Thirteenth Mile

190 62 12
                                    

Jung Kook's POV

අපි හත් දෙනාම දොර දිහා බලන් හිටියේ කොයි වෙලේ හරි එතනින් කවුරු හරි ඇවිල්ලා අපිට ස්ටූඩියෝ එකට එන්න කියයි කියලා. අන්තිමට ඉන්ටවිව් එක පටන් ගන්න විනාඩි දහයක් තියලා දොර ඇරෙනකොට මට තේරුනා අපේ වෙලාව හරි කියලා. ඒත් ආව කෙනාගේ කටින් පිට උන වචන වලට මගේ හිත ආයේ බිදිලා යනකොට මට තේරුනා මගේ ඇස් වලට කදුලු එනවා.

"අද අපිට ඉන්ටවිව් එක කැන්සල් කරන්න වෙනවා"

නම්ජූන් හ්‍යුන්ග් එක පාරටම පුටුවෙන් නැගිටිනකොට ජින් හ්‍යුන්ග් මගේ අත අල්ලගත්තා. මම මොකුත් නොකියා බලාගෙන හිටියේ ඒ ඇහුන වචන මට හිනෙන් ඇහෙන දේවල් වගේ දැනුන නිසා.

"ඇයි මිස්ටර් ජොන්ග් එක පාරටම ඉන්‍ටවිව් කැන්සල් කරන්නේ?"

"ප්‍රෙස් කන්ෆරන්ස් එකේදි අගමැතිනිට ශූට් කරලා මරලා දාලා. දැන් ඒක එයා වෙන නිසා අපිට ඉන්ටවිව් එක කැන්සල් කරන්න වෙනවා. "

"ඒත් අපිට ආයේ ඒක රීශෙඩ්‍යුල් කරන්න පුලුවන් නේද?"

"මෙතන ඔයාලව ඉන්ටවිව් එකට ගත්තේ ඌනෝ බැන්ඩ් එකට අද එන්න බැරි නිසා අපිට ඉක්මනට කෝල් කරලා ගෙන්නගන්න පුලුවන් බෑන්ඩ් එකකකට හිටියේ ඔයාලා විතරක් නිසා. අපේ සෙට් ලිස්ට් වල මොකක් හරි වෙනසක් තිබ්බොත් ඔයාලට කතා කරන්නම්. දැන් ඔයාලට යන්න පුලුවන්."

මගේ ඇස් වලින් එකපාරටම කදුලු වැටෙන්න පටන් ගත්තේ මම ගොඩක් ආසාවෙන් බලන් හිටපු ඉන්ටවිව් එක කැන්සල් උන නිසාද, එහෙමත් නැත්තන් එකපාරටම බ්‍රෝඩ්කාස්ටින් ස්ටේශන් එකේ හිටිය ස්ටාෆ් එක ඉස්සරහා ලැජ්ජා උන නිසාද කියලා හිතාගන්න බැරි උනා. ඉකිගහන්නේ නැතුව මම කදුලු වලට වැටෙන්න දෙනකොට ජින් හ්‍යුන්ග් මගේ අතින් ටිශූ එකක් තියලා නැගිටලා ගිහින් නම්ජූන් හ්‍යුන්ග් එක්ක කතා කරන්න පටන් ගත්තා. ඒත් එක්කම අපි හිටපු රූම් එක ඇතුලට ආව සේජින් හ්‍යුන්ග් අපිට එන්න කියලා කතා කරනකොට අනිත් හැමෝම නැගිට්ටත් මම නැගිටින්නේ නැතුව වාඩි වෙලා හිටියේ  මට නැගිටලා යන්නවත් උවමනාවක් තිබ්බේ නැතු නිසා.

"ජන්ග්කුක්. තමුන් මෙතන පැලවෙන්නද කල්පනාව. ඉක්මනට එන්-"

"නම්ජූන්.! මම ජන්ග්කුක්ව අරන් එන්නම්. ඔයාලා යන්න."

ON THE WAY TO AIRPORT  | Jungkook  | Where stories live. Discover now