Eleventh Mile

210 74 9
                                    

Jungkook's  POV

 
සකුරාගෙන් මැසේජ් එක ආවා ගමන් මම ඉක්මනට ලෑස්ති උනේ සකුරා හිටියෙ නැති දවස් දොලහා මට පිස්සු නොහැදි තිබුන එක ගැන පුදුමයෙන්. කබඩ් එකේ තිබුන ඇදුම් ඔක්කොම එලියට ඇදලා බලලත් මට කිසිම ඇදුමක් හොයාගන්න බැරි වෙනකොට මම ජින් හ්‍යුන්ග්ගේ කබඩ් එකට ඔලුව දැම්මේ එයාගේ ඇදුම් මට ලොකු වැඩියි කියලා දැනගෙනමයි. ඒත් පොඩ්ඩක් පොඩ්ඩක් හොයලා බලනකොට හ්‍යුන්ග්ගේ ඇදුමක් මට ඇති කියලා කියන්න පුලුවන් සයිස් එකකින් හම්බුනා.

මම ඒකත් ඇදගෙන ඉක්මනට එලියට ආවේ හවස ප්‍රැක්ටිස් වලට මම ආවේ නැති හේතුවට මොනවා කියනවද කියලා කල්පනා කර කර. ජින් හ්‍යුන්ග්ට කතා කරලා මට උණ වගේ කියන්න හිතුවත් ඊලගට එයාලා මාව බලන්න එන නිසා ඊට වඩා ස්ට්‍රෝන්ග් බොරුවක් මට හොයන්න උනා. අද ස්කූල් ගියෙත් නැති නිසා මට කියාගන්න බොරුවක් නැති වෙනකොට මම ජින් හ්‍යුන්ග්ට ඇත්තම කියනවා කියලා කෝල්ස් ගත්තත් එයා එක ෆෝන් කෝල් එකක්වත් ආන්සර් කරේ නෑ. අන්‍තිමට මම කලර් ලයිට්ස් ලගට ඇවිත් පාර පනින්න ඉන්න අතරේ නම්ජූන් හ්‍යුන්ග්ට ගත්තා.

'හෙලෝ.'

"ජූන් හ්‍යුන්ග් අද මට ප්‍රැක්ටිස් එන්න වෙන්නේ නෑ.ස්කූල් එකේ වැඩක්. මම එනකන් බලන් ඉන්න එපා. බායි."

එක පෙලට මට එන්න වෙන්නේ නෑ කියලා කියාගෙන ගිහින් මම ෆෝන් කෝල් එක කට් කරලා ෆෝන් එක ස්විච් ඕෆ් කරගත්තේ එතකොට එයාට ආයේ මට කෝල් කරලා ප්‍රැක්ටිස් එන්න කියලා කියන්න විදිහක් නැති නිසා. මම ෆෝන් එක පොකට් එකට දාගෙන රෝස් ගාර්ඩ්න් යද්දි මම දැක්කා සකුරා ඒ වෙද්දිත් ඇවිල්ලා නෑ කියලා. මම සකුරා එනකන් අතේ බැදපු ඔරලෝසුව බලලා බෙන්ච් එකෙන් වාඩි වෙලා පාර බලනකොට මම දැක්කා සකුරා මගේ දිහාට ඇවිදගෙන එනවා.

සකුරව දකිද්දි මට ඉන්න බෑ කියලා තේරෙනකොට මම ඉක්මනට දුවගෙන ගිහින් එයාව බදාගත්තේ මට ඒ තරමට එයාව මතක් උන නිසා. කොටම කොට සකුරා එයාගේ අතේ තිබ්බ මොනවා හරි බිමින් තියලා මගේ ඉණ වටේ අත දාගන්නකොට මම එයාගේ ඔලුවන් මගේ නිකට තියලා එයාව බදාගත්තා.

"මට ඔයාව ගොඩක් මතක් උනා සකුරා. මට ඔයාව ගොඩක් ගොඩක් මතක් උනා.."

ON THE WAY TO AIRPORT  | Jungkook  | Donde viven las historias. Descúbrelo ahora