Jungkook's POV
"අපි ලබන සතියේ මෙහෙන් යනවා ජන්ග්කුකී."
"ඔ-ඔයා ර්-රට ය-යනවද?"
''ඔව්.. අපි අයර්ලන්ඩ් යනවා. ඒක ගැන කතා කරන්න ඔම්මා එක්ක අද අපොයිමන්ට් ගත්තේ"..
"එ-එතකොට ඔයා ආයේ එ-එන්නේ නැද්ද?"
"නෑ නෑ. එහෙම දෙයක් නෙවෙයි. ඔම්මාට සතියක වැකේශන් එකක් හම්බෙනවා. ඉතින් ඒකට අපි අයර්ලන්ඩ් යන්න හිතාගෙන ඉන්නේ. ඔම්මාගේ වැඩ හන්දා අපිට මෙහෙ දාලා ගොඩක් කාලෙකට යන්න බෑ. "
"ඔයා ගියාම මට පාලු වෙයි."
"මම හැමදාම කෝල් කරන්නම් ජන්ග්කුකී.."
සකුරා එක්ක ගොඩක් වෙලාවක් ගත කරලා මම ආයේ අපේ ඩෝර්ම් එකට එන්න ආවේ හෙට හයි ස්කූල් එක ගැන ඔලුවේ තියාගෙන. පරක්කු උන එකට ජූන් හ්‍යුන්ග් බනියි කියලා හිතාගෙන දොර ඇරගෙන ඇතුලට ආවත් මාව බලන්න හිටියේ ජින් හ්‍යුන්ග් විතරයි...
"වොශ් එකක් අරන් කන්න එන්න. "
මම ජින් හ්‍යුන්ග්ට හා කියලා අපේ කාමරේට ඇවිත් හූඩි එක ගලවන්න යනකොටම ඒක ඇතුලේ තිබ්බ සකුරා දුන්න පෑන අහු උනා. හෝල්ඩර් සාක්කුවේන් එලියට අරගෙන ඒක දිහා හොදට බලන් ඉන්නකොට මම දැක්කා පෑන දාලා තිබ්බ හෝල්ඩර් එකෙත් මගේ නම එන්ග්‍රේව් කරලා තියනවා කියලා.
Jeon JK.
ජේ. කේ කියන්නේ මොකක්ද කියලා දැනගන්න මම සකුරට ඒ වෙලාවෙම කෝල් කරා. එක පාරක් රින්ග් වෙනකොට සකුරා ෆෝන් එක ආන්සර් කරාම මම කතා කරන්න කලින් එයා කතා කරා.
'මම ගෙදර ආවා කියලා කියන්න කෝල් එකක් ගන්න හැදුවා විතරයි ජන්ග්කුකී'
"එහෙනම් මම හොදම වෙලාවට අරන් තියෙන්නේ. ඒක නෙවෙයි සකුරා. මොකක්ද මේ ජේ.කේ කියන්නේ. "
'ජන්ග් කුක්.'
''ඔව්?"
'ජේ කේ කියන්නේ ජන්ග් කුක් කියන එක එකතු කරලා. ජන්ග්කුකී ඒකට ආස නැද්ද?'
"ඒක ලස්සනයි සකුරා. ඒක හරිම ලස්සනයි. මට අද දවසම උනත් ඒක දිහා බලාගෙන ඉන්න පුලුවන් වෙයි".
' අද දවසම ඒක දිහා බලන් ඉදලා හෙට ස්කූල් එකේ ගිහින් නිදාගන්නද? '
YOU ARE READING
ON THE WAY TO AIRPORT | Jungkook |
Fanfictionඑදා එයාපෝර්ට් එකෙන් පටන් ගත්ත අපේ කතාවට මම වෛර කරන්න ඕනේද , නැත්තන් ආදරේ කරන්න ඕනේද කියලා මට තාම හිතා ගන්න බෑ.... - Jungkook