සොල්ජාව ඒ වෙලාවෙ දාලා යන්න බැරි නිසා මම තවත් එතන රැදුනාත්. ඉලගට මට ඇහුනෙ සොල්ජාගෙ කේන්ති වචන.
කිව්වාහම අහලා යමන් පන බේරගෙන. මම මැරුනත් මම ගැන වද වෙන්න කෙනෙක් නැ. ඒ නිසා පලයන් මෙතනින්. උබ තව මේ ලෝකෙ ගැන තේරුම් ගන්න ගත්තා විතරයි. ඒ නිසා යමන් අපිට සාදාරනෙ ඉටු කරපන්.
එකපාරටම මම දැක්නෙ සොල්ජාගෙ කම්මුල හරහා යන අතක් විතරයි. මෙච්චර වෙලා හිටන් හිටිය සොල්ජා එහෙම්මම බිම ඇද වැටුනෙ. කැපලා ඉවර වුන ගහක් වගේ.
වචනයක්වත් කියන්න බැරි වෙන්න මම ඒ වචන ලග අසරන වුනා. තවත් මෙතන රැදිලා තේරුමක් නොවුන නිසාම මම එතනින් දුවලා යද්දි මට ඇහුනෙ පිටිපස්සෙන් කන් දෙක පුපරන්න තරම් වෙඩි සද්දියත්. ඒ සමගම රැදුන සොල්ජාගෙ වේදනාත්මක විලාපය. හිතටම දොස් කිව්වා එයා ලග රැදෙන්න බැරි වුන එක ගැන. ඒ වගේම පලවෙනි වතාවට මගෙ කියලා හිතුන කෙනා අද මගෙ ඇස් ඉස්සරහම මරලා දැම්මා. හිතට දැනුන වේදනාවයි කම්පනයයි එක්ක මම එතනම බිම වැටුනෙ තවත් දුව ගන්න ශක්තියක් ඉතුරු වෙලා තිබුනෙ නැති නිසා.ඒත් එක්කම මට ඇහුනෙ අර බල්ලාගෙ ජරා කතාව.එකීට පැන ගන්න දෙන්න එපා. ඒකි දැන් මං ගැන දන්නවා. හොදින් බැරිනම් නරකින් අරන් වරෙන් බැරි වුනොත් එතනම මරපන්.
ඒ අනට කීකරු වුන ඌට නැට්ට වනන කුක්කො ටික මගෙ පස්සෙන් එලවන්න ගත්තා. හිතෙ තියන අන්තිම ශක්තියම දාලා නැගිටගත්ත මම කකුල් වලට වැද වැද දුවන්න ගත්තා. තුන් හතර පාරක් මාව එක එක දේවල් වලට හැප්පිලා වැටුනත් මම ඒවා ගනන් නොගෙන මුළු සෝල් නගරෙම අතුරු පාරවල් වල දිව්වෙ සරනක් පතාගෙන.සරනට කවුරුත් නැති බව දැන දැනම පාර දිගෙ දිව්වෙ පිටි පස්ස බලමින්. එන්න එන්න ශක්තිය හීන වෙද්දි අර බල්ලො ටික තවත් වේගෙ වැඩි කරලා මගෙ පස්සෙන් එලවන්න ගත්තා. පලවෙනි වතාවට ජිවිතෙ ගැන කලකිරිමක් දැනෙද්දි තවත් සරන පතන්න පුළුවන් එකම කෙනා වුනෙ උඩ ඉන්න දෙවියන් විතරයි.
අහෝ ඒත් කරුමයකි. තම දෙමාපියන්ගෙ අනතුරෙන් පසු ක්ලෙයා දෙවියන්ව අතහැර දැමුවෙ විශ්වාසය කියන දේ ද සම්පූර්නයෙන් බිද දමමින්. ඉතින් මේ අත ඇරපු දෙවියන් නැවත ක්ලෙයාට උදව් කරයිද. නැත මේ වෙන කොටත් ප්රමාදයි. දෙවියන් වුනත් මේ වෙද්දි ක්ලෙයාගෙ සරනයට එන්න නොහැකි තත්වයක ඉන්න ඇති. මේ වෙලාවෙ ක්ලෙයාට උදව් කරන්න වත් කෙනෙක් නැති ව අසරනව සෝල් නගරයෙ කෙලවරට දුවන් ආවෙ අතුරු පාරවල් දිගෙ. සෝල් නගරය අවසානයෙ විහිදි තිබුන විශාල ඝන වනාන්තරයකි. ඒ වනාන්තරෙන් එපිට ඇහෙන අනේක විද ඝෝශාකාරි වාහන වල ශබ්ද වලින් හැගෙව්වෙ ක්ලෙයා අධි වේගි මාර්ගයට ආසන්ව ඇති බවයි. සැනසුම් සුසුමක් ක්ලෙයාගෙ කටන් පිට වෙද්දි මෙතෙක් අවිශ්වාස කර දෙවියන්ගෙන් ඉල්ලුවෙ මාර්ගයට යන තෙක් තමාට දිවීමට ශක්තිය පමනක් දෙන ලෙසයි. මේ වනවිටත් නිරුවත් දෙපා සහිතව සෝල් නගරය පුරා දිව්ව ක්ලෙයා තම පයෙන් දෙනෙන වේදනාව කුමක් දැයි බැලීමට ගසකට මුවා වෙලා තම පාද දෙස බැලුවා. ක්ලෙයා දැක්කෙ ඒ වෙද්දිත් දියපට්ටා මෙන්ම නිරුවත්ව දිව් නිසා ඇති වුන පැලුම් තුවාල වල ලේ වහනය වන අයුරුයි. එක් වරම ඇහුන කන් බීරි කරවන වෙඩි හඩත් එක්ක දෙදරුම් දුන් ඝන වනාන්තරය නිසා ක්ලෙයාගෙ සිත මේ වන විටත් බියත් වේදනාවත් කායන හැගීම් වලින් වෙලාගන්න ගියෙ තත්පරයයි. දැන් සුළු මොහොතකට පෙර සක්මන් කෙරු කුඩා කෘමි සතුන්ගෙ මෙන්ම රැහැයන්ගෙ හඩද නැතිවි ගොස් තිබුනෙ මිට සුළු වෙලාවකට පෙර ඇහුන වෙඩි සද්දයත් සමගනි. වනාන්තරයම නිශ්ශබ්ද වෙද්දි ක්ලෙයාගෙ හිතට දැනුනෙ නොසන්සුන් කමක්ද අසරන කමක්ද කියලා ක්ලෙයාවත් දන්නෙ නැතිව ඇති. එකවර නැගුන විදුලි සැරක් හේතුවෙන් මුළු වනාන්තරයම තත්පරයකට එලිය වුනා. ක්ලෙයා ඒ වෙද්දි දැක්කෙ තමා මුවා වෙලා ඉන්න ගහට එහා පැත්තෙ ක්ලෙයාව හොයන මිනිස්සු රැලයි. එකවරම කෑ ගැසිමට යන මොහොතෙ තම අතින්ම කට වහන් අස් දෙකත් තදින් පියන් ක්ලෙයා බිම ඉදගන ඉකිබිදිමින්ය.
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
කොහොදම ලමයි. මගෙ update පරක්කුයි නේද. ඔව් සුශිලා මේ දවස් වල මම ඉන්නෙ හොද මානසික තත්වෙක නෙවෙයි. යාළුවො රවට්ටනකොට දැනෙන හැගීම වචන වපට පෙරලන්න බැ. ඒ අස්සෙ හැමදේටම වැරදි කාරයොත් අපි කිව්වාහම. 😪කමක් නැ දුකක් නැ කියන්නත් බැ දුකයි මොකද මගේම කෙනෙක් වගෙ ආදරෙ කරලා එයා නැති වුනාම දරාගන්න හරි අමාරුයි. මම ඒ නිසා කියන්නෙ ඕනාවට වැඩිය බැදීම් වලට ලං වෙන්නවත් විශ්වාසවත් කරන්න එපා කියලා.
මොකද කියන්නෙ සුශිලා ටේගෙ අතීත කතාවත් එක්ක දාලා තව ගොඩක් දහයක් විතර අදින්නද.
මම පුළුවන් තරම් උත්සහ කරනවා කතාව දිගටම දෙන්න.
ඒ අස්දෙ ස්කෝලත් පටන් ගන්නවා නේද?
කට්ටිය වැඩ එහෙම හොදින් කරන්න.
හොද නම් comment එකක් vote එකක් දාන්න. 🥺🥺
හොදටම vote අඩු වෙලා. ඉස්සර වගෙ කතා ලියනවා හොද නැද්ද.
ගෝල් complete වෙන්නෙත් නැ ඉතින් කතාව ලියන්න යද්දි වැඩක් නැ කියලා හිතෙනවා.😪😪😪
🥀𝑹𝒆𝒅_𝑴𝒂𝒓𝒌🥀
YOU ARE READING
𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(𝑲𝑻𝑯🍃on hold 🍃
Fanfiction🥀🥀 මේක නම් ටිකක් අමුතු කතාවක් මේක ආත්ම දෙකක කතාවක්. මේකෙදි අනතුරකට මුහුන දි තම ජිවිත බේරා ගැනිමට පලා යන ක්ලෙයා නොසිතු අයුරුන් රිය අනතුරකට මුහුන දි එම අවස්ථාවේදි ජිවිතයෙන් සමු ගනියි. මිය යන මොහොතේ දි තම මිනි මරුවාගේ මුහුන දකින ක්ලෙයා වෛරයක් වෙනුවට...