04 දිගහැරුම..( වෙනස්වීම.)

1.1K 267 41
                                    

My true Love
.
.
.
.
.
04 දිගහැරුම...
.
.
.
එතකොට එයා මයික් කියපු නිසා ද මාව බලාගන්නේ...
මගේ පපුව හිරවෙනවා වගේ දැනුනා...

" මාව තියන්න බෝ...
" ඉන්න.. තව ටිකයි...
" කිව්වම අහලා මාව බිමින් තියන්න.. කවුරුත් කිව්ව නිසා මට උදව් ඕනි නෑ...
මම මගේ හිතේ තියන වේදනාව සැර අඩුම වචනවලට පෙරලුවා..
එක පාරටම එයා පුදුම වුනා වගේ.. මොකද මම ඒක කිව්වෙත් එයාගෙ කන් දෙක අගුළු වැටෙන්න තරම් හයියෙන්...
ඒත් එයා ඊලග තප්පරේ කට කොනින් හිනාවෙන්න ගත්තේ මගෙ ඔක්කොම තරහා දියකරලා යන්න..

මම.ඒ කට කොනින් වෙන හිනාවට තමා මාරම ආස වුනේ...

" ge ge මාව තියන්න..
" ඇයි මං එහෙම කරන්නේ??
" ඔයා මයික් කිව්ව නිසා මෙහෙම කරන්න ඕනි නෑ..
" අහ්...
" ඔයා හිතනවද මයික් මට ඔයාව වඩාගෙන ඇද ලගට වෙනකං එක්කන් යන්න කිව්වා කියලා..
මම කිව්වේ මයික් කියපු එකත් මට ඔයාව බලාගන්න එක හේතුවක්...

" අහ්... මටත් නොදැනිමයි මගේ කට ඇරුනේ ... ඒත් එක්ක්ම එයා මාව පරිස්සමෙන් ඇද උඩින් තිබ්බා...

" කට වහගන්න හා පැටියෝ කටට මැස්සො යයි...
" අහ්.. මම කරේ තවත් ලොකුවට කට ඇරපු එක. ඒත් එක්කම මගේ ඇග සීතල වෙලා ගියේ බෝ කරපු දේත් එක්ක...
එයා මගේ නිකටෙන් අල්ලලා මූනට බර වුනා. මට ඉඹේටම ඇස් පියවුනා....

එයා මගේ නිකටෙන් අල්ලලා මගේ කට වැහුවා...
මගේ කනට එයාගේ උණුසුම් සුසුම් තැවරුනා...
" මම ඔයාව බලාගන්නේ මට ඕනි නිසා මිසක් කවුරුත් කිව්ව නිසා නෙවෙයි...

එයා ලස්සනට හිනා වුනා.. මගේ බඩේ සමනල්ලු දුවලා වටේම වයලීන් වාදනය වෙනවා වගේ මට දැනුනේ...
මම එයාගෙ ඇස් දෙක දිහා බලාගෙනම හිටියෙ මාත් නොදැනුවත්වමයි...

" මාව ගෙවෙයි...
"අහ්.... එතකොටයි මම පියවි සිහියට ආවේ ...
'" මොකක්ද ???
" නෑ ඔයා ඔහොම බැලුවම මාව ගෙවෙයි....
ඇත්තටම මට පොළොව පලාගෙන යන්න හිතුනා... දෙවියනේ....
" ඒත් එක්කම කොහෙවත් නැති කැස්සකුත් මට ආවේ ඉඹේටමයි...
එයා ලස්සනට හිනා වුනා...
" බනී ඔයා rest කරන්න මම යන්නම් එහෙනම්....

My True Love ( yizhan FF✔️🔚)sinhalaحيث تعيش القصص. اكتشف الآن