🧝♀️- ආ එන්න පුතා ඉදගන්න. හොදට නින්ද ගියාද?
💛- දේ හැල්මොනි හොදට නින්ද ගියා. අපි එහෙම්මම කන්න ගත්තා ඒ කන අතරෙ දෙහි ගෙඩිය මතක් වුන නිසාම මං හැල්මොනිට කතා කරා. හැල්මොනි මේ දෙහි ගෙඩිය . මං කිව්වෙ හැල්මොනිට දෙහි ගෙඩිය දෙන ගමන්.හැල්මොනි දෙහි ගෙඩිය අතට ගත්ත ගමන් හැල්මොනි දෙහි ගෙඩිය අත ඇරියා. එකපාරටම බිම වැටුන දෙහි ගෙඩිය බිම කැරකෙන්න ගත්ත නිසා ලග තිබුන සෝෆා එකට නැගලා කකුල් උස්ස ගත්තෙ බය නිසාමයි. හැ.... ල්මොනි ඇයි මේ දෙ... හි ගෙ.. ඩිය කැ.. රකෙන්නෙ. වෙවුලන කටහඩින්ම මං හැල්මෝනිගෙන් ඒ ප්‍රශ්නෙ ඇහුවා.
🧝♀️- බය වෙන්න එපා ලමයෝ. මේකට මං මන්තර ජප කරලා දුන්නෙ. ඒ මන්තර බලේ තාමත් නිශ්ක්‍රීය නොවි තියෙනවාද කියලා බලන්න මං මේ විදියට කරේ. පුතා කාලා ඉවර නම් දෙහි ගෙඩියත් අරන් මගෙ පස්සෙන් මන්තර කාමරේට එන්න.
💛- මේ මම දෙහි ගෙඩිය. අප්පො මට බැ. යකෙක් වැහිලා වගෙ නටන දෙහි ගෙඩිය මට ගන්න බැ. කියන තැනකට වදින්නම් හැල්මොනි මේ අටමගලෙ මට ගන්න බැ. මං කිව්වෙ පුටුවට නැගන් තවත් කකුල් උස්සන ගමන්.
🧝♀️-😂😂😂 අයියෝ පුතා බය වෙන්න එපා එහෙනම් මමම ගන්නම් එන්න යන්න ඔය පුටුවෙන් වැටිලා අන්ඩක් කඩා ගන්නෙ නැතුව.
💛- හා... හ...හා. එන්නම් ඉතින්. පුටුවෙන් බහින්න යද්දිම බිම වැටිලා තිබුන දෙහි ගෙඩි ආය හෙල වෙන්න ගත්තා බිමට තිබ්බ කකුල ආය පුටුව උඩට අරන් පුටුවෙම හිට ගත්තෙ වෙන කරන්න දෙයක් නැති නිසාමයි. ඒත් එක්ක ආපහු දෙහි ගෙඩිය නැවතුනා. නැවතුන දෙහි ගෙඩිය හැල්මොනි අතට අරන් මටත් එන්න කියලා ඔළුවෙන් සන් කරන ගමන් එයා ඉස්සරහට ගියා.හිත දෙගඩියාවෙන් පුටුවෙන් බැහැලා අදුරු පැසේජයක් දිගෙ ඉස්සරහට ඇවිදන් ගිය මට දකින්න ලැබුනෙ හරි අමුතු තාලෙ පින්තූරයක්.
ඒක දිහා ටික වෙලාවක් බලන් හිටිය මට දැනුනෙ මාව අමුතු ලෝකෙකට ඇදිලා යනවා වගෙ හැගිමක් විනාඩි පහක දහයක කල්පනා සාගරේක ගිලිලා ගිය මං සිහියට ආවේ කකුලෙ මොකද්ද එකක් දැවටෙනවා දැනුන නිසා.හෙලවෙන්නෙ නැතුව ටික වෙලාවක් බලන් හිටියෙ ඒ දැවටෙන එක ටික වෙලාවකින් යයි දෝ කිය හැගිමක් එක්ක. ඒත් තාමත් ඒ දේ කකුලෙ දැවටෙනවා ඒ මදිවට තෙතට මොනාද වදිනවාත් එක්ක.
අනේ දෙවියනෙ කුඩා කූඹියෙකුටවත් කරදර නොකරපු මට මොකද මෙච්චර කරදර දෙන්නෙ. යකා උබ හොද යකෙක්නෙ මට පාඩුවෙ ඉන්න දිලා යමන් මගෙ වස්තුවෙ. මං පොරොන්දු වෙනවා උබ ගියොත් හැම අවුරුද්දෙම උබ වෙනුවෙන් ප්‍රේත දානයක් දෙනවා කියලා. මං මේ ටික කිව්වෙ තාමත් පොටෝ එක දිහා බලන්මයි. පිරිමියෙක් කිව්වාට යකාට මොකාද බය නැත්තෙ මං බිම නොබලා ඇගත් ගල් කරන් හිටියෙ වෙන කරන්න දෙයක් නැති නිසාමයි.
ඤෑව්....ඤෑව්.....
මොකාද බොල ඒ හොල්මන් පුසෝ වගෙත් කෑ ගහනවාද ? වෙන්න ඇති තමා එදා බලපු film එකෙත් කළු පුසෙක් වගෙ තමා හොල්මන ආවේ. අනෙ යකා පලයන්කෝ චුප්....චුප්..... මං කකුලෙන්ම ටිකක් තට්ටු කරන ගමන් හොල්මනව එලවන්න ලෑස්ති වුනා. ටික වෙලාවකින් කකුලෙ තෙත ගතියක් දැනුන නිසාම මං හෙමින් බැලුවා. බැලුව ගමන් මං ඔළුවෙ අත ගහ ගත්තෙ මෙච්චර වෙලා හොල්මනක් කියලා රැවටිලා ඉන්නෙ පූසෙක්ට කියලා දැක්කාහමයි. තිබුන තරහට පූසාටත් පයින් එකක් ගැහුවෙ පුසාගෙ අම්මාගෙ තාත්තා සිහි කරන ගමන්.
අවලම් පූසා....
ඤෑව්....ඤෑව්....
තව ඤෑව් ගා ගෙනත් එනවා. තෝව ඉදපන්කො මං ඔය හොල්මනට බිල්ලට දෙනවා.
පු....පු...ඤෑව්... ඤෑව්....
එකපාරටම පූසා පිබින ගමන් මගෙ ඇගට පනින්න ලෑස්ති වෙනකොට මට ඇහුනෙ හැල්මොනි මට කතා කරනවා. පුසා පිබිම අතරෙම ශේපට මං එතනින් මාරු වෙලා ගියෙ අදුර පැසේජයෙ කෙලවරක තිබුන කාමරයකට. බැලු බැල්මට අදුරෙ ගිලිලා තිබුන කාමරයක් වුනත් දොර ඇරියාහම දැක්කෙ ඒකෙ ඉටි පන්දම් පත්තු කරලා තියෙනවා.
--------------------------
හායි සුශි ගොඩ කාලෙකින් නේද. මරන තර්ජන එන්න එන්නම දරුනු වුන නිසාම ලියන්න ගත්තා කියවලා කොහොමද කියලා කියන්නකෝ.එහෙනම් අදට නවත්තනවා.
Good night sushis 🤗🤗
ලස්සනයි නම් vote & comment කරන්න
YOU ARE READING
𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(𝑲𝑻𝑯🍃on hold 🍃
Hayran Kurgu🥀🥀 මේක නම් ටිකක් අමුතු කතාවක් මේක ආත්ම දෙකක කතාවක්. මේකෙදි අනතුරකට මුහුන දි තම ජිවිත බේරා ගැනිමට පලා යන ක්ලෙයා නොසිතු අයුරුන් රිය අනතුරකට මුහුන දි එම අවස්ථාවේදි ජිවිතයෙන් සමු ගනියි. මිය යන මොහොතේ දි තම මිනි මරුවාගේ මුහුන දකින ක්ලෙයා වෛරයක් වෙනුවට...