03 දිගහැරුම- ( වන්ග් යීබෝ )

1.3K 284 36
                                    

My True Love
.
.
.
.
තුන්වන දිගහැරුම....
.
.
.
යීබෝ.......???
මට පුදුම හිතුනා එකපාරටම... ඒත් මම නැගිටලා එයා දිහා බලාගෙන හිටියා..
ඒ කළු පාට කෙස් අතරින් මට අත අරන් යන්න හිතුනා..
මම හිමීට ඒ ඔලුව අත ගාන්න හැදුවේ.. ඒත් එක්කම එයාට ඇහැරුණා..
එයා මම දිහා බැලුවා.. ඒත් එක්කම කලබලෙන් වගේ මගේ අත අතෑරියා...

" මම මේ කොහෙද ඉන්නේ...?
" අහ් බයවෙන්න එපා.. ඔයා ඉන්නේ අපේ ගෙදර..
" අහ්..... ගෙදර...?????
" ඊයෙ මට මොකක්ද උනේ ....??
" අහ්... මගේ ඔලුව.. බෙල්ල...
" රිදෙනවද....???
ඒත් එක්කම මගේ ඔලුව කැරකෙනවා වගේ ආවා..
" ආ.........ව් මගේ ඔලුව...
"ඇයි බනී ඇයි... ???
කෝ එයා මගේ අතින් අල්ලගෙන ඇද උඩ වාඩි වුනා..
මම එයාගෙ පපුවට මගේ ඔලුව හිමීට හේත්තු කරගත්තා...

ඇත්තටම මට ටිකක් වෙලා යද්දි අඩු වුනා... ඒත් එක්කම එයා මගේ ඔලුව අයින් කරලා යන්න හැදුවා...

" යන්න එපා... මම මගේ උපරිම අහිංසක බැල්ම දාලා එයාට කිව්වා...

" අහන්නකෝ බනී...
" අහ්.. බනී කවු...ද....
යීබො ලස්සනට හිනා වුනා..

" මයික් පහල ඉන්නවා එයාට Hangover .. මම එයාව බලලා එන්නම්.. හොඳද...??
යීබො මගේ ඔලුව අතගාලා යන්න ගියා..  මම හරිම ආසාවෙන් ඒ හැගීම වින්දා..
මට හිතාගන්න බෑ යීබෝ ළඟදි මට ඇතිවෙන හැඟීමයි මයික් ළඟදි ඇතිවෙන හැඟීමයි දෙකක් ..
ඒත් එකේ වෙනස මට තේරුම් ගන්න බැරි වුනා...

ඒත් එක්කම Room එකට කඩාගෙන බිඳගෙන ආවේ මයික්..
"සියන්.. අනේ ඔයාට මොකක්ද උනේ පන...???"
මයික් ඇස් දෙකේම කදුළු පුරෝගෙන ...

" අනේ... බලන්නකෝ කවුද ඔයාට මෙහෙම කරේ..
" මට සමාවෙන්න.. මට හරි සිහියකින් ඉන්න තිබුණා.. ඔයාවත් අරන් මම ගිහින් අන්තිමට මම කරේ බීලා වැටුණු එක..
ඔයාව පරිස්සම් කරන්නවත් මට බැරි වුනා..
මට සමාවෙන්න සියන්...
මට ඇත්තටම මයික් ගැන ලොකු දුකක් ඇතිවුනා..

"අනේ මයික් අඩන්න එපා.. ඔයා සමාව ඉල්ලන්න ඕනි නෑ... ඔයාගෙ වරදක් නෙවෙයිනේ මේක...

" මට සමාවෙන්න.. මම පොරොන්දු වෙනවා.. ආපහු ඔයාට හීරීමක්වත් වෙන්න මම දෙන්නේ නෑ ... සත්තමයි...

My True Love ( yizhan FF✔️🔚)sinhalaWhere stories live. Discover now