Fifth Mile

493 122 11
                                    


Jungkook's POV

මම ඩෝර්ම් එකට ආවෙ හරි සතුටින්. මම සකුරා එක්ක කතා කරනකොට ඒක හිතලා නෙවේ කිව්වේ. හිතලා තමයි කිව්වේ ඒත් ... මම එච්චර ඉක්මනට ඒක කියන්න බලාපොරොත්තු උනේ නෑ. ඒත් සකුරාගේ උත්තරේ මතක් උනාම මට උඩ පනින්න හිතුනේ මුලු සෝල් වලටම මගේ සතුට ඇහෙන්න කෑ ගහන ගමන්. ඒත් මම එහෙම කරනේ නැතුව කෙලින්ම ඩෝම් එකට ආවා.

මම එනකොට කවුරුත් ඩෝම් එකේ හිටියේ නෑ. දවස් 2ක නිවාඩුවක් හන්දා මම දන්නවා අද ඉන්නේ ජින් හ්යුන්ග් එක්ක මම විතරයි කියලා. අනිත් අය එන්නේ හෙට රෑ ට. එහෙම නැත්තන් අනිද්දා උදේට.

කවුච් එකට වැටිලා මම ආයෙමත් සකුරා එක්ක හිටපු අද දවස ගැන මතක් කරා. සකුරා මට බැන්නේ නෑ. සකුරා මට ගැහුවේ නෑ. සකුරා මගේ අත දිහා බලන් ඉන්නකොට මම මගේ අත එයාගේ අත උඩින් තිබ්බා. එයා මොකුත් කියන්නේ නැතුව මගේ අත එයාගේ අනිත් අතින් අල්ලගත්තා.එයාගෙ අත් දෙකෙන්ම මගේ අත අල්ලගත්තට පස්සේ එයා මාත් එක්ක හිනා උනා. එයාගේ හිනාව හැමදාම වගේ ලස්සනයි. ඒක ලස්සනයි කියනවට වඩා දෙයක් තිබ්බා. ඒත් ඒක මට කියන්න තේරෙන්නෙ නෑ. එයා වචනෙන් මොකුත් නොකිව්වට මම දන්නවා එයා මම කිව්ව දේට අකමැති නෑ කියලා.

ජින් හ්යුන්හ් ආවම මේ හැමදේම ජින් හ්යුන්ග්ට කියන්න ඕනේ. ජින් හ්යුන්ග් අනිත් අයට කියයිද? ජිමින් හ්යුන්ග්ට කිව්වොත් මාව අල්ලගෙන හිනා වෙයි. හෝසොක් හ්යුන්ග්නුත් හිනා වෙයි ඕක කියව කියව හැමවෙලේම.. මම මොකක්ද කරන්න ඕනේ ? ජින් හ්යුන්ග් එහෙම කාටවත් කියන කෙනෙකුත් නෙවේ. ඒත් බැරි වෙලාව-

බෙල් එක වැදෙන සද්දේ ඇහුන හන්දා මම නැගිටලා ගිහින් දොර ඇරියා කවුද කියලා බලන්න. ජින් හ්යුන්ග් මගේ ඉස්සරහා හිටගෙන හිටියා. මම එයා එනකන් හිටියේ මෙක ගැන කියන්න.

"හ්යුන්හ් දන්නවද මට ඔයාට කියන්න දෙයක් කියනවා හැබැයි මේක කාටවත් කියන්න එ-"

හ්යුන්ග්ට දොර ඇරලා මම එයා ඇතුලට ආවට පස්සේ එයා එක්ක ඇතුලට එන ගමන් මගේ කතාව කියන්න පටන් ගත්තා. ඒත් ජින් හ්යුන්ග් මාව ගනන් ගන්නේ නැතුව... ඔව් මාව ගනන් ගන්නේ නැතුව අපේ බෙඩ් රූම් එකේ තියන බාත් රූම් එකට ගිහින් දොර වහගත්තා

ON THE WAY TO AIRPORT  | Jungkook  | Where stories live. Discover now