මම කතාව නවත්තන්නෙ නෑ sorry මම ඒ වෙලාවෙ ඒක කිව්වේ joke එකකට උනත් පස්සේ මට ඇත්තටම මේක නවත්තන්න ඕනෙ උනා. ඔයාලගෙ comments බලල මම හිත හදා තව ලියන්න සහ මට ඕනෙ උනේ නෑ මෙහෙම මගින් නවත්තලා ඔයාලව අතරමං කරන්න. So මම මේක ලියන්නම් ඒත් පුලුවන් තරම් ඉක්මනට ඉවර කරන්න බලාගෙන. ඒකට හේතු ගොඩක් තියෙනව ඉතින්... අනික මට මේක දැන්ම කියන්න ඕනෙ උනේ නෑ කොහොමහරි ඉතින් ඔන්න ඔයාලගෙ ප්‍රශ්න ගොඩාක් විස්දෙයි මේවා කියෙව්වට පස්සේ.ඊලග Chapter එකට කලින් අනිවාරෙන්ම කියවන්න මේක🚫. එතකොට ඔයාලට තේරෙයි ටේට තියෙන disorder එක ගැන.
පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය යනු කුමක්ද??
වෛද්‍ය රුවන් එම්. ජයතුංග
මානසික වශයෙන් දැඩි පීඩනයකට ලක් විය හැකි සිදුවීමකින් පසුව නැගෙන මනෝවිද්‍යානුකූල රෝගී ලක්ෂණ, පෙන්නුම් කරන දූරාවලියක් ‛පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (Post Traumatic Stress Disorder) යනුවෙන් හැඳින්වෙයි.(PSTD) යන කෙටි නාමයෙන් හැඳින්වෙන මෙම මානසික තත්ත්වය ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව ක්ෂණිකව හෝ කාලයක් ගතවීමෙන් පසුව හෝ ඇතිවිය හැකිය. කෙසේ වෙතත් එය භීතිය ගෙනෙන පීඩාකාරී හැඟීම් මුසු භයංකර අත්දැකීමකට පසුව ඇතිවන්නකි.කොළොම්බියා විශ්වවිද්‍යාල විශ්ව කෝෂය පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය හෙවත් ඡඔීෘ නිර්වචනය කර ඇත්තේ මෙසේය. "එය අතිශය පීඩාකාරී මානසික අත්දැකීමක් මත උපදින්නකි. යුද්ධය, භීෂණය, ළමා කල අපහරණයට ලක් වීම, ලිංගික අතවරයකට බඳුන්වීම, දරුණු අනතුරකට මුහුණ දීම ආදියට පසු මේ මානසික තත්ත්වයට පත් විය හැකිය. එය ප්‍රතිඵලයක් ලෙස සංවේදිතාවයෙන් විනිර්මුක්ත අසංවේදී, පරිසරයට ප්‍රතිචාර නොදක්වන පුද්ගලයෙකු උපදියි. එම තත්ත්වය මාස කිහිපයක සිට වසර ගණනාවක් තෙක් වුවත් දීර්ඝ වීමට පුළුවන. මෙම කාලයෙන් පසු සිහිනයෙන් බියවීම, පාලනය කළ නොහැකි අතීතාවර්ජන දැකීම, කෙටිකාලීන මතකයේ දුර්වලතා, ඉන්සොමේනියාව, හදිසි ශබ්දවලට දක්වන අධිසංවේදිතාව සේම විටෙක ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම ද උක්ත අක්රමතාවයෙහි ප්‍රතිඵල වේ.
PSTD පිළිබඳ පළමු සඳහන පැමිණියේ 1980 වර්ෂයේ පළමු මානසික අක්‍රමතාවය පිළිබඳ රෝග නිශ්චය හා සංඛ්‍යාලේඛන පිළිබඳ (DSM - Diagnostic and Statistical Manual of Mental Disorders) ප්රකාශනයෙහිය.DSM ප්රකාශනයට අනුව PTSD යනු යම් ව්‍යසනකාරී අත්දැකීමකට පුද්ගලිකව මුහුණ දී ඉන් ජීවිතය නැති වීමට හෝ ශාරීරික වශයෙන් පීඩාවට පත්වීමට හෝ තිබූ අවස්ථාවෙන් හෝ, වෙනත්
උදවියගේ ජීවිත විනාශවනු හෝ එසේ වීමට තර්ජනයන් ඇති බැව් වැටහෙන දරුණු භීතියකට මුහුණ දීමෙන් ඇති වන්නා වූ තත්ත්වයකි. නැතහොත් සමීපතම ඥාතියෙකු හෝ මිතුරකුගේ හදිසි හෝ රුදුරු මරණයක්, ඔවුන්ට එල්ළ වුණු මරණීය තර්ජනයක් හෝ දැවැන්ත අනතුරක් පිළිබඳ ආරංචි ලැබීමෙන් ද මෙම තත්ත්වයට පත් වනු ඇත.
YOU ARE READING
JUST FOR HIS BODY🔞 (On Hold)
RomancePlz..... මට ඉන්න දෙන්න..... ඇයි ඔයා මට කැමති නැත්තෙ??? කවුද කිව්වෙ කැමති නෑ කියල😑 💋💋💋💋 🔞 10.08.2021 --> Vmin --> Sopekook --> Namjin