Sixth Mile

236 84 15
                                    

Jungkook's POV

හ්‍යුන්ග් ඊයේ රෑ බැල්කනි එකට වෙලා කියවපු දේවල් මට තාම හරියට හිතාගන්න බෑ. සතුටින් ඉන්නලු, ගෙදර අය කියන දේ අහන්න එපාලු, වරද්දගන්න එපාලු, තමන්ට ඕන දේ කරන්න ඕනෙලු... තව ගොඩක් ඒවා කියෙව්වත් මට ඒ එක දෙයක් වත් තේරුනේ නැත්තේ හරි සිහියෙන් හිටියේ නැති හන්දද කොහෙද. ඒත් ජින් හ්‍යුන්ග් මොකක් හරි ප්‍රශ්නෙක කියලා විතරක් මට තේරුනා. මොනවා උනත් මට තව අහගන්න තිබ්බ වෙලාව මමත් හ්‍යුන්ග්ගෙන් බියර් කෑන් එකෙන් බොන්නද කියලා අහපු හන්දා නැති වෙලා ගියා. හ්‍යුන්ග් එයා කියන දේවල් විකාරෙන් වගේ කියෙව්වත්, මගේ වයස ගැන හොද අවදානෙකින් එයා හිටියා.

පහු වෙනිදත් මම ඇති වෙන්න දවසම නිදාගත්තේ ගොඩ කාලෙකට පස්සේ මට නිදාගන්න හම්බුන හන්දා. ඒත් හ්‍යුන්ග්ලා ඔක්කොම ඇවිත් ඉන්නවා දැක්කම මගේ මූණ දෙක උනේ මට ආයේ ඇදේ හොදට නිදාගන්න වෙන්නේ නෑ කියලා මතක් උන හන්දා. මම ඈනුම් ඇර ඇර එලියට එනකොට ජින් හ්‍යුන්ග් ජූන් හ්‍යුන්ග් එක්ක මොකක්දො කතාවක හිටියා. ඒත් එක්කම අපේ මැනේජර් නිම් ආව හන්දා මම ආයේ යන්න ආව ඇනුම තද කරගෙන මැනේජර් නිම් දිහා බලාගෙන හිටියත් එයා එක පාරටම හිනා වෙනවා දැක්කම මගේ කටින් හිනාව එලියට ගියා.

"ජන්ග්කුක් ඔයා කැමරා එක ඉස්සරහට ඈනුම් තද කරන් හිටියට එලියෙදි එහෙම ඉන්න ඕනේ නෑ. "

"ඒකටත් තව කල් තියනවනේ මැනේජර්-නිම්"

"ඒක ඇත්ත. හෙට ඔයාගේ හයිස්කුල් එන්රෝල්මන්ට් එක අපි ෆිල්ම් කරන්න හදන්නේ."

"එතකොට?"

"ඔයා හයිස්කූල් එකෙන් අයින් වෙන දවසේ ආයේ ෆිල්මින් එකක් තියනවා."

මට කිසිම දෙයක් තේරුනේ නැති උනත් මම මැනේජර් නිම් කියන ඔක්කොටම ඔලුව වන වන හිටියා. නැගිටපු ගමන් සකුරට කතා කරලා බැලුවේ නැති එක ගැන හිතෙන් බැන බැන හිටපු මම මැනේජර් නිම් යන්නේ මොන වෙලාවටද කියලා සැරින් සැරේ කල්පනා කර කර හිටියේ එක පාරටම එතනින් නැගිටලා යන එක හරි නැති හන්දා. කොහොම හරි අන්තිමට මැනේජර් නිම් ගියාට පස්සේ මම ඉක්මනට ෆෝන් එක අරගෙන සකුරාට මැසේජ් එකක් දාන්න යනකොට සකුරා මට කෝල් අරන් තියනවා කියලා මම දැක්කා.

ON THE WAY TO AIRPORT  | Jungkook  | Where stories live. Discover now