💛 තෙරක් නොපෙනෙන පාළු පාර දිගෙ යන්න ගත්තා. වැස්ස මට ගෙනාවෙ පාළු මූසල ගතියක්. හිතෙ ඇති වුන අමුතු සිතුවිල්ලක් නිසා මං කෙලින්ම ගියේ ජෙසෝ හැල්මොනිලාගෙ ගෙදර. එයා පූජකවරියක්. අමනුශ්ය අාත්මයන් එක්ක විවිද අවස්තා වල මෙයා ගනු දෙනු කරලා තියෙනවා.
අමනුශ්ය ආත්මයක් මේ සිද්දියට බලපානවා ඇති කියලා හිතුන නිසා මං ගත්ත හොදම තිරනේ ඒක කියලා මට හිතුනේ. මං පැයක විතර ගමනෙකින් පස්සේ මං අපේක්ශා කරපු තැනට මට එන්න හම්බුනා. විනාඩි විස්සක විතර ගමනක් උනත් වැස්ස එක්ක මට පරිස්සම් වෙන්න වුනා. මම යනකොටත් මුළු ගෙදරම ලයිට් දාලා තිබුනු නිසා වගේම මේ වෙනකොට වැස්සත් පායලා තිබුන නිසාත් මං කාර් එක ගේට්ටුව ලග නතර කරලා කාර් එකෙන් බැස්සෙ ගේ දොර දිහා බලාගෙනමයි. ගේට්ටුව ඉස්සරහ හිටපු මුරකාරයා දැක්ක ගමන් මට ආචාර කරලා ගේට්ටුව ඇරලා දුන්නා. ලැබුන අවසරෙන් ගෙදර දොර ලගට ගිහින් තට්ටු කරන්නත් කලින්ම ගෙදර දොර ඇරලා ජෙසෝ හැල්මොනි මාව පිලි ගත්තා. නොකියාම ආවාත් මං එනකොටම දොර අැරපු නිසා මට මේ ගැන දැන ගන්න තිබුනේ ලොකු කුතුහලයක්.
🧝♀️- එන්න පුතෙ ඇතුලට.
💛-ඒත් හැල්මොනි කොහොමද?
🧝♀️-ඒ ගැන පස්සෙ කතා කරමු පුතා එකට ඇතුලට එන්න. පුතා තෙමිලා නේද. එන්න ඇවිත් ඔළුව පිහද ගන්න මම ජී වෝන්ගෙ ඇදුමක් ඔයාට දෙන්නම්. පුතා කාලාත් නැතුව ඇති නේ එන්න කාලා ම යමු.
💛-ජෙසෝ හැල්මොනි පේලියට කියාගෙන ගියා. ජෙසෝ හැල්මොනි මට ජී වොන්ගෙ රූම් එක පෙන්නලා මට එන්න කියලා එයා මටත් කලින් රූම් එකට ගියා. ඒ වැඩේට මගෙත් අකමැත්තක් නොතිබුනෙ තාමත් හොදටම තෙමුන මගෙන් වතුර බේරෙන නිසා. ජී වොන් කියන්නෙ හැල්මෝනිගෙ එකම පුතා. එයාගෙ බිස්නස් වැඩ වලට කොරියන් වලින් පිට තමයි ඉන්නෙ. හැල්මොනි පෙන්නපු කාමරේට මං ගියා. ඒ වෙනකොටත් හැල්මොනි මට ටවල් එකක් වගේම ඇදුමුත් ලෑස්ති කරලා තිබුනා.
🧝♀️- පුතා ලෑස්ති වෙලා පහලට එන්න මං කෑම ලෑස්ති කරලා තියන්නම්.
💛-හැල්මොනි එහෙම කියලා දොරත් වහන් පහලට ගියා. මමත් එහෙම්මම බාත් රූම් එකට ගියේ ලෑස්ති වෙලා පහලට ගිහින් මේ වෙන දේවල් කියලා හිත නිදහස් කර ගන්නවා කියලා හිතාගෙන. පැය කාලක් විතර වොශ් දාන් මං ලෑස්ති වෙලා පහලට ගියා. මං යනකොටත් හැල්මොනි කෑම ලෑස්ති කරනවා. මම පහලට එනවා දැක්ක නිසාම හැල්මොනි ඔළුව උස්සලා මද හිනාවක් දැම්මා. මමත් හිනා වෙලා පහලට ගියා.
YOU ARE READING
𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(𝑲𝑻𝑯🍃on hold 🍃
Fanfiction🥀🥀 මේක නම් ටිකක් අමුතු කතාවක් මේක ආත්ම දෙකක කතාවක්. මේකෙදි අනතුරකට මුහුන දි තම ජිවිත බේරා ගැනිමට පලා යන ක්ලෙයා නොසිතු අයුරුන් රිය අනතුරකට මුහුන දි එම අවස්ථාවේදි ජිවිතයෙන් සමු ගනියි. මිය යන මොහොතේ දි තම මිනි මරුවාගේ මුහුන දකින ක්ලෙයා වෛරයක් වෙනුවට...