🦋𝑬𝒑.16🦋

335 86 12
                                    

මෙච්චර වෙලා වචනයක්වත් කතා නොකර මම සොල්ජා දිහා බලන් හිටියා. ඒ ඇස්වල අසරන කම කියන දේ උපරිම ලියවිලා තිබුනා. කරන්න දෙයක් හිතා ගන්න බැරුව හිටිය මම සොල්ජාට තුරුලු වුනෙ මෙච්චර දවස් ඔම්මාගෙන් නොවිද්ද ආදරෙ සොල්ජාගෙන් විදින ගමන්. හිත පුරා සොල්ජා ගැන අනුකම්පාවක් ගලන් එද්දි සොල්ජා ඉකි ගැහුම් මාව තවත් නොසන්සුන් කරා.
තව දුරටත් තුරුළු වෙලා හිටියොත් වෙන්නෙ සොල්ජාගෙ දුක වැඩි වෙන එක විතරයි. ඉතින් මම ඉක්මනින්ම සොල්පාගෙන් ඈත් වුනා.

දුවේ තව දුරටත් මෙතන ඔයාට ආරක්ශාවක් නැ. ඉක්මනින් මෙතනින් යන්න. මම ඔයාට උදව් කරන්නම්.

ඇඩුම් ටිකක් පාලනය කරන් මගෙ මුන දිහා බලන් කතා කරන්න ගත්තෙ ඉකි බිදුම් අතරෙමයි. කවදාවත් නොදැනුන ආරක්ශාවක් ආදරයක් දෙන මේ නොදන්න ගෑනු කෙනා දිහා මම බලන් හිටියෙ පුදුමයෙන්. එකවර මාවත් ඇදන් දොර ලගට ගිය සොල්ජා මට අතින් නවතින්න කියලා දොරෙන් ඔළුව දාලා එලිය බැලුවෙ එලියෙ කවුරුත් නැද්ද කියලා සැක හැර දැනගන්නයි. මේ වෙනකොටත් කිසිම කෙනෙක් අදුරු කොරිඩෝවෙ නොහිටිය නිසා සොල්ජා මගෙ අතින් අල්ලන් ඉදිරියට ඇදුනා. විටින් විට ඇහෙන අමුතු සද්ද අතරින් මට දැනුනෙ අමුතු හැගිමක්. සොල්ජා දාන් හිටිය හයි හිල්ස් දෙකෙ අඩිය පොලව මත වදිද්දි ඒකෙන් නැගුන සද්දෙ මුළු කොරිඩෝවෙම දෝංකාර දුන්නා. ටික දුරක් යද්දි මේ සද්දෙ කරදරයක් කියලා හිතුන නිසාදො කොහෙද සොල්ජා හීල්ස් දෙක ගලවලා අතට අරන් ඒන කොරිඩෝවෙ පැත්තකින් තියලා නිරුවත් පාද වලින් ඉදිරියට ඇදුනා. සොල්ජා ඇදන් හිටිය කෙටි ගවුම නිසා අපහසුවක් දැනුනත් ඒ ගැන තැකීමක් නොකර සොල්ජා ඉදිරියට ඇදුනා. ඇදුරු කොරිඩෝව දිගෙ ඉස්සරහට ආව අපිට හම්බුනෙ පඩිපෙලක් එකෙන් උඩට යද්දි තේරුනෙ මාව අසිහියෙන් අරන් ඇවිත් තියෙන්නෙ පොලව යට කාමරේකට කියලා. පඩිපෙල දිගෙ උඩට යනකොට අපිට හම්බුවා මමඑකටම ආව ගේ වගෙ කොටස පුදුමෙකට තිබුනෙ මේ පඩිපෙල තිබුනෙ පිටතින් බැලුව කිසිම කෙනෙක්ට නොපෙනෙන්න පොත් රාක්කයක් පිටිපස්සේ. මේක දිහා බැලුව මට නම් තේරුනෙ අර මාමා කියන ජරා සතා ඌගෙ ජරා වැඩ ඔක්කොම කරන්නෙ පොලව යට කියලා. සොල්ජා මාවත් එක්කන් ඉස්සරහට ගියෙ ගෙදර ප්‍රදාන දොර ලගට. ඒකෙ සොයිබුව කැරකුව ගමන් නිකම්ම ඇරුන නිසා මට දැනුනෙ පුදුමයක්. මොකද මෙච්චර ජරා වැඩ කරන මිනිහෙක් ගෙදර දොර ලොක් නොකර ඉදපු එක ගැන. මම නැවතිලා ඒ දිහා බලන් හිටියා කියලා දැනුන නිසාද කොහෙද සොල්ඩා හැරිලා බලලා ඔළුවෙන් කතා කරෙ මට එන්න කියලා. මම සොල්ජා ලගට ගිහින් එයා දිහා බලන් ඉද්දි කිව්වෙ කටට ඇගිල්ල තියලා මට සද්ද නොකර එයාගෙ පස්සෙන් එන්න කියලා. කියන දේ අහලා සද්ද නොකර මම සොල්ජාගෙ පස්සෙන් ගියා. ගෙදරින් එලියට ගිහින්‍ දොර හෙමින් වහලා අපි ඉක්මන් අඩියෙන් ගේට්ටුව ලගට ගියා.

ආ.... දෙන්නා බැහැරක් යනවා වගේ නේද ?

පිටි පස්සෙන් ඇහුන සද්දෙට අපි දෙන්නාම ඉන්න තැනම ගල් වුනා හෙමිට පිටි පස්ස හැරෙද්දි දැක්කෙ එතන අර බල්ලා හිටන් හිටියා ඌට පිටිපස්සෙන් උගෙ කුලි මැරයො ටිකත් වට වෙලා හිටියා.

දුවේ දුවන්න.

එක පාරටම සොල්ජා කෑ ගහලා කියද්දි මම ගැස්සිලා සොල්ජා දිහා බැලුවා. ඒත් මම කොහොමද සොල්ජාව දාලා යන්නේ. සොල්ජාව දාලා තනියම යන්න මට කොහොමත් බැ.

වනචර ගෑනි උබට ලැජ්ජාවක් නැද්ද මෙච්චර දවස් මගෙන් කාලා මගෙ ඔළුවටම අත හෝදන්න. කියපන් මෙච්දර දවස් තෝ මට බොරු කරා. නිදිපෙති දාදා මාව නිදි කර කර තෝ හැමදාම ගැලවුනා. බලපන් මම තොට ඉන්න දෙයිද කියලා.

මම එතනම ගල් වෙලා බලන් හිටියෙ මාමා දිහා. වියරුවෙන් කෑ ගහන මාමාගෙ අතේ තුවක්නුව කෙලින්ම එල්ල වෙපා තිබුනෙ සොල්ජාට. දිගින් දිලටම වියරුවෙන් මාමා කෑ ගහද්දි සොල්ජා කට කොනෙන් හිනා වෙපා කිව්වෙ මගෙ පන බේර ගන්න දුවන්න කියලා.

——————————————————————————-
කොහොමද ඔයාලාට. ඔන්න කුරිරු ඕතරයා ආවා. වගේම කුරිරු අදහසක් ආවා මේක 𝒔𝒂𝒅 𝒆𝒏𝒅𝒊𝒏𝒈 කරන්න. මොකද කියන්නෙ එහෙම කරන්න ද?

සොල්ජාට වෙඩි තියයිද සුශිලා.
මම නම් දන්නෙ නැ රෑට හිනෙ ඇවිත් මට කියලා ගියොත් හෙට එපියෙදි කියන්නම් වෙඩි තියනවාද නැද්ද කියලා.
තව කොටස් හතරයි. බුහා 😈😈😈

එහෙනම් මම කැපුනා.
ආාාාා සමාව බාජනේකට දෙන්න ප්‍රමාද දෝශයට.
අර වැක්සින් රෙද්ද ගහලා උන ගැනුන නිසා දෙන්න බැරි වුනා පස්සෙ වැඩ වැටුන නිසා බැරි වුනා. දැන් හරිනේ. එහෙනම බායි

🥀𝑹𝒆𝒅_𝑴𝒂𝒓𝒌🥀

𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(𝑲𝑻𝑯🍃on hold 🍃Where stories live. Discover now