Episode 06

2.5K 477 100
                                    

දොරළග හිටපු කෙනාව දැක්කහම ටේහිගෙ ඇඟ සීතල වෙලා ගියා.. ලේඩිස් වොශ් රූම් එකේ පිරිමි කෙනෙක්.. ඒ මනුස්සයා දොරට හේත්තුවෙලා ටේහි දිහා බලන් හිටියෙ තොලකට ලෙවකන ගමන්.. ක්ලබ් එකට ආව වෙලාවෙ ඉඳන් ඒ මත්වුන ඇස් තිබුනෙ ටේහි ළඟ..
ටේහි තනිවුන වෙලාව අවස්ථාවක් කරගත්ත ඒ මනුස්සයා කෙල්ල පස්සෙන්ම වොශෲම් එකට ආවෙ වැනිවැනී...

" ක.. කවුද ඔයා.. මොනාද ලේඩිස් වොශ් රූම් එකේ කරන්නෙ... "

"මං මේක ඇතුලට ලස්සන කෙල්ලෙක් යනවා දැක්කා ඒකයි ආවෙ... " හරියට කෙලින් ඇවිදගන්නවත් බැරිවුනත් ඒ මනුස්සයා ටේහි හිටපු පැත්තට ආවා...

" පිස්සු.. "
තමන් ළගට එන මනුස්සයව පහුකරගෙන යන ගමන් ටේහි කිව්වෙ වැඩිය හිතන්නෙ නැතුව.. මොකද මනුස්සයට කෙල්ලෙක් තියා කෙලින් හිටගන්නවත් පණක් නෑ කියලා දැක්ක නිසා....

" ඒ ඔහොම හිටපන්... " දොර ඇරලා එලියට අඩිය තියනවත් එක්කම වෙරිමතින් හිටපු මනුස්සයා ටේහිගෙ අතින් ඇදලා අල්ලගත්තා...

" අතාරිනවා මාව... "  ටේහි කෑගහන  මනුස්සයා  ළඟින් අයින් වෙන්න හැදුවත්  හරිගියෙ නෑ...

මොන මරාලයක්ද මේ...
කොහොමද මෙතනින් පැනගන්නෙ....

" මට යන්න දෙනවා... "

" බෑ... ඔයාව යන්න ඕන තැනට අරගෙන යන්නම්.. "
කෙල්ලව ඇදිලා ගියේ club එකේ rooms තියන පැත්තට...

" නෑ.. මේ අහනවා.. මං ඒ වගේ කෙනෙක් නෙවෙයි අතාරිනවා... යන්න දෙනවා... "
ටේහි දගලලා දගලලා කොහොම හරි මනුස්සයගෙන් ගැලවෙලා දුවන්න ගත්තා.. මේ හරියෙ rooms තිබුන නිසා කවුරුත් එලියෙ හිටියෙ නෑ.. ආව කෙනා වැඩේකර ගත්තා නම් එතනින් යනවා මිසක් නවතින්නෙ නෑ.. ඉතින් මිනිස් චායාවක්වත් නැති කොරිඩෝව දිගේ ටේහි දුවන් යනකොට දාගෙන හිටපු හීල් එක පැටලිලා ඇදගෙන වැටුණා....

" ඔහ්.. kitten බලන්න ඔයාට දුවාගන්නවත් බෑනේ... එනවා යන්න... "

" අතාරිනවා.. මාව.. " කෙල්ල ගාවට ආව බීගත්ත මනුස්සයා ආයෙත් ටේහිව ඇඳන් යද්දි කඳුළු පිරිලා තිබ්බ ඇස්වලින් ඉල්ලුවෙ එයාව අතාරින්න කියලා..

" මොකද්ද මෙතන වෙන්නෙ.. "
තවත් කෙනෙක්ගෙ කටහඩක් ඇහෙනවත් එක්කම ටේහි වගේම බීගත්ත මනුස්සයත් ඒ ආව කෙනා දිහා බැලුවා..

Criminal Love [ Completed ]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin