ජිමින් අහන්න යන දේ ගැන මට කුතුහලයක් තිබුනත් එයා ඒක අහනකම් මම මගේ හැගීම් පිටට පෙන්නන්නෙ නැතුව ඉන්න වග බලා ගත්තා.
'Hyung... එදා ඔයා කිම් සර් එක්ක කියපු කතාව ඇත්තක්ද?'
ජිමින් ඒක ඇහුවේ වේදනාවෙන් කියල මට හොදටම තේරුනා. මට දුක හිතුනා එයා අහපු විදිහට ඒත් මම එයාට උත්තර දුන්නේ හරිම රලු විදිහට.
'ජිමින්? මොකක් ගැනද ඔයා ඔය අහන්න හදන්නේ?'
'එදා... මට hyung කිම් සර්ට කියපුවා ඇහුණා. ඔයා මාව bodyguard විදිහට ගත්තේ මගේ ඇඟ නිසාද හ්‍යුන්ග්?'
ජිමින් මගෙන් බයෙන් උනත් එහෙම ඇහුවම මම උත්තර දුන්නේ නැත්තේ මට ඒක ගැන එයාට කියන්න කිසිම උවමනාවක් තිබ්බේ නැති නිසා වෙන්න ඇති. මම හිතන්නෙ මගේ නිහඩ භාවයෙන් එයා මගේ උත්තරේ තේරුම් ගත්ත නිසාද කොහෙද ආයෙ කතා කරන්න පටන් ගත්තා.
'ඇයි ඔයා එහෙමනම් මම ඔයාගේ මල්ලි කියලා හැමෝටම කිව්වේ? කියන්න හ්‍යුන්ග්? මම දුප්පත් නිසා මගේ ඇඟ විකුණයි කියලා ඔයා හිතුවද hyung ? ඔයාගේ මල්ලි කියලා හැමෝටම කියලා ඒක වහගන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතුවද hyung ?
"චටාස්.."
ජිමින්ට කියන්න උනේ එච්චරයි. මොකද ඉතුරු ටික කියන්න කලින් එයා මගෙන් හොද කනේ පාරක් කෑවා. මම කියන්නේ ජීවිතේට කොල්ලෙක්ට තියා කෙල්ලෙක්ටවත් අතක් උස්සන්නෙ නැති කෙනෙක්. තාම මම මගේ ජීවිතේටම ගහල තියෙන්නෙ කොල්ලො දෙන්නෙකට විතරයි. එකෙක් ජිමින් අනිකා එකේ එකෙක්. මම ගැහුව පාරට ජිමින් බිම වැටුනා. මම ගහන්න හේතුව උනේ එයා මට කියපු දේට. මම කොච්චර කෙල්ලො එක්ක නිදාගත්තත් බැරි වෙලා හරි දුප්පත් කෙල්ලෙක් මොකක් හරි පවුලේ ප්‍රශ්නෙකට club එකක අනුන්ගේ ආසාවල් ඉශ්ට කරනවනම් කීයක් උනත් කමක් නැ දීලා මම ඒ අයව බේර ගන්නවා. ඉතින් ජිමින් කියන්නෙත් දුප්පත් කොල්ලෙක්. එයා ලස්සනයි කියල මම එයාව මගේ හැටියට ගත්තත් කවදාවත් මම එයාගෙ ඇග විකුනන්න මම සල්ලි දෙන්නම් කිව්වේ නෑ. ඉතින් මට තරහ ගිය එක සාධාරණ නැද්ද?
author's pov
ටේ ගහපු පාරෙ වේගෙට ජිමින්ව බිම වැටුනා. ඒ තරම් වේගෙකින් ටේ ගැහුවේ ජිමින්ට. ටිකෙන් ටික ජිමින් අඩන එක වැඩි වෙද්දී ටේ ජිමින්ව වැටුන තැනින් නැගිට්ටවල ඇදේ ටේගෙ එහා පැත්තෙන් ඉන්දව ගත්තා. ටේ එයාගෙ එක අතකින් ජිමින්ගේ කදුලු පිහිදාන ගමන්ම අනිත් අතින් ජිමින්ගේ උරහිස තදින් අල්ල ගත්තේ මොකක් හරි වැදගත් දෙයක් කියන්න මුලපුරනවා වගෙයි.
YOU ARE READING
JUST FOR HIS BODY🔞 (On Hold)
RomancePlz..... මට ඉන්න දෙන්න..... ඇයි ඔයා මට කැමති නැත්තෙ??? කවුද කිව්වෙ කැමති නෑ කියල😑 💋💋💋💋 🔞 10.08.2021 --> Vmin --> Sopekook --> Namjin