13- දිගහැරුම. ( වේදනාත්ම රණ්ඩුව )

1K 256 47
                                    

My True LoVe❤️
.
.
.
.
13- දිගහැරුම...
.
.
.
ඒත් එක්කම මම ඇග උඩින් එහාට යන්න හදනකොටම මගේ බඩට වැදුණු පාර රිදෙන්න ගත්තා...

" ආයි....යා.....
" ඇයි මොකක්ද ....???
" කෝ බලන්න...
යීබෝ මගේ පිජාමා ශර්ට් එක ඉස්සුවේ මම ලැජ්ජාවෙන් ඇඹරෙද්දී...

" මං ඔයාට අතවර කරන්නේ නෑ අනේ.. කෝ මට බලන්න දෙන්න... බෙහෙත් ගාමු...

එයා මාව අරන් ඇද උඩින් තිබ්බා...
ඒත් එක්කම ජිජාමා ඇදුමෙ බොත්තම් ගැලෙව්වේ අපි හනිමූන් එකේ ඉන්නවා වගේ.. එතකොට මගේ හිත අසූහාරදාහට ගැහෙන්න ගත්තා...

යීබෝ ඇස් ලොකු කරගත්තේ වැදුණු සපත්තු පාරට නිල් වෙලා තිබ්බ නිසා...

"අයිස් කැට තියනවද..??
" අම්ම්හ්.. දන්නෑ.. පහලින් නැන්දගෙන් අහන්න ඕනි...
ඉන්න මං ගෙන්නම්... මම එතකොටම යීබෝගේ අතින් අල්ලලා නැවැත්තුවා...

"එපා දැන් රෑ වෙලා එයාලා නිදි...
කමක් නෑ මට තැන කියන්න මම ගේන්නම්.. එපා බෝ.. බාම් ගාමු ඇති...

" හ්ම්ම්ම්....
පස්සේ එයා බාම් එක අරන් පරිස්සමෙන් මගේ බඩේ තැල්ම තියෙන තැන ගෑවා...
සීරුණු තැනයි කට ලග තුවාලෙයි ඔලුවේ සීරුණු තැනයි ඔයිල්මන්ට් එකක් අරන් ගෑවා...

මම බලාගෙන හිටියේ මටත් වඩා වද වෙන ඒ ඇස් දිහා...
මට හිතුනේ ඒ ඇස් මගෙන් සමාව ඉල්ලනවා වගේ...

මම නිහඩව එයාට ඉඩ දුන්නා...
" ඔයා මොනවද කරේ තුවාල වෙන්න මෙහෙම....???

"අහ්ම්... ම්ම්ම්.... පාරෙ එනකොට නපුරු කොල්ලො සෙට් එකක් මාව මංකොල්ල කෑවා..
මං අමාරුවෙන් වචන ගැට ගහගෙන එයාට කිව්වා....

"මොකක්...???? යීබෝ ඇද උඩින් නැගිට්ටා...
"කෑ ගහන්න එපා බෝ.... පහලට ඇහෙයි...
එහෙම කිව්වම එයා සන්සුන් වුනා...

" ඇයි මගේ කෝල්ස් ගන්නේ නැත්තේ...???
"අහ්.. මගේ 4න් එක... ඕෆ් වෙලා ඇති. මං ඊයෙ රැයෙන් පස්සේ චාජ් කරේ නෑ...

" ඇයි ඔයා ඔහොම නොසැලකිලිමත් ...???
"හදිසියකටවත් 4 න් එක නැතුව කොහොමද..??
" අහ්ම්. ආයෙ චාර්ජ් කරගන්නම්....

My True Love ( yizhan FF✔️🔚)sinhalaNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ