My True Love
.
.
.
දෙවන දිගහැරුම ....
.
.
.
" සියන් සියන්....මයික් ගේ සද්දෙටයි මම පියවි සිහියට ආවේ..."Brother ට එහෙනම් හරි ගිහින් නේද..??
" Congraz bro.... යීබෝ මයික්ට අතට අත දීලා උරහිසට
තට්ටුවක් දැම්මා.." අනේ නෑ මම එයාගේ Boyfriend නෙවෙයි...
මම එකපාරම කෑගැහුවා..
සේරම මම දිහා එකපාරම බැලුවා..
මයික් අවුලෙන් වගේ මං දිහා බැලුවා...
සේරම පුදුම වෙලා..
ඒත් මට ඒ වෙලාවෙ තවත් දරාගන්න බැරි වුනා.. මොකද මම කොල්ලෙක්..
ඒක මගේ නමට හරිනෑ කියලා මට හිතුනා...
තවත් කොල්ලෙක්ගේ Boyfriend කෙනෙක් වෙන්න ඒ වෙලාවෙ මට ඕනි වුනේ නෑ..ඒත් මයික්ව මට නැති කරගන්න ඕනි වුණෙත් නෑ....
" මයික් මට යන්න ඕනි... ඇත්තටම මට තරහා ගිහින් හිටියේ...
"යමු මාත් එනවා. එපා මයික් මම යන්නම්.. "
එතකොටම මයික්ගේ නිල් පාට ඇස් දෙක කදුළුවලින් දිලිසෙනවා මම දැක්කා.. මගේ හිතට එක පාරටම ලොකු දුකක් දැනුණ.. ඒක මට කියාගන්න තේරෙන්නේ නෑ..
මමත් නොදැනුවත්වම මයික්ගේ අතින් අල්ල ගත්තේ එතකොටයි..
" හරි මම ඉන්නම්... අපි යමු..
මට ඇත්තටම ඕනි වුනා එතනින් යන්න.. යීබෝ ගැන හිතේ අමුතු හැගීමක් ඇතිවුනත් මට මයික් ගැන වෙනස්ම හැගීමක් තිබ්බේ..මට ඕනි උනේ නෑ මයික්ට මම නිසා රිද්දන්න..
ඒ නිසා මම මයික්ගේ අතින් අල්ලගෙන අපි දෙන්නා විතරක් ඉන්න පුළුවන් තැනකට ගියා...එක එක පාටින් ලයිට් එලිය වෙනස් වෙනකොට අයිනෙම තිබ්බ Sofa එකකට මං මයික්ව අල්ලගෙන ඇවිත් වාඩි කෙරෙව්වා..
මම දැක්කේ මයික්ගේ නීල් මැණික් කැට දෙකක් වගේ තියන ඇස්වලින් බේරුණු කදුළු මූන දිගේ ගලාගෙන යන විදිය..
මගේ පපුව හිර වෙනවා වගේ දැනුනේ එතකොට..." මයික්... ඇයි ඔයා... මම මයික්ගේ කම්මුල්වලින් ගලාගෙන එන කදුළු හිමින් අතින් පිහිදැම්මා...
එතකොටම මයික් මාව බදාගත්තේ මට හුස්ම ගන්නවත් නොදී...
" සියන්.. මම... මම... මම ඔයාට.... ආදරෙයි....
YOU ARE READING
My True Love ( yizhan FF✔️🔚)sinhala
Fanfictionනුඹේ ප්‍රේමය හමුවේ මම ඇද වැටෙමි... ඒකත් නුඹ තුළටම......❤️❤️