🦋𝑬𝒑 . 22 🦋

129 27 4
                                    

ඉන්න මම කෑම එක අරන් එන්නම්.

හා ටේ ඔයා අරන් එන්න.

( විනාඩි පහලවකට පසු)

ටේ ඔයා දැන් මොනාද කරන්න ඉන්නේ.

අයි හැව් අ නෝ අයිඩියා.

මොකක් ?

ඇයි ?

දැන් පන්ඩිතයා වගේ කිව්වා නේද ඕන දෙයක් කරනවා කියලා.

ඉතින් කරමු මම බැ කිව්වේ නැනේ.

ටේ ඔයාට මේක විහිළුවක් ද?

පිස්සුද අනේ මම විහිළු කරන්නෙ නැ.

ඔයා හිතන් ඉන්නෙ එයාලා ඔයා එක්ක සෙල්ලම් තුවක්කු වලින් අල්ලන සෙල්ලම් කරන්න එනවා කියලාද ?

එහෙම නෙවෙයිද ?

පිස්සුද උන් underworld එකෙ නම ගිය මැරයො. ඔයා තනි කෙනෙක් ඔයාට පුළුවන් ද ඒ අය එක්ක හැප්පෙන්න.

අපි මොනා හරි දෙයක් කරමු. ටේ කිව්වෙ සීරියස් මූණක් මවා ගන්න ගමන්.

හ්ම් ... මට සමාවෙන්න

ඒ මොකටද දැන් ඔයා සමාව ඉල්ලන්නේ.

මම නිසා තමයි ඔක්කොම ප්‍රශ්න. මැරුන පාඩුවෙ ඉන්නෙ නැතුව මම මොකද කරෙ ඔයාවත් ප්‍රශ්න ගොඩකට ඇදලා දැම්මා.

මේ අහන්න ක්ලෙයා මට ඔයාව පේන්නෙ නැ මම ඔයාව හරියට දැකලාත් නැ. මම දන්නවා ඔයා හොල්මනක් වෙලා හරි ලගට ආවෙ මට ආදරෙ නිසා කියලා. ඒත් ඇත්තටම මට ඔයා ගැන තියෙන්නෙ අනුකම්පාවක්. ඒකයි මට ඔයාට සාදාරනේ ඉශ්ට කරන්න ඕන. ඔයා බය වෙන්න එපා ඔයා වෙනුවෙන් මම සාදාරනෙ ඉශ්ට කරන්නම්. මාව විශ්වාස කරන්න.

ඒත් ටේ මට බයයි මම නිසා ඔයාට කරදරයක් වෙයි කියලා.

එහෙම වෙන්නෙ නැ බය වෙන්න එපා. මොන ප්‍රශ්නෙ ආවාත් ඔයාට මම සාදාරනෙ ඉශ්ට කරලා දෙනවා. 

මම දෙයක් අහන්නද?

මොකද්ද ?

ඇයි ඔයා මම මේ කතාව කියද්දි අමුතු විදියට කට කොනෙන් හිනා වෙලා කතා කරන්නේ. පොඩ්ඩක්වත් බය හිතෙන්නෙ නැද්ද? මේක ගොඩක් බයානක වැඩක්. මොනා හරි උනොත් ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නෙ.

මගෙ ජීවිතෙ කොහොමත් මරනය එක්ක තියන එකක් අමුතුවෙන් මට මරනය ගැන කියා දෙන්න එපා ක්ලෙයා. ඔයාට මගෙ ජීවිතෙ වටිනවා උනාට මරනය කොහොමත් මගෙ දෛවයෙ ලියවිලා තියෙනවා.

ඇයි ඔයා එහෙම කියන්නෙ. මරනයයි ඔයායි අතර තියන සම්බන්දය මොකද්ද?

ඒක ලොකු කතාවක් ඒත් මම හිතන්නෙ ඒක මම විතරක් දැන ගත්තොත් හොදටම ඇති.

හ්ම් ... මම දන්නෙ නැ ඔයාගේ හිත. ඔයා හරි අමුතුයි මට තේරුම් ගන්න බැ.

මට මාව තේරුම් ගන්න බැරි කොට ක්ලෙයා ඔයා කොහොමද මාව තේරුම් ගන්නෙ.

ඔව් ඇත්ත මම මනුස්සයෙක් වෙලා හිටපු කාලෙදිවත් මම මනුස්සයො තේරුම් ගත්තෙ නැ. මමත් ආසාවෙන් හිටියා ටේ ලස්සන පවුලක් හදන් සතුටින් ජීවත් වෙන්න. මොකද මට බැරි උනා පවුලක් එක්ක ලස්සනට ජීවත් වෙන්න. මට ඕන උනේ මට නොලැබුන දේ කවදා හරි දේ මගෙ දරුවෙක්ට හරි දෙන්න. ඒත් බලන්නකො අද මට වෙච්ච දේ.

ක්ලෙයා ඒක ඔයාගෙ වරදක් නෙවෙයි කියලා ඔයා දන්නවා නේ. මේ පව් කාරයො තමයි හැමදේම කරෙ. උන්ට ස්බාව දර්මයම දවසක දඩුවම් දෙයි මට විශ්වාසයි.

ටේ ඔයාට බය නැද්ද ඇත්තටම

මම ලේ වලටවත් මැරෙන්නවත් බය කෙනෙක් නෙවෙයි ක්ලෙයා.

ඔයාට බැරිද ටේ ඔයාගෙ යාළුවන්ගෙන්වත් උදව් ඉල්ල ගන්න.

උන් ඕන දේකට මං ලග ඉන්නවා. උන් යාළුවො නෙවෙයි මට සහෝදරයෝ ඒත් උන්ව ප්‍රශ්න වල දාන්න බැ මට.

හ්ම් ....

ඔයා දැන් ඕවා ගැන හිතන්න එපා ඉක්මනින් හැමදේම විසදෙයි.

——————————————————————————-

බුදාම්මෙ ගොඩ කාලෙකින් නේ 😁

බනින්න එපා ඉතින්.
ප්‍රමාද දෝශයට සමාවෙන්න සුශිලා ටික.

🥹💔💫

𝕭𝖑𝖆𝖈𝖐 𝖘𝖜𝖆𝖓

𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(𝑲𝑻𝑯🍃on hold 🍃Where stories live. Discover now